iranama
ඔබත් මානසික ආතතියෙන්ද
මෙන්න ජ්‍යෙතිෂය විසඳුමක්
ප්‍රශ්නයක් නොමැති කෙනෙකු සෙවිය හැකිද? ඕනෑම පෘතග්ජන මිනිසෙකුටම එක් ප්‍රශ්නයක් නොව ප්‍රශ්න කීපයක් වුවද පැවැතිය හැකිය. එනම් ජීවිතය යනු ප්‍රශ්න වැලකි. ජීවත්වීම යනු මෙම කාලීන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමයි. මෙම ප්‍රශ්න තම පවුල් පසුබිම තුළ හෝ, රැකියා කරන ස්ථානය තුළ හෝ විය හැකිය.
මෙම ප්‍රශ්න දිගු කාලීන හෝ කෙටි කාලීන විය හැකිය. යම් පුද්ගලයකු දිගු කාලීනව යම් ගැටලුවකින් පෙළෙන්නේනම්, ඒ පිළිබඳ සිතමින් ඇතිවන කලකිරුණු ස්වභාවය සමඟ "මානසික ආතතිය" ඇතිවේ. මෙම මානසික ආතතිය උපරිම අවස්ථාවට ගිය විටදී, මානසික රෝගීන් පවා බිහිවන අවස්ථාවන් ඇත. යම් ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථා වලදී, එය දරා ගැනීමේ හැකියාව හා ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එය ඔබගේ කේන්ද්‍ර සටහනේ, ග්‍රහ පිහිටීම අනුව ප්‍රකාශ කළ හැකිය.
පෘතග්ජන මිනිසුන් හැටියට, මානසික ආතතිය ඇතිවන හේතුකාරණා ලෙස රැකියාවක් නොමැතිකම හා රැකියාව සම්බන්ධව ඇති වන ගැටලු, විවාහය ප්‍රමාද වීම හා විවාහ ජීවිතය සම්බන්ධ ගැටලුද එනම්, අනියම් සම්බන්ධතා, දරුඵල නොමැතිවීම, දෙදෙනාගේ අදහස් පරස්පර වීම, දරුවන් නිසා ඇතිවන ප්‍රශ්නද, ආර්ථික ප්‍රශ්න, ලෙඩදුක් ඇතිවීම, අධ්‍යාපනය සම්බන්ධව පැනනැගෙන ගැටලු, දෙමාපියන්ගේ ගැටලු හා අපේක්ෂාභංගත්වය සඳහන් කළ හැක. අද පවතින තරගකාරී ජීවන රටාව සමඟ "මානසික ආතතිය" යන්න කුඩා දරුවාගේ පටන් වැඩිහිටි පුද්ගලයන් දක්වා විකාශනය වන ගැටලුවක් බවට පත්වී හමාරය. මෙම මානසික පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස කායික හා මානසික නීරෝගීකම පුද්ගලයෙකුට අහිමි වෙයි.
මානසික ආතතිය ජෝතිෂ්‍යයට අනුගතව විග්රහ කිරීමේදී මෙයට බලපාන ග්‍රහයෝග, ග්රහපිහිටීම්, මහදශා, අන්තර් දශා, ග්‍රහයන්ගේ ගෝචර ගමන (විශේෂයෙන් ශනි) යන සාධක සියල්ල සලකා බැලිය යුතු වේ. මේ සඳහා බලපාන්නා වූ ග්‍රහයන්ගෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ග්‍රහයන් වන්නේ සඳු හා රාහු වේ. එසේම ලග්නාධිපති ගැනද සැලකිලිමත් විය යුතුය. මානසික ආතතිය හා පීඩනය කාලීන වුවත්, උම්මත්තකභාවය යනු දීර්ඝ කාලයක් පවතින රෝගී තත්ත්වයක් නිසා උම්මත්තක රෝග ජෝතිෂ්යයේදී වෙනමම සඳහන් වේ. ඒ පිළිබඳව විග්රහ කිරීම මෙම ලිපිය මගින් මා සිදුනොකරන අතර මානසික ආතතිය පමණක් විග්රහ කිරීමට බලාපොරොත්තු වෙමි.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සඳු දුර්වල වී, එනම් 6,8,12 ස්ථානයක (භාවයක) මකර, වෘශ්චික, රාශියක, අංශකයක (නවාංශකයක) ශනිගේ, රාහුගේ ස්ථාන වල ඇතිවිට ජන්මියාගේ මනස දුර්වල වේ. සඳු රාහුගෙන් පීඩිත වීමත්, මනස දුර්වල වීමට හේතුවේ. ගුරු දුර්වල වීම, එසේම ලග්නාධිපති දුර්වලවීම, ප්‍රශ්න වලට මුහුණදීමේ නොහැකියාව පෙන්නුම් කරයි. තවද ඉහත ග්‍රහයන් දුර්වල වුවද, ලග්නයේ (පළමු වන භාවයේ) ගුරු, බුධ පිහිටන්නේද, එසේම 10 වැනි භාවයේ රවි, කුජ පිහිටන්නේ උපචිත ස්ථාන වල පාපීන් බලවත්ද, එවැනි අයට ප්‍රශ්න හමුවේ නොසැලී සිටීමේ හැකියාව පවතී. එසේම පංච මහා පුරුෂයෝග වලින් ඉපදී ඇති ඡන්මීන්ටද (එම යෝග නිවැරදිව භාවානුරූපී වියයුතුය) ආතතියේ බලපෑම් කළමනාකරණය කරගැනීමේ හැකියාව පවතී. ඉහත සඳහන් කළ දුර්වල ග්රහපිහිටීම් ඇති පුද්ගලයන්ගේ දුර්වල ග්‍රහයන්ගේ මහදශා, අන්තර් දශා, සෙනසුරු ඒරාශ්ඨක වල මානසික පීඩනය, ආතතියක් දක්වා වර්ධනය වී උම්මත්තක තත්ත්වයකට පවා පත්වීමට ඉඩ ඇත.
මෙවැනි තත්ත්වයක් කල්තියා ජ්‍යෙතිෂයට අනුව හඳුනාගත හැකි හෙයින්, ඊට බලපාන්නා වූ ග්‍රහයන්ට අදාළව පිළිවෙත්, ප්‍රතිකර්ම, කිරීමෙන් ධර්මානුකූලව ජීවිතය හැඩගස්වා ගැනීමෙන්, තමාගේ උත්සාහය, මහන්සිය, වීර්යය තුළින් මෙම ගැටලුවෙන් මිදීම සඳහා පසුබිමක් සකස් කර ගත හැක.
ඉහත ග්රහපිහිටීම් අදාළ කරගන්නා වූ භාවයන්ට අනුරූපීව, ආතතිය කුමන දෙයක් පදනම් කරගෙන ඇතිවන්නේද යන්න නිර්නය කරගත හැක. එනම් රැකියාව, පවුල් සංස්ථාව, අධ්‍යාපනය, ප්‍රේමය, මිල මුදල්, භෞතික වස්තූන්, ලෙඩරෝග සහ සතුරන් ආදී දේවල් වේ. එම නිසා මෙම යෝග, ග්‍රහ පිහිටීම්, ග්‍රහ දෘෂ්ටි, ඒවාට අදාළ වන්නා වූ භාව, ග්‍රහයන්ගේ වර්ගයන්, නැකැත්, සියල්ල පදනම් කරගෙන සංකීර්ණ විග්‍රහයක් තුළින් පලාපල නිවැරදිව ගලපා ගත හැකිය. එසේම මෙම ඇතිවන මානසික තත්ත්වයන්, කෙටිකාලීනව පවතින්නේද, මානසික රෝගියෙක් බවට පත්වන්නේද යන්න එම පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම් වලට අනුව ප්‍රකාශ කළ හැකිය. මෙහිදී ජ්‍යෙතිෂවේදියා ඉහත සඳහන් කළ කරුණු වලට අනුව, ග්‍රහයන්ගේ බලදුබලතාවය, සියලු වර්ගයන් හා නැකැත් වලට අනුරූපීව බැලිය යුතු අතර, ඒ සඳහා ගතවන කාලය දීර්ඝ වේ. එසේම අනාවැකියද නිවැරදි වේ.
සමහර පුද්ගලයන් මෙම විෂයට අගෞරවය කරන අතර මෙම විෂය ඉගෙනගෙන, එය අත්හදා බලා, එය කොතෙක් දුරට සත්‍යයද? අසත්‍යයද? යන්න තීරණය කර එහි ගුණදොස් විචාරණය කළයුතු වේ. මෙම විෂය කාලයට යටත් වන සියලු දැ සම්බන්ධකරගෙන අනාවැකි පළකළ හැකි අතර, එය මිනිසුන්ගේ ජීවන ගමන මනාලෙස සැලසුම් කිරීමට උපකාරී වන විෂයක් වේ.
වැඩිදුර විස්තර සඳහා 0718602525, 0115248187
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks