iranama
ඔබටත් හදිසි අනතුරු යෝගයක් තිබේද?
මේ දිනවල හදිසි අනතුරුවලින් අපේ රටේ මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙසේ මියයන සංඛ්‍යාව වසර තිහක් යුද්ධය පැවැති කාල වකවානුවේදී දිනකට මියගිය සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් බව පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව පෙනීයයි.
ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන අන්දමට යම් තැනැත්තකු හදිසි අනතුරුවලට ලක්වී මියයැමට බලපානු ලබන ග්‍රහ පිහිටීම් එකක් දෙකක් නොව සිය ගණනක්ම වෙයි. හදිසි අනතුරු වශයෙන් හඳුන්වනු ලබන්නේ වාහනවලින්ම සිදුවන අනතුරු පමණක් නොවේ.
කෙසේ වෙතත් ඔබේ ලග්නයේ ලග්නය, ලග්නාධිපති, චන්ද්‍රයා හා රවි යන ග්‍රහයන් හතර දෙනාගෙන් තුන් දෙනකුවත් දුබල වී ඔවුන් පාපී ග්‍රහයන්ට මැදිවී අශුභ ග්‍රහයන් සිටීමකට හෝ දැකීමකට ලක්වේ නම් ඔබේ කේන්දරයේ හදිසි අනතුරු යෝගයක් ඇති බව වටහා ගන්න.
එමෙන්ම සෙනසුරු ලග්නයේම වී චන්ද්‍ර හෝ රවි හත්වැන්නට වී යමෙකු උපත ලැබුවහොත් 4 වැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි. එවැනි අය මියයන්නේ වාහනවලින් සිදුවන හදිසි අනතුරුවලින් නොව තාප්ප, කඳු, ගොඩනැඟිලි, යකඩ සුන්බුන් ආදියට යටවීමෙනි.
ඉහත ආකාරයටම ග්‍රහයන් තැන්පත් වී හතර වැන්නේ ජල රාශියක් යෙදුණහොත් ඔහු නියත වශයෙන්ම මියයන්නේ ජලයේ ගිලීමෙනි. එමෙන්ම කේන්දරයක අට වැන්නෙහි සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් සංයෝග වුවහොත් හෝ එම ග්‍රහයන් දකින්නේ නම් එම තැනැත්තා මියයන්නේද ජලයේ ගිලීමෙනි. ජ්‍යෝතිෂ මතයන්ට හා නියමයන්ට අනුව ඔහු වයස අවුරුදු 32 දී හෝ 39 දී මියයයි. පාපග්රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්මයක් ලැබුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් පැමිණි විට එම තැනැත්තා දියේ ගිලී මියයන්නේය.
එසේම යම් අයෙකුගේ කේන්දරයේ 6 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතර වැන්න දුබල වී නිම වූ අවස්ථාවක් වේ නම් ඔහු මියයන්නේද දියේ ගිලීමෙනි.
කේන්දරයක පස් වැන්නාධිපති, නව වැන්නාධිපති සමඟ පාප ග්‍රහයන් සමග සංයෝග වුවහොත් අටවැන්නාධිපති අටෙහි චන්ද්‍රයා නොදුටු යෝගයකින් උපත ලැබූවෙකු වේ නම් ඔහු නියත වශයෙන්ම මියයන්නේ නැව්, පාරුව හෝ ඔරුවෙන් ජලයට වැටීමෙනි.
මහ මග අතරමගදී හදිසි අනතුරකින් මියයැම කෙරෙහි පිහිටන ග්‍රහ යෝග වීමසා බැලීමේදී පස් වැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති නීච වී අඩු නැතිවම නීච ග්‍රහයන් දුටුවහොත් එම ග්‍රහයන් පස් වැන්නාධිපති නොදුටුවහොත් එම තැනැත්තා මිය යන්නේ මහ මග සිදුවන හදිසි අනතුරුවලින්ය.
අටවැන්නෙහි චන්ද්‍රයා හා රාහු යෙදී ලග්නයේ කෘර ග්‍රහයන් දුටුවහොත් ඒ රුදුරු (නපුරු) ග්‍රහයන් හෝ දශා කාලයේදී එම තැනැත්තා මිය යන්නේ ඔළුව හෝ බෙල්ල කැපීමකිනි. කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයෙක් දුටු විට ඔහු මිය යන්නේ ගින්නකට හසු වීමෙනි. එසේම ඔහුගේ බිරිඳගේ කේන්දරයේ කුජ වැනි නපුරු ග්‍රහයෙක් 7 වැන්නේ සිටියහොත් විවාහ වී වසර 7 කින් ස්වාමියා මිය යන්නේ ගින්නට හසුවීමෙනි. මෙම යෝගය වැන්ඳඹු යෝගයක් ලෙසද ජ්‍යෝතිෂයේ එක් තැනක ඉගැන්වෙයි.
අකුණු සර වැදී හදිසි අනතුරකින් මියයන පුද්ගලයාගේ කේන්දරයක කුජ, යුරේනස්, 7 වැන්නාධිපතිව 12 හි සිටියි. සුබ ග්‍රහයන් එම ස්ථානවල නොසිටීමද අකුණු සර වැදී මිය යැමට හේතුවකි. කුජ අට වැන්නේ සිටියදී රවි, කුජ ග්‍රහයන් මේෂ, සිංහ, ධනු වැනි රාශියක තැන්පත් වූ විට ඔහු මියයන්නේද අකුණු සර වැදී හෝ වෙඩි බෝම්බ වැනි ක්‍රමයකට ගොදුරු වීමෙනි.
කුජ ලග්නයෙහි යෙදී රවි ග්‍රහයා ශනිගෙන් පීඩා වුවහොත් ඔහු මියයන්නේද ගිණි අවි, බෝම්බ හෝ ගින්නකට හසුවීමෙනි. කුජ දෙවැන්නට පැමිණු නපුරු ග්‍රහයන් දුටුවහොත් හා දෙවැන්නේ සුබ ග්‍රහයන් නැත්තේ නම් ඔහු මිය යන්නේද ගිනි බයෙනි. මෙවැනි ග්‍රහ පිහිටීම් දුම්රියට පැන වාහනයකට පැන තමන් විසින්ම මරණයට පත්වීමටද හේතුවේ.
කේන්දරයක පස් වැන්නාධිපති 1, 5, 9 යන ත්‍රිකෝණ ස්ථානවල යෙදී ශනි හෝ රාහු සමග සංයෝග වුවහොත් ඔහුගේ මරණය ක්ෂණික මරණයකි. 9 වැන්නෙහි කුජ, ශනි, රාහු යන ග්‍රහයන් තුන්දෙනා සමඟ රවි යෙදී උපත ලැබුවහොත් අශුභ ග්‍රහයන්ගේ මහ දශා කාලයකදී ඔහු මියයන්නේ අවි ආයුධවලින් කැපුම් කෙටීම්වලින් ලද තුවාල හේතුවෙනි.
මේ ආදී වශයෙන් හදිසි අනතුරුවලට බලපානු ලබන ග්‍රහ පිහිටීම්, යෝග හා යෙදීම් ජ්‍යෝතිෂයට අනුව ඉතා විශාල සංඛ්‍යාවක් පිහිටයි. අද මේ ලිපියෙන් විස්තර කොට ඇත්තේ ඉතා බහුලව යෙදෙන ග්‍රහ පිහිටීම් හා ලක්ෂණ කීපයකි. කෙසේ වෙතත් ඔබේ කේන්දරයේ පිහිටන මෙවැනි ලක්ෂණවලින් ඔබ හදිසි අනතුරකට ලක්වන්නේද නොවන්නේද යන්න තීරණය කළයුතු වන්නේ දක්ෂ ජ්‍යෝතිෂවේදියකු ලවා ඔබේ කේන්දරය පරීක්ෂා කරගැනීමෙන් පසුව බව තරයේම මතක තබා ගන්න.
ජ්‍යෝතිෂවේදී -
දිනසේන රතුගමගේ
Wmqgd .ekSu