iranama
ඔබගේ පිං පවු කේන්ද්‍රයෙන් බලාගන්නේ මෙහෙමයි
ජ්‍යෙතිෂ විද්‍යාවේදී කර්මානුරූපී බලපෑම ග්‍රහයන්ට අනුරූපීව ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න විග්රහ වේ. මෙහිදී කර්මය යනු කුසල, අකුසල යන දෙකම වේ. එයට අනුව කුසල කර්මයේ බලපෑම තම කේන්ද්‍රයේ යහපත් ග්‍රහ පිහිටීම්වලින් පෙන්නුම් කරන අතර, අකුසල කර්මයේ බලපෑම කේන්ද්‍ර සටහනේ අයහපත් ග්‍රහ පිහිටීම්වලින් පෙන්නුම් කරයි.
මෙහිදී යහපත් ග්‍රහ පිහිටීම් ලෙස ග්‍රහයන් බලවත් වීම, (එම වර්ගයෙන්, නැකතෙන්, දෘෂ්ටි බලයෙන්, දිග් බලයෙන්, කාල බලයෙන්) යහපත් ග්‍රහ යෝග ආදිය සැලකිල්ලට ගත යුතුය. එසේම අයහපත් පිහිටීම් ලෙස ග්‍රහයන් දුර්වල වීම, අයහපත් ග්‍රහයෝග යෙදීම, දුර්වල ස්ථානවල යෙදීම, අශුභ දෘෂ්ටි වැටීම ආදිය වේ. ස්ථානීය දුර්වලවීමේදී ග්‍රහයන්ගේ නැකත, රාශිය, නවාංශකය ආදිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ අනුව අකුසලය හෝ කුසලය කුමන ආකාරයකින් සකස් වේ දැයි යන්න කේන්ද්‍රයට අනුව නිශ්චිතවම තීරණය කළ හැකිය.
දළ කේන්ද්‍රයක යහපත් ග්‍රහ පිහිටීම් තිබුණු පමණින් කිසිදු ශුභ ඵලයක් සිදුනොවූ අවස්ථා ද, අයහපත් ග්‍රහ පිහිටීම් තිබුණු විට ඉන් කිසිදු අයහපත් සිදුවීමක් සිදුනොවූ අවස්ථා ද දැකගත හැකිය. එයට හේතුවන්නේ එම ග්‍රහයන්ගේ බල දුබලතාව සියලු ආකාරයකින්ම විශ්ලේෂණය නොකර පලාඵල කථනය කිරීම මඟිනි. මෙහිදී කර්මානුරූපී බලපෑම, කුසලානුරූපී බලපෑම හා අකුසලානුරූපී බලපෑම යනුවෙන් දෙආකාරයකට හේතු වේ. මෙහිදී යහපත් කර්මයන්ගේ බලපෑම තමාට අනුරූපීව ගලපා ගැනීම සඳහා පුද්ගලයන්ට අදාළ වන ක්ෂේත්රයන් හැකියාවන් ලෞකික දියුණුව, ලෝකෝත්තර දියුණුව ආදී සියල්ල කර්මානුරූපීව සිදුවන බලපෑම අනුව සිදුවන ආකාරය, ජන්මපත්රය නිවැරැදි ලෙස පරීක්ෂා කිරීමෙන් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකිය.
ඒ ආකාරයටම අයහපත් ග්‍රහ බලපෑම්වලින් සිදුවන ජීවිතයේ කරදර, ලෙඩ රෝග, හදිසි අනතුරු, විවිධ පුද්ගලයන්ගේ වෙන්වීම්, කඩාවැටීම් ආදී සියල්ල පැවසිය හැකිය. මෙහිදී උත්පත්ති ග්‍රහ බලය, ග්‍රහයන්ගේ ගෝචර වීම, මහ දශා, අන්තර් දශාවල බලපෑම ආදී සියල්ල සූක්ෂම ආකාරයට පරීක්ෂා කළ යුතු වේ. මෙහිදී කර්මය තුළින් සිදුවන අයහපත් බලපෑම මඟහරවා ගත හැකි දැයි? යමෙකු ඇසුවොත් ඒ සඳහා පිළිතුර වන්නේ කර්මය තුළින් සිදුවන සමහරක් මඟහරවාගත හැකි වුව ද සමහරක් මඟහරවාගත නොහැකි බවයි.
මෙයට උදාහරණයක් ලෙස එක් අවස්ථාවක අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය වූ රෝහිණී හට කුෂ්ට රෝගයක් වැළඳුනි. මෙම හේතුව නිසා ඇය මහත් ලැඡ්ජාවට හා දුකට පත් විණි. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇයට අවවාද කළේ කුසල් කිරීමට ය. එවිට ඇය කුමන ආකාරයේ කුසල් කළ යුතු ද යන්න ඇසූ විට මහා සංඝයාට අසුන්හලක් සකස් කිරීමට ඇයට අනුශාසනා කළේය. එවිට ඇයට හිමි ආභරණ සියල්ල විකුණා තම නෑදැයන් ද සහභාගි කරවාගෙන දෙමහල් ගොඩනැඟිල්ලක් සාදවා මහා සංඝයාට පූජා කර උපස්ථාන කළාය. කිසිදු ඖෂධයකින් සුවනොවූ ඇයගේ කුෂ්ට රෝගය ක්‍රම ක්‍රමයෙන් සුවවන්නට විය. ගොඩනැඟිල්ල සාදවා අවසානයේදී බුදු හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේලා වැඩමවා උසස් අයුරින් දානයක් දුන්නාය. දානය අවසානයේදී බුදුරජාණන්වහන්සේ මෙම කුෂ්ට රෝගය වැළඳීමට හේතු වූ කර්මය පිළිබඳව අතීත කතාව වදාළ සේක.
එනම් පෙර භවයක බරණැස් රජුගේ අගමෙහෙසිය වූ රෝහිණී, එක් නාට්‍යාංගනාවක් සමඟ වෛර බැඳ වෙන පුද්ගලයකු ලවා උපායශීලී ලෙස ඇගේ ශරීරයේ කසබිලියා ගල්වා, ඇගේ යහනේ ද කසබිලියා ගල්වා, ඇයට දරාගත නොහැකි වේදනාවක් ලබාදුන් හේතුව මත ඇයට විපාක ලැබිණි. නමුත් ඉහත සඳහන් කුසලය හේතු කරගෙන පසුව ඇයගේ කුෂ්ට රෝගය සුවවී රන් රුවක් මෙන් බබළන්නට විය. පෙර භවයන් වල සිදුකරන ලද මෙවැනි අකුසල් මේ භවයේ සිදුකරන කුසල් මඟින් යටපත් කරගත හැකි බව මෙවැනි උදාහරණවලින් පැහැදිලි වේ.
එසේම සෝවාන් වීමට තරම් පිං තිබූ අජාසත්ත පසුව කරන ලද අකුසල් කර්ම නිසා එම අවස්ථාව ද ගිලිහී ගියේය. එයට හේතුව වූයේ කල්‍යාණ මිත්‍ර සේවනය නොලැබීමය. මුගලන් මහ රහතන් වහන්සේ ද සොරුන් ගෙන් පහරකෑමට ලක්වී පරිනිර්වාණයට පත්වීමට සිදුවීම ද මේ සඳහා උදාහරණයකි.
මේ ආකාරයට ජ්‍යෙdතිෂය තුළින් නිවැරැදිව කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීම තුළින් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට සකස් කර ගැනීමට පිටිවහලක් වන අතර අයහපත් ආකාරයට වන කර්මානුරූපී බලපෑම අවම කර ගැනීම සඳහා දාන ධර්ම පිංකම්වල යෙදීම යෝග්‍ය වේ. තවද ජ්‍යෙතිෂයට අනුව සිදුකරනු ලබන වත්පිළිවෙත් මඟින් ද මෙම අයහපත් බලපෑම අවම කර ගත හැකි වේ.
වැඩිදුර විස්තර සඳහා
071-8602525/0115248187 අංක අමතන්න
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks