iranama
උසස් පෙළ විභාගයට පිටත්වීමට සුබ නැකැත්
2015 අගෝස්තු 4 වැනිදා අ.පො.ස. උ.පෙළ විභාගය ආරම්භ වෙනවා. මතකය අවධි කරමින් ආත්ම විශ්වාසයෙන් විභාගයට මුහුණදීමට ශක්තිය ලැබේවායි පතමින් මෙම නැකැත් අනුව නිවෙසින් පිටත් වෙන්න.
2015 අගෝස්තු 4 වැනිදා ඇරැඹෙන අ.පො.ස. උ.පෙළ විභායට මුහුණදෙන ඔබට ජයග්රහණය පතා නිවෙසින් පිටවීමට සුබ මුහුර්ත පහත දැක්වෙයි.
එදින උදෑසන 5ට පෙර අවදි වන්න. 5.24 සිට 5.48 අතර කාලය තුළ බුදුන්ට මල්, පහන් පුදා තෙරුවන් නමැද පහත ගාථාව තෙවරක් කියන්න.
නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන
හෝතු මේ ජය මංගලම්
දෙවනුව "ධම්මෝ" යනුවෙන්ද, තෙවනුව "සංඝෝ" යනුවෙන්ද කියන්න.
අදාළ වේලාවට මවුපියන් නමැද ආශීර්වාද ලබා සුබ දිශාවට මුහුණලා දකුණු පය පෙරට තබා මෙම ගාථාව සිහිපත් කරමින් පිටවන්න.
ජයෝ මුනින්දස්ස සුබෝධි මුලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මයිහං
ඔබ ඉදිරියට එන මඟ ඔබගේ මව, පියා හෝ ඔබට වඩා ආදරය කරන අයෙක් සුදු මල් දැමූ ජල වීදුරුවක් රැගෙන ඉදිරියට පෙරමඟට සුබ නිමිත්ත සඳහා පැමිණෙන්නේ නම් ඉතා සුබයි.
Wmqgd .ekSu u