iranama
උදාවන අවුරුද්ද යහපත් එකක් වේවිද අයපත් එකක් ෙවිවිද.
2016 වසරේ ලග්න අය-වැය
කවුරුත් තමන්ගේ ධනය, බලය, තත්ත්වය වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වති. අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලබන විට අපේක්ෂා කරන්නේ උදාවන අවුරුද්ද ගත වූ වසරට වඩා යහපත් එකක් වේවිද යන්න ගැනය.
නැත්නම් කරදර බාධක, ධන හානි, ලෙඩ දුක්, නඩු හබ, පවුල් අවුල් යනාදී කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවේවිද යන්න ගැන චකිතයක් ඇතිවෙයි. අනාගතය ගැන අනාවැකි කීමට පේනකරුවන් නොවූවත් ජ්‍යොතිෂය ආදර්ශ කරගෙන පූර්ව නිගමනයකට ඒමට බොහෝ දෙනා උත්සාහ කරති.
පාර්ලිමේන්තු අය-වැයට වඩා දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඉදිරියේදී තමන්ගේ අයවැය ගැනය. එහිලා වැටුප, ව්‍යාපාරය, ආදායම අනුව ඇතැම්හු ගණන් හදති. එසේ වුවද ජනගහනය 12කට ඛෙදුවහොත් ලග්න දොළහෙන් කෙනෙකු එකකට අයත් වෙයි. එසේ තමන්ට අයත් ලග්නය, ග්‍රහ ගමන, ජන්ම අංකය, වසරේ ලග්න අය-වැය අනුව කිසියම් පූර්ව නිගමනයකට ඒමට හැකියි. තර්කයට යොමු නොවී බැලුවහොත් උත්සාහය, කැපවීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. මිනිසුන්ට නොසිතූ ප්‍රශ්න අනපේක්ෂිත අවස්ථාවල කඩා වැටෙයි. එනිසා මේවාට මුහුණ දීමට පෙනෙන මෙන්ම නොපෙනෙන ලෝකයේ ගනුදෙනුවක්ද පවතී.
2016 වර්ෂයේ ලග්න පලාපල අනුව ලග්න 5කට එතරම් යහපත් නොවන අතර ලග්න 2කට සුබ පල දෙයි. ලග්න 5කට මිශ්‍ර පල දෙයි.
සෑම කෙනෙකුගේම ලග්නය අනුව බලන විට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියේ වර්ෂය පුරාවටම ගමන් ගනී. මේෂ, වෘෂභ, මිථුන යන ලග්න 3ටත්, තුලා, වෘශ්චික, ධනු යන ලග්න 3ටත් අපල ගෙන දෙන කාලයකි. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ ශනි සිටින්නේ 8 වැනි රාශියේය. ධනු ලග්න හිමියන්ගේ ශනි 12 වැනි රාශියේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 1 වැනි රාශියේත් ගමන් ගැනීම නිසා ධන හානි, හදිසි අනතුරු, තදබල රෝග, වෘත්තීය කරදර, පවුලේ අසමඟිය, විවාහ ප්‍රමාදාදිය සිදුවෙයි.
2016 ජනවාරි 30 සිට රාහු කන්‍යා රාශියෙන් ඉවත් වී සිංහ රාශියේ ගමන් කිරීමට පටන් ගනී. වර්ෂ 1 1/2ක් ගමන් ගන්නා රාහු 2017 අගෝස්තු 17 වැනිදා කටක රාශියට එයි. කටක, සිංහ, කන්‍යා ලග්නවල අයට රාහු ගමන එතරම් සුබ පල නොදේ. මානසික අවුල්, ධන හානි, ඉක්මන් තීරණ නිසා පාඩු සිදුවෙයි.
තවද සිංහ, කන්‍යා, තුලා ලග්න හිමියන්ගේ රාශිවල කේතු, යුරේනස් ගමනද අනතුරු, ලේ දෝෂ, හතුරු කරදර පවා ගෙන දෙයි. කන්‍යා ලග්න හිමියන්ට පවුලේ අසමඟිය, නින්දා අපහාස, අභූත චෝදනා, නඩු හබ, නීති ප්‍රශ්න ඇතිවෙයි.
කන්‍යා ලග්න හිමියන්ගේ යුරේනස් සහ කේතු මේ වසර තුළ 7 වැනි රාශියේ ගමන් ගනී. මේ ගමනද හදිසි අනතුරු, අඹුදරු ප්‍රශ්න, ස්වාමියාට හෝ බිරියට අපල විපත්ද විය හැකියි.
2016හි ජ්‍යොතිෂ අනුව
අය-වැය සඳහන් කර ඇත්තේ මෙසේය.