iranama
ඉගෙනගන්න පුලූවන්ද බැරිද....?
කේන්දරයෙන් දැනගන්න
සාර්ථක ජීවිතයක අඩිතාලම අධ්‍යාපනය වේ. තම රැකියාව, ආදායම් ඉපයීම, ආදායම වියදම් කිරීම, ආදිය සඳහා බලපෑම අධ්‍යාපනය නමැති අත්තිවාරම මගින් සකස් වේ. අධ්‍යාපනයේදී අපගේ මූලික ගුරුවරු වන්නේ දෙමාපියන්ය. දරුවෙකුගේ අධ්‍යාපනය පිළිබඳ විග්‍රහයක් කිරීමේදී කෙනෙකුගේ මූලික අධ්‍යාපනය ඉතාම යහපත් ආකාරයට සිදුකර, උසස් අධ්‍යාපනය කඩාකප්පල් කරගත් අවස්ථා බොහෝ දැකගත හැකිය. උදාහරණයක් ලෙස 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉතාම ඉහළින් සමත් වී සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් වීම මෙහිදී පෙන්විය හැකිය. තවද ප්‍රාථමික අධ්‍යාපන කාලය තුළ කිසිදු දක්ෂතාවක් නොපෙන්වන දරුවන්, උසස් අධ්‍යාපනයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා උපාධි, පශ්චාත් උපාධි දක්වා අධ්‍යාපනය විකාශනය වන අවස්ථාද දැකගත හැකිය. මීට අමතරව තමාගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස අවසන් කර එනම් උපාධියද ලබා ගැනීමෙන් අනතුරුව ඉන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව කල් ගෙවන උපාධිධාරීන් බහුලව දැකගත හැකිය. ඉහත කරුණු කාරණා කෙසේ බලපාන්නේද යන්න තම කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීම මගින් දැක බලා ගත හැකිය.
කේන්ද්‍ර සටහනක, අධ්‍යාපනය පරීක්ෂා කිරීම සඳහා යොදාගනු ලබන්නේ 5 වැන්න, 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න, 5 වැන්නේ 9 වැන්න වූ ලග්නය හා ඉහත සඳහන් කළ ස්ථානවල පිහිටි ග්‍රහයන් ඒවායේ අධිපතීන් එම අධිපතීන් සිටි නවාංශකාධිපතීන්, ඉහත ග්‍රහයන් සිටි නැකැත් බුධ, ගුරු, කේතුගේ බලදුබලතාවය වේ. (රාශියෙන්, නවාංශකයෙන්, අවස්ථාවෙන් ආදී ඉහත සඳහන් කළ සියලු ග්‍රහයන්ගේ) මීට අමතරව කේන්ද්‍රයේ පිහිටි ඥන යෝග, කථික යෝග, ධාරණ යෝග, විවිධ වෘත්තිකයන් බිහිකරන යෝග ආදිය පරීක්ෂා කළ යුතු වේ.
එසේම අධ්‍යාපනයට අහිතකර ග්‍රහයන් වශයෙන් හඳුන්වන කුජ, රාහු, ශනිගේ හා එම ග්‍රහයන්ගේ මහදශා, අන්තර් දශාවල බලපෑම අධ්‍යාපනයට අහිතකර අතර ඉහත සඳහන් කළ කුජ, රාහු, ශනි, ප්රබලවීම තුළින් අධ්‍යාපනය උසස් අයුරින් සිදුවන යෝගද ඇත. මෙහිදී ග්‍රහයන්ගේ ප්‍රධාන වශයෙන් සෑම අංශයකම බලය මැනිය යුතුය. මෙහිදී ෂඩ් වර්ගයෙන් රාශි හා නවාංශකයට ප්‍රධානම තැන හිමි වේ. වර්ගෝත්තම ග්‍රහයා, එනම් එකම රාශියක හා එකම නවාංශකයක පිහිටි ග්‍රහයා සුබඵල දීම අනිවාර්යයෙන්ම සිදු වේ. මා සතු අත්දැකීම් මත, නීච වූවන් සුබ පල දෙන අවස්ථා කොතෙකුත් දැක ඇත. ඉහත සඳහන් කළේ කර්මානුරූපීව කෙනෙකුගේ අධ්‍යාපනය කුමන අයුරකින් සිදුවීමට වාසනාව තිබේද යන්නයි. ඉන් අනතුරුව අධ්‍යාපනය ලබන අවස්ථාවේදී ලබන මහ දශාව, අන්තර් දශාව, ඉතා වැදගත් වේ. ගුරුගේත්, බුධගේත් අන්තර් දශාව, ඉතා වැදගත් වේ. ගුරුගේත්, බුධගේත්, අන්තර් දශාව තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අවස්ථාවක් දක්නට ලැබේ. එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමනද වැදගත් වේ. එහිදී ගුරු, බුධ ඉහත සඳහන් ස්ථාන වන ලග්නය, 5 වැන්න, 9 වැන්න යන ස්ථානවල ගෝචර වන විට ජන්මියාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඊට අමතරව ඉහත ග්‍රහයන් ජන්ම ලග්නයට සුබයන්ද, අසුබයන්ද යන්න තීරණය කළ යුතු වේ. ඉහත ග්‍රහ පිහිටීම්වලට ග්‍රහයන් ප්‍රබල වී උච්ච, ස්වක්ෂේත්ර, මුල ත්‍රිකෝණ, මිත්‍ර රාශිගත වී ඇත්නම් ජන්මියා අධ්‍යාපනයත් සමඟ අගනාකම් සහිත පුද්ගලයෙක් බවට පත්වේ. කෙසේ නමුත් අධ්‍යාපනය කුමන අංශයකින් කළ යුතුද යන්න ඉහත ග්‍රහ පිහිටීම සැලකිල්ලට ගෙන තීරණය කළ හැකි වේ.
මෙහිදී අධ්‍යාපනය ලබන කාලවලදී ග්‍රහ අපල පවතීනම් (අන්තර් දශා, මහ දශා, ගෝචර ගමන මගින් ඇතිවන ඒරාෂ්ටක ආදිය) බලා ඒ සඳහා අදාළ කාලයන්වලට පිළිවෙත් කළ යුතුය.
මෙම අපල සඳහා කෙසේ පිළිවෙත් කළද ජන්මියා හට අධ්‍යාපන උරුමයක් නොමැතිනම් ඒ තුළින් ප්‍රතිඵල ලැබිය නොහැක. අධ්‍යාපනය යනු පොතට අදාළ වන දෙයක් පමණක් නොවන අතර ජීවිතය පුරා සිදුවන්නා වූ, ඒකරාශි කරගන්නා වූ දැනුම් සම්භාරයයි. අධ්‍යාපන සුදුසුකම් කිසිවක් නොමැති පුද්ගලයන්, ලෝකයේ ජාත්‍යන්තර ව්‍යාපාරවල හිමිකරුවෝද වෙති. එයට හේතු වන්නේ අධ්‍යාපන යෝග නොමැති වුවත් ධන යෝග පිහිටා තිබීමයි.
තවද තමන්ගේම උත්සාහය තුළින් අධ්‍යාපනය ජයගත් පුද්ගලයන් සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. මෙහිදී හිත එක අරමුණක තබා වැඩ කිරීමට ඇති හැකියාව ඔවුන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී මනාව ඔප්පු වේ. ග්‍රහයන්ගේ අපල සඳහා අදාළ පිළිවෙත් කිරීම හා සරස්වතී මෑණියන්, ගණ දෙවියන් වන්දනා කිරීම මගින්ද අධ්‍යාපනයේ ඇති ජයග්‍රහණ ලබාගත හැකිය. මෙහිදී බුදුන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කළ ආකාරයට මනුෂ්‍යයන් විසින් අමනුෂ්‍යයන්ට (දෙවියන්ට) පුද පඬුරු පනවත්ද? නොපමාව ඔවුන් ආරක්ෂා කරන ලෙස බුදුන් පවසා ඇත. ඒ ආකාරයට දෙවියන්ගේ ආශීර්වාදය ලබාගත හැකි අතර අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා සරස්වතී හා ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගත හැකිය. මෙහිදී ජන්මියාගේ අධ්‍යාපනය සඳහා උනන්දුව, කැප කිරීම ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ සඳහා ඉහත සඳහන් කළ දෙවියන් නමැදීම තුළින්, භාරවීම තුළින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. දෙවියන්ගෙන් පිහිටක් ලබා ගැනීමේදී ලෞකික දියුණුවක් ලබාගත හැකි අතර ලෝකෝත්තර දියුණුවක් ලබාගත හැකි වන්නේ තමාගේ උත්සාහයෙන් පමණි.
අධ්‍යාපනය ලබන කාලවලදී අලසකම, නිදිමත, අමතක වන ස්වභාවය වැනි කරුණු ග්‍රහයන්ගේ බලපෑම මත සිදුවන අතර ඒ සඳහා තම කේන්ද්‍රයේ ග්‍රහයන්ට කරන වත් පිළිවෙත් මගින් එය අවම කරගත හැක. නමුත් යාන්ත්‍රික අධ්‍යාපනය මත පමණක් පදනම් වූ ශිෂ්‍ය ප්‍රජාවක් බිහිවී ඇත. මෙහිදී අධ්‍යාපන කටයුතු මෙන්ම, විෂය බාහිර කටයුතුවලටද යොමු කිරීම තුළින් මනා හික්මීමක් හා ප්‍රශ්න හමුවේ නොසැලී මුහුණ දිය හැකි දරුවෙකු බිහි කිරීම සඳහා වගකීම ඇත්තේ තම දෙමාපියන්ට වේ. මෙහි ශෝචනීය පැත්ත වන්නේ අධ්‍යාපනය අඩාල වීම මත, එය දරුවන්ට දරාගත නොහැකිව, මානසික ගැටලුවලට පවා මුහුණ පාන්නට සිදුවීමයි. මෙහිදී තවද බුද්ධිමත් දෙමාපියන් වශයෙන් ඔබ කළ යුත්තේ තම දරුවාගේ අධ්‍යාපනය ඔහුගේ කේන්ද්‍ර සටහනේ පෙන්වන දිශාවට අනුගතව හා තම දරුවාගේ කැමැත්ත මුල්කරගෙන අධ්‍යාපනය සඳහා බාධා පවතීනම් ඒ සඳහා පිළිවෙත් සිදුකර, දරුවාට පිහිටවනවා මිස දෙමාපියන්ගේ කැමැත්ත පරිදි තම දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරිවරයෙක් හෝ නීතිඥවරයෙක් කරවීම සඳහා දරුවාව යාන්ත්‍රීකරණය නොකිරීමයි.
විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
වැඩි දුර විස්තර සදහා 0718602525/0115248187.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks