iranama
ඇත්තටම සෙනසුරු මාරුව කවදාද?
මාරුව අපල නම් කළයුතු ශාන්ති කර්ම ලබන සතියේ
ජ්‍යෙතිෂ සේවාව දිනෙන් දිනම අමාරු කාරියක් බවට පත්වෙමින් තිබේ. අදට අවුරුදු තිහ හතලිහකට පෙර නම් එය එසේ නොවීය. කරදරයකට පත් වූ ගම්වැසියෙකු නැතහොත් රාජ්‍ය නිලධාරියෙකු වුව දෛවඥයාගේ නිවසට එන්නේ බුලත් හුරුල්ලක් අතේ ඇතිවය. එය පිළිගන්නා මේ ගෞරවනීය වෘත්තිකයා පියවර මැන වේලාව ගනී. බුලත් පරික්ෂා කරයි. කේන්දරය හදයි. එය ලියන පුස්කොල හඳහන අවුරුදු දාහක් වුවත් පවතී. ආපු කාරණයත් පලාපලත් කියයි. ලෙඩෙක් නම් ලෙඩේ මොකක්ද? වෛද්‍යවරයා සුදුසුද බේත් ලැයලාද නැත්නම් ලෙඩේ අසාධ්‍ය වෙලා රෝගියා මැරේද ආදියත් එසේ නැතිනම් කළ යුතු පිළියමත් කියයි. අඩ හෝරාවකින් වැඩේ නිමවෙයි. එදා නිරෝගී මිනිසුන් බිහි වෙන්නටත්, ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කරන්නටත් ජ්‍යෙතිෂය පිහිට වූ බවට විවාදයක් නැත.
අද එසේ නොවේ. ගමට වේලාව හදන්නේ එංගලන්තයේ ග්රිනිඒ ඔරලෝසුවට අනුවය. ඒ නිසා ගමෙන් ගමට වේලාව වෙනස්ය. කේන්දර හදන්නේ පරිගණකයෙනි. බොහෝ විට ජ්‍යෙdතිර්වේදීන් වෙනුවට සිටින්නේ යහමින් අතමිට ගැවසෙන මුදලාලිලාය. ජ්‍යෙතිෂ පංති බිම්මල් මෙන් බිහි වී පරවී යයි. මේ තත්ත්වය වඩාත් ප්‍රකට වූයේ අපේ ශිෂ්‍යාවක් දුරකථනයෙන් අසන ලද ප්‍රශ්නයක් නිසාය.
"සර් - හරි වැඩේනෙ සෙනසුරු මාරුව 26 වැනිදා නෙවේ.
කියනවනේ"
"කව්ද කියන්නෙ?"
" අහවල් මහත්තය ඔඪ එකේ. එයා කියන්නෙ සෙනසුරු මාරුව ජනවාරි 9 කියලනේ."
" හැබෑට?"
" ඔව් ඔව් මාරුව ජනවාරි 9 වැනිදාලු, හැබැයි අපට පේන්නෙ 26 වැනිදලු"
නැකත සංස්කාරතුමා ද මට කතා කළේ ඉන්පසුවය. සෙනසුරු මාරුව ගැන විවිධ මත ඇත. සොයා බලා ජනතාව දැනුවත් කළ යුතුය. මම සොයා බැලුවෙමි. ලංකාවේ ප්‍රසිද්ධ ලිත් කිහිපයක්ම පළවේ. ඈපා ලිත, ලංකා ලිත, සිංහල පංචාංග ලිත, ඉසිතර ලිත, ඒවායේ සෙනසුරු මාරුව මෙසේ සඳහන් වේ.
ඈපා ලිත (වසර 162 පරණය) - ශනි මාරුව ජනවාරි 26 රාත්‍රි 7.30 ධනු
ලංකා පංචාංග ලිත ජනවාරි 26 රාත්‍රි 7.19 ධනු
සිංහල පංචාංග ලිත ජනවාරි 26 රාත්‍රි 7.30 ධනු
ඉසිතර ලිත ජනවාරි 26 රාත්‍රි 7.31 ධනු
දෙමල භාෂාවෙන් පළවන ලිත් ද තිබේ. මම ශ්‍රී ස්කන්ධකුමාර කෝවිලේ ප්‍රධාන පූජකතුමා හමු වුණෙමි.
"යාපනේ පංචාංග ලිත් දෙකක් තියනවා. ඒවායෙත් පුංචි වෙනස්කම් තියනවා." එතුමා කීවේය. ලංකාවේ ජ්‍යෙdතිෂයට ඉන්දියාවේ විශාල නෑ කමක් තිබේ. මම ඈපා ලිතේ කර්තෘතුමා ඇමතුවෙමි. අයනාංශවල වෙනස්කම් මත මේ ගණනය කිරීම්වල පුංචි වෙනස්කම් වීමට ඉඩ ඇතත් දැනට ලංකාවේ පළවන ලිත් ජාත්‍යන්තර අයනාංශ ක්‍රමවල ප්රමිතීන් අනුව ගනින බවත් එතුමා කීහ. අයනාංශ යනු අපගේ හිතවත් පාඨකයන්ට ජ්‍යෙdතිෂ පාඩමකි. එහෙත් විවිධ ඉන්දියානු ජ්‍යෙdතිෂ විශාරදයන් අයනාංශ ගන්නා හැටි මෙසේය. දැන ගැනීමට සටහන් කරමි.
වර්ෂ 1900 ජනවාරි 1
ලහිර් ඉන්දියානු ලිත 22 27 59
හින්දු ජ්‍යෙdතිර් ගණිතය 18 39 25
බී. වී. රාමන් මහතා 20 59 11
ක්රිෂ්ණ මූර්ති/ මහාබලාලිත් 22 22 9
සූර්ය සිද්ධාන්තය 21 39 49
මේ අනුව පෙනෙන්නේ අයනාංශ ගැන විවිධ සෘෂිවරුන්ගේ මත අතර ද වෙනස්කම් ඇති බවය. මේ හැර බටහිර තාරකා ගණිතය අනුව තවත් වෙනස් කම් පවතී. ඉතිං මේ අයට අනුව ශනි මාරුවන දිනයන් පුංචි වෙනස් කම් තිබිය හැකිය.
කුමක් හෝ වේවා අපේ ඇත්තේ පැරණි ජ්‍යෙdතිෂය හා පලාපල ක්‍රම වන්නේය. ජ්‍යෙdතිෂය පදනම් කර ගන්නේ ඉතා ශුක්ෂ්ම උපකරණවලින් දකින අහස නොව පියවි ඇසට පෙනෙන ආකාරයයි. ග්රහයෙකු රක්න වර්ණයෙන් නැතහොත් කළු ලප සහිතව, මනා එළියෙන් යුක්තව ආදී වශයෙන් පෙනෙන විට ප්‍රතිඵල මේ මේ ආකාරයෙන් වන්නේ යෑයි පුරාණ ග්‍රන්ථවල දක්වා තිබේ. ඒ දුරේක්ෂවලින් නොව පියවි ඇසට පෙනෙන ආකාරයයි.
කෙසේ නමුදු දින කිහිපයක් වෙනස් වුවද ශනි මාරුවෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් වන්නේ නැත. බොහෝ ජනමාධ්‍ය ඔස්සේ සෙනසුරු මාරුව ගැන පලාපල ලියන විට සෙනසුරු මෙන්ම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කරන ගුරු රාහු කේතු ආදී ග්‍රහයින් ගැනද නොසලකා හැරිය හැකි නොවේ. මේ අනුව ලංකා කේන්ද්‍රයේ එකොළොස්වැන්නේ ශනි ගමන් කරන අතර දෙවැන්නේ කුජත් අටවැන්නේ ගුරුත් ගමන් කිරීම ගැන ද විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වේ.
ශනි එකොළහට මාරුවීම සුබදායකය. එය කම්කරු ජනතාවට යහපත් තත්ත්වයක් උදාකරනවා ඇත. එහෙත් දෙවැන්නේ කුජ හා අටේ ගුරු බරපතල ආර්ථික ප්‍රශ්න රටට ඇති කරන බව අමතක කළ යුතු නොවේ. රාජ්‍ය වියදම් ඉහළ යනු ඇත. දරුවන් හා ශිෂ්‍යයන්ට කරදර කාලයක් බවද පෙනේ. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම විශ්වවිද්‍යාලවලද කැලඹීම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම විශ්වවිද්‍යාලවලද කැලඹීම් ඇතිකරන කාලයක් උදාවේ. නියඟයක ග්‍රහචාරය වෙනස් වී නැත.
ශනි මීට පෙර ලංකා කේන්ද්‍රයේ ධනු රාශියේ ගමන් කළේ 1987-1990 අතර සහ 1958-1960 කාල පරිච්ඡේදවල වේ. මේ කාලයන් කාටත් මතක ඇත. 1989 යනු මේ රටේ භීෂණ කාලයකි. 1959 රටේ අගමැතිවරයා වන බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කළ කාලය වේ. එමෙන්ම මේ කාලයේ ගුරු තුලා රාශියේ සිටියේය. මේ වසර අගදීද ගුරු (සැප්තැම්බර් 12) තුලා රාශිගත වෙයි.
සෙනසුරු මාරුව ගැන ජනතාව විශාල සැලකිල්ලක් දක්වන බව නොරහසකි. ඊට හේතුව දැනට පවතින අපල නිමවේද? යන බලාපොරොත්තුව සහ අපල කාලයක් උදාවේද? යන බියයි. ජනතාවට ග්‍රහ අපල ගැන කියා බියට පත්කිරීම ජ්‍යෙdතිර්වේදියාගේ කාර්යය නොවේ. දක්ෂ වෛද්‍යවරයා රෝගයත් ඊට ප්‍රතිකර්ම හා ඖෂධත් ලබා දෙන්නාක් මෙන් ජ්‍යෙdතිෂ ගැන අපල ඇත්නම් ඊට ප්‍රතිකර්මද කියා දීම වගකීමකි.
කෙසේ නමුත් උපන් ලග්න අනුව ජනවාරි 26 දින සිදුවන ශනි මාරුව කරන බලපෑම හා ඊට ප්‍රතිකර්ම සලකා බලමු.
මේෂ
මේෂ ලග්න හිමියන්ගේ සෙනසුරු මාරුව අපල කාලයක් නිමාවීමේ ආරම්භය වනවා ඇත. එහෙත් මේෂයේ අගම නවාංශකවල උපන් අයටද සඳු නමවැන්නේ හෝ දෙවැන්නේ සිටි අයටද අපලය තවදුරටත් බලපානවා ඇත. අන් අයගේ ගෘහ ජීවිතයට තිබූ බාධා ඉවත් වීමද රැකියා බාධා ඉවත්වීමද ක්‍රමයෙන් සිදුවන්නේය.
වෘෂභ
සෙනසුරු අටවැන්නට මාරුවෙයි. එහෙත් ජුනි 21 හා ඔක්තෝම්බර් 26 අතර කාලය නැවත ආපසු 7 ගමන් කරන කාලය අපල නොවේ. ඔබේ සුබ කටයුතු මේ නිසා ජුනි - ඔක්තෝබර් අතර යොදා ගන්න. සඳු ලග්නයේ හෝ අටේ නම් අපලදායක වේ. ඊට අවශ්‍ය ශුභ ශාන්ති කර්ම කර ගන්න.
මිථුන
සෙනසුරු මාරුව සිදුවන්නේ හත්වැන්නට නිසා බරපතල අපල ඇති කරන්නේ නැත. එහෙත් සඳු හයේ හෝ හතේ තැන්පත්ව සිටියදී උපන් අයට තරමක් අපල යෙදේ. එවිට තැන්පත් ධනය වැයවීම, ගෘහ ජීවිතයේ ගැටලු, සෞඛ්‍ය ගැටලු ආදී අපල ඇති කරයි. සැප්තැම්බර් 12 සිදුවන ගුරු පස්වැන්නට මාරුවීම රැකියා ලාභ විවාහ ලාභ හා හවුල් ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතු වේ.
කටක
ඔබේ ලග්නයේ සෙනසුරු පස්වැන්නේ සිට හයවැන්නට මාරු වේ. දරුවන් පිළිබඳව තිබූ ගැටලුවලට විසඳුම් ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් වේ. සතුරන්ගෙන් ජය ලැබේ. මේ අතර උපතේ දී සඳු පහේ හෝ හයේ සිටි අයට තරමක් දුරට ඒරාෂ්ටක අපලය යෙදේ. එසේ නම් ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම මැනවි.
සිංහ
දැනට හතරේ ගමන් කරන ශනි මාරුව සිදුවන්නේ පස්වන විද්‍යාස්ථානයට නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අන්දමින් සෞඛ්‍ය ගැටලු විවාහ යෝජනාවලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. මේ අපල අධික වන්නේ සඳු හතරේ හෝ පහේ සිටි අයටය. වසර අගවන විට කාර්ය බහුල තත්ත්වයන් ඇතිවේ.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ගේ ශනි තුන්වැන්නේ සිට ජනවාරි 26 හතරට මාරු වී නැවත ජුනි 21 තුන්වැන්නට එනු ඇත. එබැවින් ජුනි 21 ඔක්තෝම්බර් 26 අතර ගෘහ ජීවිතයට අදාළ සුබ කටයුතු යොදා ගැනීම සුදුසු වේ. සඳු හතරේ තැන්පත්ව සිටි අයගේ ඒරාෂ්ටක අපලය යෙදෙන නිසා ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම මැනවි.
තුලා
දෙවැන්නේ ගමන් කරන ශනි තුන්වැන්නට ගමන් කිරීම සුබපල උදාකරයි. පවුල් ජීවිතය සාර්ථක වේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. නමුත් ජුනි 21 ඔක්තෝම්බර් 26 අතර නැවත දෙවැන්නට ශනි මාරුව සිදුවන නිසා ඒ කාලයට සුබ කටයුතු ආරම්භ කිරීම සුදුසු නැත.
වෘශ්චික
ඔබේ ඒරාෂ්ටක අපල කාලයක නිමාව ගැන සතුටු විය හැකි වේ. භාග්‍යය, වාසනාව උදාවෙයි. නමුත් ජුනි ඔක්තෝම්බර් අතර නැවත ශනි ලග්නයේ ගමන් කරන නිසා ඒ කාලය තුළ ශනි අපලයට අදාළ ශාන්ති කර්ම කරවා ගැනීම මැනවි.
ධනු
දැනට දොළහේ සිටින ශනි ජනවාරි 26 සිට ජුනි 21 දක්වා ලග්නයටත් නැවත ඔක්තෝබර් 26 දක්වා දොළොස්වැන්නටත් මාරුවේ. ලග්න ඒරාෂ්ඨකය වන මෙය බලවත් වන්නේ උපතේදී සඳු ග්‍රහයා 12 හෝ ලග්නයේ නම් පමණි. සැප්තැම්බර් 12 සිදුවන ලග්නාධිපති ගුරු එකොළහට මාරුවීම සුබපල උදාකරයි.
මකර
ලග්නාධිපති ශනි 12 ට මාරු වී ගමන් කරන ජනවාරි 26 ජුනි 21 අතර කාලයද ඔක්තෝබර් 26 පසු කාලයද එතරම් සුබ නොවේ. එහෙත් විදේශ ගමන් සාර්ථක විය හැකියි. වියදම් ඉහළ යනවා ඇත. උක්ත කාලය තුළ සේවක ගැටලු ඇතිවීමටද ඉඩ තිබේ. ශනිට අදාළ ශාන්ති කර්ම කර ගැනීම යහපත්ය.
කුම්භ
කුම්භ ලග්නය හිමි අයට ශනි මාරුව නිසා සුබපල උදාකරයි. රැකියා හා ව්‍යාපාර අංශවල තිබූ ගැටලු විස¹ ගත හැකිවේ. සේවක සහයෝගය ලැබේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා උදාවේ. සැප්තැම්බර් 12 සිදුවන ගුරු මාරුව තවත් සුබදායක වනවා ඇත. ආදායම් තත්ත්වය වර්ධනය වේ.
මීන
මීන ලග්නය හිsමියන්ගේ සෙනසුරු දහයට මාරු වී නැවත ජුනි 21 නවයට ආපසු පැමිණේ. රැකියා අංශවල තරමක බාධා, සේවක ගැටලු ඇති වීමට ඉඩ ඇත. එහෙත් ගෘහ ජීවිතය පිළිබඳව බරපතල අපල නොවේ. සඳු උපතේදී 9 හෝ 10 සිටින අයට ඒරාෂ්ටක අපලය යෙදෙන නිසා ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම යහපත්ය.
ඉහත දක්වන ලද්දේ පොදු ලග්න පලාපලයකි. දැනට ගත කරන දශා ආදිය අනුව මේ අපල ඉහළ පහළ යැමට ඉඩ තිබේ. කෙසේ නමුත් පුද්ගලික කේන්ද්‍ර පරීක්ෂා කරගැනීම කාටත් යහපත්ය. ශනි ඒරාෂ්ටක අපලය යටපත් කර ගැනීමට පහත ක්‍රම අනුගමනය කිරීමෙන් පුළුවන.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
වැඩි විස්තර සදහා - 035 2232084/ 077 1234313
divaina.com