iranama
අලුත් ග්‍රහචාරයෙන් රටේ පලාඵල මෙන්න
රජය හා සමාජය අයිතිකාරයෙක්,
නියමුවෙක් නැතිව අයාලේ යන
අබලන් වාහනයක්...
ප්‍රවීණ ජ්‍යෙdතිශාස්ත්රඥ ආචාර්ය
පියසේන රතුවිතානගේ විග්‍රහය
ඉර හ`ද සෙවණ යට මිහිතලය මත ජීවත් වන අපි මේ ගෙවා දමමින් සිටින්නේ ''ප්‍රභවා" 60 වසර'' අතරින් අභාග්‍යසම්පන්න වසරක් වන ''දුර්මුඛ'' වසරයි. 2016 අප්‍රේල් මසින් ඇරඹි මෙම වසර 2017 අප්‍රේල් මසින් අවසන් වෙතත් ඉන් පසුව උදාවන වසර වන ''හේමලම්භී'' වසරද රටට ජනතාවට හා පාලන තන්ත්රයට සුබපල ගෙනදෙන වසරක් ලෙස ජ්‍යෙdතිෂය නොසලකයි. මේ අතරතුර සෙනසුරුගේ රාහුගේ සහ බ්‍රහස්පතිගේ බලපෑම ශ්‍රී ලංකාව කෙරෙහි සෘජුව එල්ල වෙමින් රෝග බිය, ආර්ථික අවපාත, සමාජ කැළඹීම්, දේශපාලන අස්ථාවර භාවයන්, අයහපත් විදේශීය අතපෙවීම්, දේශගුණික විපර්යාසයන්, හදිසි අනතුරු, ස්වාභාවික විපත් ආදී විපරීත තත්ත්වයන් ඇතිවිය හැක.
ශ්‍රී ලංකාවට මෙවන් ග්‍රහචාරයන් උදාවූ අවස්ථා වලදී මුහුණ පාන්නට සිදුවූ විපත්තිදායක තත්ත්වයන් පිළිබඳව ඓතිහාසික සාක්ෂිද බොහෝමයකි. වලගම්බා රජ දවස ඇතිවූ ''බැමිණිටියා සාය'' විපත්තියද කන්ද උඩරට අවසාන රාජධානිය සමයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරබාරයට පත්වූයේද මෙවන් ග්‍රහචාරයක් රටට බලපා තිබියදී වීම විශේෂත්වයකි. පසුගිය මාස කිහිපය තුළ රටේ ඇතිවූ කලබලකාරී වාතාවරණය දේශපාලන කැලඹීම්, රිය අනතුරු, දියේ ගිලීම් නිසා අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබූ පුංචි දරුවන්ගේ මරණ ආදිය මේ තත්ත්වය විග්රහ කිරීමට අපට සාධක ලෙස ගත හැකිවේ.
2017 අප්‍රේල් 26 වැනිදා අපරභාග 7.39 ට මෙතෙක් කලක් වසර 30 ක් වෘශ්චිකයේ තිබූ සෙනසුරු ධනු දක්වා මාරුවීම සිදුවූයේ බලපා තිබූ තත්ත්වයේ යම් වෙනසක් ඇති කරවමිනි. එසේම වසර 12 ක් එක තැන තිබූ බ්‍රහස්පති මෙන්ම වසර 18 ක් බලපා තිබූ රාහු මේ වසර තුළදීම මාරුවීමට නියමිත නිසා අපේ බොහෝ දෙනා මේ ''ග්රහමාරුව'' දෙස ඉතා සුබවාදීව බලන්නට පටන් ගත්හ. එහෙත් මේ ග්‍රහමාරුවීම් දෙස බලා යම් විනිශ්චයක් නිවැරැදිව ගත හැකි වනුයේ රටේ, රට කරවන මැති උතුමන්ගේ හා ඔවුන්ව මෙහෙයවන ප්රතිපත්තිවලින් පිරි පක්ෂවල කේන්ද්‍ර සමග මේ ග්‍රහමාරුවීම් සසඳා බලද්දී බව මා පළමුව කිව යුතුව පවතී.
ජනවාරි 26 වැනිදා රාත්‍රියේ වෘශ්චිකයේ සිට ධනු රාශිගත වූ සෙනසුරු ශ්‍රී ලංකාවට කෙසේ බලපාන්නේද කියා විමසීමට රටේ ලග්නය වන කුම්භ ලග්නයත් රට කරවන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂවල කේන්ද්රත් සමඟ සසඳා බැලිය යුතුවේ. 1951 සැප්තැම්බර් මස 3 වැනිදා උදේ 9.05 පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලා ලග්නයට අයත්ය. ඊට උත්‍රපල නැකත හිමිය. එසේම එක්සත් ජාතික පක්ෂයේ කේන්ද්‍රය කුම්භ විය. ඊට අදාළ නැකත පුවසල නම් වීය. ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය ද කුම්භයේම විය.
මේ ග්‍රහ මාරුව අනුව සෙනසුරු පැමිණ සිටියේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයේ 11 වැන්නටය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කේන්ද්‍රයේ නම් 3 වැන්නට පැමිණ සිටියේය.
මෙබඳු තත්ත්වයක් මීට පෙර ශ්‍රී ලංකාවට උදාවී තිබුණේ 1989 දෙසැම්බර් 17 වැනිදා උදේ 2.46 ටය. එදාට පසු වසර 3 ක් යනතෙක් ශ්‍රී ලංකාවේ තිබූ ආර්ථීක දේශපාලන සමාජ පසුබිම කෙසේද, අන්න එබඳුම තත්ත්වයක් ඉදිරි වසර 3 තුළ ලංකාවේ නිර්මාණය වන බවට මේ ග්‍රහචාරයට අනුව කියනු කැමැත්තෙමු. 2020 දක්වා එම තත්ත්වය ලංකාවේ පවතිනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපා ඇත්තේ සෙනසුරු මහ දසාවේ රාහු අතුරු දසාවය. දසාධිපති දෙදෙනාම නෛසර්ගික පාපියෝය. තව ඉදිරියට වසර දෙකක් යනතුරුම මේ ග්‍රහචාරය මාරු වන්නේම නැත. එක්සත් ජාතික පක්ෂයට සෙනසුරු මහ දසාවේ බුද අතුරු දසාවය. පක්ෂ කේන්ද්‍රයේ සෙනසුරු සිටින්නේ 8 වැන්නේය. ශ්‍රී ලංකා එකේ සෙනසුරු 12 වැන්නේය. පක්ෂ දෙකේම සෙනසුරු සිටින රාශීන් යහපත් නැත. කරදර අර්බුද පසුබෑම් කුමන්ත්‍රණ හා දුර්වලවීම් සහිත කාලයක් උදාවී ඇත. දෙකටම පැහැපත් අනාගත ගමනක් නොමැති වීම තුළ රටට අත්වන්නේ දුර්භාග්‍යයකි.
අපි ඉන් අනතුරුව මේ ගෙවීයන වසර දෙක විග්රහ කරන්නට උත්සාහ කරමු. මේ ගෙවීයන්නේ දුර්භාග්‍යසම්පන්න වසරක් සේ ජ්‍යෙdතිෂ්‍යය සලකන ''දුර්මුඛ'' වසර වන අතර 2017 ජනේරුවට පසු උදාවන්නේ ''හේමලම්භී'' වර්ෂයයි. එම වර්ෂ ගැන ඉසිවරුන් කෙසේ අනාවැකි පවසා ඇත්දැයි කියා විමසා බැලීමද මෙහිදී ඉතාම වැදගත්ය.
ඉසිවරුන් පවසන්නේ මෙවන් කාල වකවානුවක් උදාවූ විට වාසනාව පෑල දොරින් පළා යන බවය. ගිනිබිය රෝගබිය, හදිසි අනතුරු බිය, සොර සතුරු කරදර, රජුන් අතර ඇතිවන නොහොඳ නෝක්කාඩුව, රට කරවන පාර්ශව වල අසමගිය, අවිශ්වාසය සමාජයේ රජවෙයි. රටේ නිෂ්පාදන හැකියාව අඩුවෙයි. සශ්‍රීකත්වය සෞභාග්‍යය පලායයි. සමාජ නිදහස අවම වී යයි. මේ ඉසිවර මත අපට බැහැර කළ නොහැකි වන්නේ අතීතයෙන් එවන් යුග පිළිබ`ද සාක්ෂි මේ සමාජයේ පවතින නිසාය.
රජවරුන් ගේ පාලකයන්ගේ තිබෙන අසමගිය නිසැකයෙන්ම සමාජයේ බිඳවැටීමේ ලක්ෂණයකි. මේ තත්ත්වය තුළ අලුත් අලුත් පක්ෂ බිහිවීමද අනිවාර්ය ලක්ෂණයකි. ඒ අනුව මේ දිනවල කතාබහට ලක්ව ඇති සමහර අලුත් පක්ෂ ගැන යෝජනා අපට බැහැර කළ නොහැක. එහෙත් එබඳු පක්ෂයක් යම් ස්ථාවරයකට පත් වන්නේ ලබන අප්‍රේල් මාසයෙන් පසුව බව තිබෙන ජ්‍යෙdතිෂ්‍යමය කාරණා මත විග්රහ කර දිය හැකිය.
රටේ ජනතාව ඉදිරි කාලයේදී යම් මට්ටමකට තිබෙන අර්බුද වලින් එතෙර වුවත් සර්ව සුභ අනාගතයකට ගොඩවෙතැයි සිතිය නොහැක. පාලකයන්ට, රට කරවන මැති උතුමන්ට අයහපත් දසාවක් උදා කරදෙන මේ ග්‍රහ මාරුව ජනතාවට යහපත් කල දසාවක් උදා කර දෙතැයි සිතිය නොහැකිය. ජනතාවට සිදුවන්නේ නිරතුරුව මුළා වන්නටය. නිතර රැවටෙන්නටය. උගත්කමක්, බුද්ධියක් අත්දැකීමක් නොමැති සීමිත පිරිසකට රැවටී මුළා වන්නටය.
ජනතාව මුලා වන අතර රට ගෙනයන රජය හා සමාජය පිටතට දිස් වන්නේ රෝද අබලන්, තිරිංග වැඩ නොකරන, ගියර නොවැටෙන නියමුවෙක් නොපෙනෙන අයිතිකාරයෙක් නොමැති වාහනයක් අයාලේ යන ගමනක් ලෙසය.
divaina.com