iranama
අලුත් අවුරුද්දේ ප්‍රබල ධන යෝග රැසක්
ශ්‍රී ලංකාවේ අපිට ජනවාරි 01 වැනිදා 2016 නව වසර උදාවේ. ඒ වෙනුවෙන් විශේෂ වත් පිළිවෙත් සහ උත්සව පැවැත්වේ. නමුත් ෆෙංෂුයි විද්‍යානුකූලව චීන ක්‍රමයට අනුව 2016 වසර උදාවෙන්නේ පෙබරවාරි 08 වැනිදාය. 2015 වසරේ චීන වර්ෂය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 19 වැනි දිනය. එදින උදාවූ වසර 2016 පෙබරවාරි 07 දක්වා කාලසීමාවට අයත් වේ. ඒ අනුව 2015 වසර වෙනුවෙන් ඔබ නිවෙසේ සිදු කළ ෆෙංෂුයි විද්‍යානුකූල වෙනස්කම් 2016 පෙබරවාරි 07 දක්වා තිබිය යුතුය.
ඒ නිසා අපට 2016 වසර උදා වූවා කියා ෆෙංෂුයි විද්‍යානුකූලව සිදුකරන ලද කිසිදු ප්‍රතිකර්මයක් 2016 පෙබරවාරි 07 දක්වා වෙනස් කළ නොහැකිය. 2016 පෙබරවාරි 07න් පසු චීන ක්‍රමයට අනුව වඳුරාගේ වර්ෂය උදාවේ. එහිදී නිවෙසක දිශාවන් 8හි සහ නිවෙසේ මැද කොටසේ ඇති වාසනාවන් සියල්ල වෙනස් වී යයි. මෙලෙස සිදුවන සියලුම වෙනස්කම් 2017 ජනවාරි 27 දක්වා වලංගුය. ෆෙංෂුයි යනු ඇදහීමක්වත්, ආගමකට සම්බන්ධ දෙයක්වත් නොවන බව දැන් ඔබ හොඳින් දන්නවා ඇති. මෙම විෂය තමන්ගේ දියුණුවට විශ්වයේ ඇති විවිධ වූ ශක්තීන් නිවැරැදි ආකාරයෙන් හැසිරවීම සිදු කරයි.
පෙබරවාරි 07න් පසු ඔබේ නිවෙසට ප්‍රබල ධන යෝග රැසක් එනවා.
වාර්ෂික ධන යෝග හෙවත් නිවෙසේ ධන වාසනාව ප්‍රබල වන ස්ථාන වාර්ෂිකව අලුත් වන බව ඔබ දන්නවා ඇති. එම ධන වාසනාවන් ඇති ස්ථාන වෙනස් වන්නේද එන පෙබරවාරි 7න් පසුවය. එම ධන යෝග තිතටම සොයා ගැනීමෙන් සහ ඒවා බලවත් කිරීමට ෆෙංෂුයි උපක්‍රම යෙදීමෙන් එම වසර පුරාවට වේගවත් දියුණුවක් වසර පුරාවටම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පසුගිය වසරේ නිවෙසේ ප්‍රබල ධනය සහිත දිශාවන් වූයේ උතුර, නිරිත සහ නැඟෙනහිරයි. එම දිශාවන් තවමත් එසේමය. එන පෙබරවාරි 7න් පසු එම දිශාවන් වෙනස් වී යයි.
එම දිශාවන් අන්තර්ජාලයෙන් වුවද බල ගැනීමේ හැකියාව ඇති මුත් එම දිශාවන් බලවත් කරන ආකාරය ප්‍රායෝගිකව ඔබ ඉගෙන ගත යුතුය.
මන්ද යත් එතරම්ම ප්‍රායෝගිකය. පුවත්පතකින් හෝ පොතකින් බලා ගැනීමෙන් එලෙස දිශාවන් නිවැරැදිව බලසම්පන්න කළ නොහැකිය. මෙම දිශාවන් බලසම්පන්න කරන්නේ සෙලවෙන ජලය තැබීමෙනි.
වාර්ෂික ධන යෝග වෙනස් වුවත් නිවෙසේ සෑම කාලයටම ඇති ධන ස්ථාන වෙනස් වෙන්නේ නැහැ.
එයට කදිම උදාහරණයක් තමයි සමහර නිවාසවල බස්නාහිර දිශාවේ ප්‍රබල ධන ස්ථාන හෙවත් මනී පොයින්ට් ඇති අවස්ථා අපට හමුවී තිබෙනවා. 2015 වසරේ අසුබම දිශාව වූයේ බස්නාහිර දිශාවයි.
නමුත් ඊට පෙර වසරකදී එම නිවෙස්වල සෑමදාටම බස්නාහිර දිශාවේ ඇති ප්‍රබල ධන නිලය සක්‍රිය කර තිබුණේ නම් 2015 වසරේ අසුබම දිශාව වූවා කියා සෑම දිනටම ඇති ධන නිලවල වෙනස්කම් කරන්නට යන්නේ නැහැ.
2016 ජනවාරි මාසයේ බස්නාහිරට කරදර කරන්න එපා.
2016 ජනවාරි 6 සිට පෙබරවාරි 3 දක්වා කාලය තුළ බස්නාහිර දිශාවේ අසුබය අතිශය ප්‍රබලයි. මෙම ගෙවන කාලය තුළ නිවෙසේ බස්නාහිර කොටස අතිශය ප්‍රබල වී ඇත. කිසිදු හේතුවක් මත මෙම මාසය තුළ නිවෙසේ බස්නාහිර කොටස් අලුත්වැඩියා නොකළ යුතුය. කිසිදු කැඩීමක් බිඳීමක් කළ නොහැකිය. මෙම මාසය තුළ එම දිශාවේ ශක්තිය කම්පනය වන උපකරණ තැබීමෙන් වළකින්න. උදාහරණයක් ලෙස ටීවී කැසට් වැනි උපකරණ තුළින් එහි ඇති ශක්තිය කම්පනය වේ. ඔබ බස්නාහිර දිශාවේ නිදන කාමරයක් භාවිත කරයි නම් ෆයිව් එළිමන්ට් පැගෝඩාවකට (ජ්ඪමඥ ඡ්තඥථඥදබ ර්ථීචඨධඤච) පස් පුරවා එම දිශාවේ තබන්න. තවද බට 6 වින්ඩ්චයිම් සීනුවක් එම දිශාවේ සවි කරන්න
Wmqgd .ekSu u