iranama
අරගල නිමයි රටටම හොදයි...
*සියල්ල කණපිට පෙරළමින් වසර
දොළහකට පසු ගුරු මාරුවෙයි
වසර දොළහකට පසුව ගුරු තුලාවට ඔබට සහ රටට කුමක් සිදුවේද?
ග්‍රහ ලොව පුරෝහිත නමින් හඳුන්වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා වසරකට ආසන්න කාලයක් කන්‍යා රාශියේ ගමන් කර මෙම සැප්තැම්බර් මස 12 වැනිදා උදේ 6.49 ට සිකුරු හිමි තුලා රාශියට මාරුවනවා ඇත. ලබන 2018 වසරේ ඔක්තෝම්බර් මස 10 දින දක්වා තුලා රාශියේ ගමන් කරන ගුරුට තුලා රාශිය අතුරු රාශියක් බවද අමතක නොකළ යුතු වේ.
සුබපල දීමේ දී ප්රමුඛ වන ගුරු ගුරුවරුන්ට ආචාර්ය මහාචාර්යවරුන්ට වෛද්‍ය හා අධිකරණ නායක, ධනවතුන්, බැංකුවල පාලකයන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන් මෙන්ම පූජ්‍ය පක්ෂයටද අධිපති වෙයි.
ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ දෙවැන්න වන ධනස්ථානය වූ මීන රාශියටද අයස්ථානය වූ ධනු රාශියටද අධිපති වූ ගුරු මෙතෙක් ගමන් කළේ ලංකා කේන්ද්‍රයේ මාරක ස්ථානයේ ය. මේ නිසාම රාජ්‍ය ආදායම් හා තැන්පත්වලට බරපතළ ලෙස අහිතකර බලපෑමක් ගුරු ගෙන් එල්ල විය. මේ නිසාම ගුරු ලංකා කේන්ද්‍රයේ මාරක ස්ථානයේ ගමන් කළ 2016 වසරේ අගෝස්තු මස සිට මේ දක්වා රාජ්‍ය භාණ්ඩාගාරය ආශ්‍රිතව සිදු වූ අවාසනාවන්ත සිදුවීම්ද රජයට බලපෑ මූල්‍යමය ගැටලුද පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ තත්ත්වය අපි නැකත අතිරේකය ම`ගින් වසර මුලදී මෙන්ම ගිය වසර අගදීද අවධාරණය කළෙමු. මුදල් ඇමැතිවරයාටද එහි බලපෑමෙන් මිදීමට නොහැකි වූ අතර ගුරු මාරුවට පෙර මුදල් ඇමැතිවරයාටද මාරුවීමට සිදු විය.
කෙසේ නමුදු සැප්තැම්බර් 12 දින සිදුවන ගුරු මාරුව ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නය අනුව නම් රටට යහපත් බව කිව යුතුව තිබේ. මෙවර ගුරු මාරුව සිදුවන්නේ ලංකා කේන්ද්‍රයේ නම වැන්නා වූ භාග්යස්ථානයටය.
මේ අනුව සැප්තැම්බර් 12 දින සිට රාජ්‍ය ආදායම්වල තරමක යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වේ. මේ අතර පසුගිය දිනවල තිබූ තත්ත්වය යහපත් අතට හැරෙන බවත් විශ්ව විද්‍යාලවලද අපේක්ෂා කළ හැකි වේ. ගරුතර ස්වාමීන් වහන්සේලාගේ ගෞරවය රැකෙන අන්දමට කටයුතු සිදුවනවා ඇත. එමෙන්ම ආගමික අංශවල ප්රබෝධයක් අපේක්ෂා කළ හැකි වේ. රටේ සෑම පළාතකම ආගමික ප්රබෝධයක් ඇති වේ. සිල්වත් උගත් භික්ෂුන් වහන්සේලා සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇති වේ. සංඝ සමාජය තුළ සමඟිය ඇති වේ. පූජ්‍ය පක්ෂයේ අනුශාසනාවලට වැඩියෙන් අවධානය යොමු කිරීමටද පාලක පක්ෂයට සිදුවනවා ඇත.
අධිකරණ හා නීතිමය අංශවලද සතුටුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි වේ. අධිකරණ අංශවල දැනට දක්නට ලැබෙන විවිධ විවේචනවලට පිළිතුරු ලැබේ. සමාජ සාධාරණත්වය උදෙසා අධිකරණ නායකයන්ගේ කැපවීම හා අවධානය පෙන්නුම් කෙරේ.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සුබපල දායක වේ. වෛද්‍ය ශිෂ්‍ය අර්බුදවලට විසඳුම් ලැබෙනවා ඇත. උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබූ අවහිරතා ඉවත් වේ. ගුරුවරුන්ට මෙන්ම වෛද්‍ය වරුන්ටද සුබ දායක වේ. සෞඛ්‍ය, අධිකරණ, අධ්‍යාපන අංශවල දියුණුවට කරනු ලබන වියදම් ඉහළ යන බැවින් පහසුකම්ද වැඩිවේ.
දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී ජනතාව අතර බහුලව පවතින රෝගාබාධවලට ප්රත්යක්ෂ ප්‍රතිකාර ප්‍රචලිත වන අතර එම රෝග බොහෝ දුරට තුරන් කර ගැනීමට හැකි වේ. මහජනයා අතර ආගමික නැඹුරුව ඉහළ යයි.
මේ සඳහන් කළේ ගුරු මාරුව නිසා රටට ඇති විය හැකි පලාපල කිහිපයකි. ගුරු මාරුව ලග්නවලට බලපාන ආකාරය දැන් බලමු.
මේෂ
කුජ හිමි මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ, රවි, බුධ සමඟ පස් වැන්නේද, සඳු නමයේද, සෙනසුරු අටවැන්නේද ගමන් කරමින් සිටී. ගුරු සැප්තැම්බර් 12 වැනි දින දක්වා කන්‍යා රාශියේ ගමන් කර තුලාවට මාරු වේ. ගාහ ජීවිතය ශුභපල දායකයි. පසුගිය දිනවල පැවති සිත් තැවුලකට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. සැප්තැම්බර් 12 වැනි දිනට පසුව ශරීර සෞඛ්‍ය පිළිබඳ සුභ පලදායක තත්ත්වයක් පෙන්වයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා සාර්ථක වීමට කරුණු යෙදේ. ආදායම් ඉහළ යයි. සහෝදරයන්ට ශුභ පලදායකයි. කෙසේ නමුත් සෙනසුරු ඒරාෂ්ටක අපලයක් පවතින නිසා සෙම් රෝග, වාතාබාධ වැනි සෞඛ්‍ය ගැට`ඵ ඇති අය ප්‍රවේශම් වන්න. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංක - 2, 5.
වෘෂභ
ලග්නාධිපති සිකුරු, රාහු සමඟ තුන්වැන්නේද රවි බුධ කුජ හතරේද සඳු අටවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව මිශ්රපල දායක තත්ත්වයක් පෙන්වයි. සතිය ආරම්භයේ බාල සහෝදරයෙකුට අපලයක් පෙන්වයි. අසල්වාසීන් සමඟ පවතින අමනාපකම් දුරු වී යයි. ගෙදර දියුණුවට කරන කටයුතු ගැන වැඩි සැලකිල්ල යොමු වේ.
සැප්තැම්බර් 12 වන දිනට පසුව සිදු වන ගුරු මාරුව තරමක් බාධා ඇති කරන බව පෙනේ. ශරීරගත මේදය අධික වීම, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන්නේ නම් වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. සතුරු කරදරවලින් ජය ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. සුරතල් සතුන් ගැන වැඩියෙන් අවධානය යොමු වේ. සේවක සහයෝගය ලබාගත හැකි වේ. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.
මිථුන
ලග්නාධිපති බුධ, රවි සහ කුජ සමඟ තුන් වැන්නේද සඳු හතේද ගමන් කරන අතර සැප්තැම්බර් 12 වැනිදා ගුරු පස්වැන්නට මාරු වේ. ගෘහ ජීවිතය පිළිබඳව සුබපලදායක තත්ත්වයක් පෙන්වයි. සතිය ආරම්භයේදී උත්සාහය ධෛර්යය වැඩිවේ. උසස් අයගේ රාජ්‍ය අංශයේ උදව් උපකාර ලැබේ. සහෝදරයෙකුගේ උදව් උපකාර ලැබේ. සහෝදරයෙකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ.
සැප්තැම්බර් 12 වැනිදායින් පසුව යෙදෙන ගුරු මාරුව ඔබට සුබපලදායකයි. මංගල යෝජනා ඉටු වේ. පෙම් සබඳතා ස්ථිර වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතුවලට තිsබූ බාධා ඉවත් වේ. විභාග හෝ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. සුබ පාට - කහ, සුබ අංකය - 05.
කටක
ඔබේ ලග්නාධිපති සඳු හය වැන්නේද, සිකුරු සමඟ රාහු ලග්නයේද, රවි, කුජ, බුධ දෙවැන්නේද ගමන් කරන අතර තුන් වැන්නේ ගමන් කරන ගුරු සැප්තැම්බර් 12 වැනිදා හතර වැන්නට මාරු වනවා ඇත. ආදායම් සතුටුදායකයි. ලාභ බලාපොරොත්තුවෙන් කරනු ලබන ආයෝජනවලින්ද ලාභ ලැබේ. මේ අතර පවුලේ වියදම් ද තරමක් ඉහළ යන බව පෙනේ. මේ නිසා පවුලේ වියදම් ගැන වැඩියෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැක්කේ අලසකම හා වැඩ කල්දැමීම නිසයි.
සැප්තැම්බර් 12 වැනි දිනෙන් පසුව සිදුවන ගුරු මාරුව ඔබට සුබපලදායකයි. දැඩි අසහනකාරී තත්ත්වය අඩු වී ගොස් හිතේ සහනය ඇති වේ. නිවසේ පිංකමක් කිරීමට හිත යොමු වේ. ආගමට දහමට හිත ඇදී යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මවුපියන්ට ශුභපල දායකයි. ගෙදර දියුණුවට තිබූ බාධා ඉවත් වී ශුභ අතට හැරෙනවා ඇත. සුබ පාට - කහ, සුබ අංක - 5.
සිංහ
ලග්නාධිපති රවි, කුජ සහ බුධ සමඟ ලග්නයේද සඳු පස්වැන්නේද, සෙනසුරු හතරේද ගමන් කරන අතර සැප්තැම්බර් 12 වැනිදා ගුරු තුන්වැන්නට මාරු වේ. මාසය මුලදී චිත්ත ධෛර්යය ඉහළ යයි. අන් අය අතර නායකයෙකු ලෙස පිළිගැනීමක් ඇති වේ. රැකියා අංශවල උසස් අයගේ උදව් උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීමක් ලැබීමටද ඉඩ ඇත. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගත හැකිය. මේ අතර හිසේ උෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල වැනි රෝගාබාධ ඇතිවීමටද ඉඩ ඇත.
සැප්තැම්බර් 12 වැනිදා සිදුවන ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ට එතරම් සුබ නොවේ. දැඩි අවිවේකී තත්ත්වයක් උද්ගත වුවද එතරම් ඵලදායක ප්‍රතිඵලයක් නොලැබේ. සහෝදරයෙකුට අපලදායකයි. අසල්වාසීන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු වේ. කාර්යබහුල වේ. සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 1.
කන්‍යා
ලග්නාධිපති බුධ, රවි සහ කුජ සමඟ දොළොස් වැන්නේද, ගුරු ලග්නයේද, සඳු හතරේද ගමන් කරමින් උදාවන මේ මාසය මිශ්රපලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකියි. සහෝදරයෙකුට අපලයක් පෙන්වයි. රැකියා අංශවල උසස් කෙනෙකු අමනාප වීමට ඉඩ තිබෙන නිසා දුරදිග බලා වැඩ කරන්න. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගැනීමට කරුණු යෙදේ.
සැප්තැම්බර් 12 වැනිදා ගුරු මාරුව ඔබට සුබපල දායක වේ. අවිවාහක අයගේ මංගල යෝජනා සාර්ථක වේ. අඹු සැමි සමඟිය ඇති වේ. ආදායම් සතුටුදායක වේ. විවාහ සහකරු නිසාද ධනය ලැබීමට ඉඩ තිබේ. කෘෂිකාර්මික කටයුතුවලින්ද ලාභ ලැබේ. ස්වයං රැකියා වලට ශුභයි. හිතේ සතුට ඇති වේ. කලින් බාධා වෙමින් තිබූ කටයුතු කීපයකම සාර්ථකත්වයට මඟ පෑදෙනවා ඇත. සුබ පාට - කහ, සුබ අංකය - 5.
තුලා
ලග්නාධිපති සිකුරු, රාහු සමඟ දහ වැන්නේද රවි, බුධ, කුජ එකොළහේද සඳු තුන්වැන්නේද ගමන් කරන අතර ගෘහ ජීවිතය මිශ්රපලදායකයි. කෘෂිකාර්මික කටයුතු වලින් ලාභ ලැබේ. පවුලේ වියදම්ද තරමක් දුරට ඉහළ යයි. දරුවෙකු වෙනුවෙන් අමතර වියදමක් දරන්නට සිදු වේ. රැකියා අංශවල ප්‍රධානියාගේ උදව් උපකාර ලැබේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබීමටද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබෙනවා ඇත. උසස් අය හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ.
සැප්තැම්බර් 12 වැනිදා සිදුවන ගුරු මාරුව ඔබට තරමක් දුරට ශුභපල දායක වේ. දැඩි අවිවේකි ස්වභාවය පහව යයි. අසනීප සුව අතට හැරේ. අසල්වාසීන් සමඟ සුහදතාව වැඩි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට තිsබූ බාධා ඉවත් වේ. ආගමට දහමට හිත යොමු වේ. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 6.
වෘශ්චික
ඔබේ ලග්නාධිපති කුජ, රවි, බුධ සමඟ දහ වැන්නේද සඳු දෙවැන්නේද ශනි ලග්නයේද ගමන් කරමින් උදාවන මේ මාසයේ දොළොස් වැනිදා ඔබේ කේන්ද්‍රයේ එකොළහේ සිට දොළහට බ්‍රහස්පති මාරු වෙනවා ඇත. මාසය මුල රැකියා අංශවල සුබපල දායක තත්ත්වයක් ඇති කරයි. තනතුරේ හෝ තත්වයේ උසස් වීමක් දක්නට ලැබේ. චිත්ත ධෛර්යය වැඩි වේ. ආදායම්ද සතුටුදායක තත්ත්වයක පවතී. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ.
සැප්තැම්බර් 12 වැනිදායින් පසුව සිදුවන ගුරු මාරුව ඔබට තරමක් අපලදායක බව පෙනේ. අවිවේකය ඉහළ යාම බලාපොරොත්තු නොවූ වියදම්වලට මුහුණ දීමට සිදු වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින්ද සතුටක් නොලැබේ. එහෙත් දරුවෙකුගේ විදේශ ගමනක් සාර්ථක වීමට ඉඩ තිබේ. ගුරු අපලයට අදාළ ශාන්තිකර්ම කර ගැනීමට කටයුතු කරන්න. සුබ පාට - සුදු, සුබ අංකය - 2.
ධනු
ඔබේ ලග්නාධිපති ගුරු සැප්තැම්බර් 12 වැනිදා එකොළොස් වැන්නට මාරුවන අතර මාසය මුලදී රවි බුධ කුජ නමයේද සඳු ලග්නයේද, සෙනසුරු දොළහේද ගමන් කරමින් සිටී. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපල දායකයි. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. ආගමික උත්aසවයකට සහභාගි වීමට හැකි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නීතියේ පිහිට ලැබේ. වාසනාව භාග්‍යය උදාවේ.
ගුරු මාරුවද ඔබට සුබපල දායකයි. ඉඩම් ගෙවල් පිළිබඳ කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. වාහන ගණුදෙනුවලට ශුභයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉහළ යයි. දරු ලාභ ලැබේ. සහෝදරයෙකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. එහෙත් ශනි රාහු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 5.
මකර
මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු එකොළොස් වැන්නේද, රවි, බුධ කුජ අට වැන්නේද සඳු දොළහේද ගමන් කරමින් සිටින අතර සැප්තැම්බර් 12 වැනිදා ගුරු දහවැන්නට මාරු වෙයි. හතර වැන්නාධිපති කුජ අටවැන්නේද ගමන් කිරීම ගෘහ ජීවිතයට සුබ නොවේ. ඉක්මන් කෝපය නිසා පවුලේ අය අතර අසමඟියක් ඇති වීමටද ඉඩ තිsබේ. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ.
සැප්තැම්බර් 12 වැනිදාට පසුව සිදුවන ගුරු මාරුව ඔබට තරමක් සුබපල අඩු කරයි. රැකියා හෝ ව්‍යාපාර ස්ථානවල කාර්යබහුල බව ඉහළ යයි. අසල්වාසීන් හෝ සහෝදරයන් සමඟ අමනාපකම් ඇති වීමටද ඉඩ තිබේ. වෙහෙසදායක ගමන් බිමන් නිතර යැමට සිදු වේ. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැකිය. සුබ පාට - නිල්, සුබ අංකය - 7.
කුම්භ
ඔබේ ලග්නාධිපති සෙනසුරු දහ වැන්නේද සඳු එකොළහේද, රවි, කුජ, බුධ හත් වැන්නේද ගමන් කරමින් සිටින අතර දැනට අටවැන්නේ ගමන් කරන ගුරු සැප්තැම්බර් 12 වැනිදා නවයට මාරු වීම සුබපලදායක වේ. මාසය මුලදී බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නීතියේ පිහිට ලැබේ. රැකියා ස්ථානයේ සේවක සහයෝගය නොඅඩුව ලැබේ.
සැප්තැම්බර් 12 වැනිදායින් පසුව ආදායම් තත්ත්වයේ සතුටුදායක වර්ධනයක් ඇති වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආගමට දහමට හිත යොමු වේ. ප්‍රතිඵලදායක දුර ගමනක් හෝ විදේශ ගමනක් යෙදෙනවා ඇත. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. හිතේ සතුට ඇති වේ. දරුවන්ට ශුභයි. සුබ පාට - නිල්, සුබ අංකය - 7.
මීන
ලග්නාධිපති ගුරු හත් වැන්නේද, රවි, බුධ, කුජ හයේද සඳු දහයේද ගමන් කරමින් උදාවන මෙම මාසය මුලදී බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. සේවක සහයෝගය ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. දරුවකුගේ දියුණුවක් ගැන අසන්නට ලැබේ. එහෙත් සැප්තැම්බර් 12 වැනිදා සිදුවන ගුරු මාරුව එතරම් සුබ නොවේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල බාධා ඇති කරයි. දැඩි අවිවේකී බවක් ඇති කරයි. දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි අසනීප ඇති අය බොහෝ ප්‍රවේශම් විය යුතුයි. තමන්ට උදව් උපකාර කළ උසස් කෙනකුගේ අභාවය සිදු වනවා ඇත. ගුරු දශා අන්තර් දශා ගතකරන අදාළ ශාන්ති කර්ම කරගැනීම සුදුසුය. සුබ පාට - සුදු, සුබ අංකය - 2.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks