iranama
අපට පිහිට වන සෞභාග්‍යයේ මැණික්
සෞභාග්‍යයේ සංකේතය
අපගේ ජීවිත සෞභාග්‍යවත් කිරීමට ඇති හොඳම තේජෝ මණ්ඩලය (ඒභපච) අපට ලබාදෙන මාණික්‍යය තමයි නිල් මැණික. කුම්භ සහ මකර ලග්න හිමියන්ගේ මව මෙන් පිහිට වන නිල් මැණික් අනෙක් ලග්න හිමියන්ටද කේන්දර සටහන අනුව ගලපා බලා පැලඳීම තුළ ඉතාමත් විශිෂ්ට ව්‍යාපාරික දියුණුවක් මෙන්ම සමාජයීය ආකර්ෂණය ද ලබාගැනීමට පුළුවන්.
පද්මරාග
රජයේ සේවාවන්ගේ සහ දේශපාලන උසස්වීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට පද්මරාග මැණික ඉතාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනවා. පද්මරාග පැලඳීම තුළ ඔබ බලාපොරොත්තු වන රැකියාවේ උසස්වීම් කරා ඉතා පහසුවෙන් ළඟාවීමට හැකියාව තිබෙනවා. තැඹිලි පැහැයට හුරු රෝස පාට වර්ණයෙන් යුක්ත පද්මරාග පැලඳීමෙන් බිඳී යතැයි අපේක්ෂා කරන විවාහයන්ද නැවත යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාව තිබෙනවා. ඒ වාගේම තමයි ඔබ දේශපාලනයේ යෙදී සිටින කෙනෙක් නම් පද්මරාග පැලඳීමෙන් දේශපාලන භූමිකාව තුළ ජයග්‍රහණ පැතිරවීමට තරම් ශක්තියක් ඔබ තුළ ගොඩනැඟීමට පද්මරාග මැණික් සමත්වීම. හෘද රෝග ඇති අයට පද්මරාග පැලඳීම ඉතා සුබදායකයි.
රතු රූබි
සෞරග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා නියෝජනය කරන කුජ ග්‍රහයා වෙනුවෙන් පලඳින රූබි මැණික් ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයට බෙහෙවින්ම සාර්ථක ජීවන තත්ත්වයක් උදාකර දීමට සමත් මැණික් වර්ගයක්.
අස්ථිගත රෝගී තත්ත්වයන් ඒ වගේම රුධිරගත රෝග තත්ත්වයන් ඇති අවස්ථා වලත් රෝස පැහැයට බර රතු මැණික් පැලඳීම තුළින් ඒවායෙන් මිදී නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබෙනවා.
දියමන්ති සහ සුදු නිල
ඔබගේ ප්‍රසිද්ධිය මෙන්ම
පිළිගැනීම ඉතා සාර්ථකව වැඩිදියුණු කිරීමට දියමන්තිවලට හැකියාව තිබෙන අතර ඔබ වෙත ජනතා ආකර්ෂණය වැඩි වැඩියෙන් හිමිකර දීමට උදව් කරන මැණික් වර්ගයක්.
දියමන්ති පැලඳීමේදී ඉතා පිරිසුදු තත්ත්වයේම දියමන්ති පැලඳීම වගබලා ගත යුතු අතර දියමන්ති වෙනුවට සුදු නිල් මැණික් පැලඳීමද සිදු කෙරෙනවා.
දියමන්ති පැලඳීමෙන් ඉතා සාර්ථක යුග දිවියක් ගත කිරීමට හැකියාව ලැබෙන අතර ව්‍යාපාරික භවතුන්ටද දියමන්ති පැලඳීම ඉතා සුබයි.
ඉතා සුබදායී ආර්ථික පසුබිමක් හිමිකර ගැනීමට දියමන්ති පැලඳීම තුළ වාසනාව ලැබෙන්නක්.
මරකත පච්ච (ඡ්ථඥපචතඤ)
දකුණ අත සුළැඟිල්ලේ පැලඳීමට සුදුසු මරකත පච්ච මැණික් එනම් එමරල්ඩ් ආදරයේ මැණික ලෙස හඳුන්වනු ලබනවා.
මානසික නිරවුල්කම අපට ලබාදීමට ප්රමුඛ ස්ථානය ගෙන කටයුතු කරන මරකත පච්ච මැණික් විවාහ ජීවිතයද ඉතා සන්සුන්ව මෙන්ම ආදරබරව ගලා යෑමට සලස්වනවා.
බොහෝ ව්‍යාපාරික සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය විශ්ව ශක්තිය අපට ලබාදෙන එමරල්ඩ් මැණික් ජනතාව අතර අපගේ ව්‍යාපාරික නාමය ඉතා විශ්වාසවන්තව ප්‍රසිද්ධියක් ලබාදීමට මෙන්ම දැඩි ජනතා ආකර්ෂණයක් ලබාගත හැකි තත්ත්වයකට රැගෙන යන මැණික් වර්ගයක්.
මඟුල් ගල (එඥචඤඪදඨ ඉබධදඥ)
කහ සහ නිල් කියන වර්ණ දෙකම එකම ගලක පිහිටීම අපි මඟුල් ගලක් ලෙස හඳුන්වනු ලබනව. කොරුන්ඩම් කුලයේ මැණික් වර්ගයක් වන මෙම ද්වී වර්ණ සැෆයර් මැණික් ගල විවාහ ප්‍රමාද අය පැලඳීම තුළ තම විවාහය ඉක්මන් වන අතර එය ඉතා සාර්ථක විවාහයක්ද වීම මෙහි ඇති විශේෂත්වයයි.
ගෝමේද
රාහු අපල කාලයේ පලඳින මැණික් ගල් වර්ගයක් වන ගෝමේද විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයට නම් පැලඳීම නුසුදුසුයි. ගොත ගැසීම, කන් ඇසීම දුර්වල අවස්ථාවල මෙම ගෝමේද පැලඳීම තුළ එම රෝගී අවස්ථා බොහෝවිට අඩුකර ගත හැකියි.
මුතු
ඔබගේ ජීවිතයේ මානසික සහනය ඉතා සාර්ථකව ළඟා කරගත හැකි මැණික් වර්ගයක වන ස්වාභාවික මුතු පැලඳීම තුළ රූප ස්වභාවයද වැඩිදියුණු කරගැනීමට හැකියාව පවතිනවා.
වෛරෝඩි
මානසික ආතතිය, තැතිගැස්ම, මානසික ආබාධ ඇති අවස්ථාවල පැලඳීමට සුදුසුම මැණික් වර්ගය වන වෛරෝඩි කේතු අපල අවස්ථාවලදීද පැලඳීම ඉතා යෝග්‍යයයි.
පසිංගල්
ව්‍යාපාරිකයන්ට බොහෝ ජයග්‍රහණ ළඟා කරදෙන පසිංගල් පැලඳීම තුළ බොහෝ අපහසු ආර්ථික අවස්ථා ඉතා ශීඝ්‍රයෙන් නිරවුල් සහ පහසු අවස්ථා බවට හැරවීමේ ඉන්ද්‍රජාල බලයක් පසිංගල් සතු වෙනවා.
පුෂ්පරාග
ඉන්දියානුවන් ධනයේ සංකේතය ලෙස හඳුන්වන පුෂ්පරාග පැලඳීම තුළ නිරන්තරයෙන් අතේ මිටේ මුදල් ගැවසෙන බව මැණික් විද්‍යාවේ සඳහන්.
Wmqgd .ekSu u