වැලමිට සහ දණහිස් මත සම කළු පැහැ ගැන්වීම මගින් සමේ විසම බවක් ඇති කරනවා. මෙය සාමාන්‍ය තත්වයක් වන නමුත් අත් දිග කමිස පැළඳීම දණහිස ආවරණය වන තෙක් කලිසම් පැළඳීම මගින් සම කළු වීම වලක්වා ගන්නට පුළුවන්.
දණහිස් සහ වැලමිට මත සම කළු විමට බලපාන හේතු
දණහිස් සහ වැලමිට වැඩි චලනයන් ප්‍රමාණයක් සිදු කරන නිසා සමේ අනෙකුත් ස්ථාන වලට වඩා දණහිස් සහ වැලමිට මත සම සිනිඳු ස්වභාවයක් ගනු ලබනවා. ශරීරය තුල මෙලනින් වැඩිවීම මගිනුත් සමෙහි විවිධ ස්ථාන අඳුරු පැහැ වනවා. ඒවගේම, සමේ යම්කිසි ස්ථානයකට අඩු රුධිර සැපයුමක් ලැබී තෙල් ග්‍රන්ථි ක්‍රියා නොකරනවා නම් එම ස්ථාන රළු සහ වියළි වනවා.
මෙම සෞඛ්‍යය තත්වය ඇතිවීමට බලපාන පොදු හේතු කිහිපයක්:
ජානමය තත්වයන්
සම වියළීම
හිරු කිරණට අධික ලෙස නිරාවරණය
විවිධ වර්ග වල ඖෂධ ලබා ගැනීම
මැරුණු සෛල ඉවත් නොකිරීම
කුණු තැම්පත්වීම
ස්ථූලතාවය
හෝමෝන අසමතුලිතතාවය
සම වැඩි ලෙස ඇඳුම් වල ඇතිල්ලීම
දණහිස් බිම තබමින් සහ වැලමිට පෙදෙස මේස මත තබා සිදු කරන ක්‍රියාකාරකම්
දණහිස් සහ වැලමිට ප්‍රදේශයේ සම කළු පැහැ වීම සුවපත් කර ගැනීම සඳහා විවිධ ඵලදායී පිළියම් රැසක් තිබුනත් පියවර තුනකින් අනුගමනය කළ හැකි සාර්ථක පිළියමක් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.
පළමු පියවර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
ලෙමන් යුෂ හැඳි දෙකක්
සීනි හැන්දක්
පිරිසිදු භාජනයක් ගෙන මෙම අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර සමෙහි අදාළ ස්ථානයේ ආලේප කර විනාඩි 5ක කාලයක් සිටින්න. මෙම විනාඩි පහෙන් පසුව විනාඩි 3-4ක කාලයක් වක්‍රාකාරව සම්භාහනය කර තුවායකින් පිසදා දමන්න.
දෙවන පියවර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
සඳුන් කුඩු හැඳි දෙකක්
මීපැණි හැන්දක්
තක්කාලි මද හැඳි දෙකක්
භාජනයක් ගෙන එයට මේ සියල්ල එක්කර මිශ්‍ර කර ආලේපනයක් සකස් කර ගන්න. සම කළු පැහැවී ඇති ස්ථානය මත මෙම මිශ්‍රණය ඝන ස්තරයක් ලෙස ආලේප කර වියළෙන තුරු තබන්න.
තුන්වන පියවර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
පොල්තෙල්
කෝමාරිකා ජෙල්
පොල්තෙල් මේස හැන්දක් සහ කෝමාරිකා ජෙල් මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය සමේ අවශ්‍ය ස්ථානයේ ආලේප කර සම්භාහනය කරන්න.
මෙම සත්කාර තුන මුහුණ සුදු කිරීමට, සම පැහැපත් කර කුරුලෑ ආදිය නැසීමට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සමේ මැරුණු සෛල ඉවත් කරන පළමු සත්කාරය, සම පැහැපත් කරන දෙවන සත්කාරය සහ සමේ තෙතමනය ආරක්ෂා කරන තුන්වන සත්කාරය භාවිතා කරන්නට පුළුවන්.
මෙම ලිපිය උපුටා ගැනීම healthtips.lk වෙබ් අඩවිය.