iranama
අනියම් සම්බන්ධතා ගොඩනැගෙන හැටි
හඳහනෙන් දැන ගන්න
"අනියම් සම්බන්ධතා" අද සමාජයේ පවතින බහුල ගැටලුවකි. මෙම ගැටලුව නිසා පවුල් සංස්ථාව බිඳ වැටීම, ආර්ථිකය පිරිහීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, නින්දා අපහාස ලැබීම, නොයෙකුත් සමාජ රෝගවලින් පීඩා විඳීම, සියදිවි හානි කර ගැනීම පමණක් නොව, මිනී මැරුම්වලට පවා මුහුණපාන අවස්ථා දක්නට ලැබේ.
අනියම් සම්බන්ධය කාම මිත්‍යාචාරය යන අකුසලයට වැටේ. සැමියකු විසින් හෝ බිරිඳක විසින් හෝ මාපිය සහෝදරයෙකු විසින් ආරක්ෂා කරනු ලබන ස්ත්‍රියක හෝ පුරුෂයකු බලෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් කාමයේ වරදවා හැසිරීම, කාම මිත්යචාර පාපය වේ. එනම් තමා ආරක්ෂා කරන පුරුෂයා සිටියදී, පර පුරුෂයන් හා හැසිරීම ස්ත්රීන්ට කාම මිත්‍යචාරය වේ.හිමියන් නැති, මාපියන් විසින් ආරක්ෂා කරන ස්ත්‍රියන් සමඟ කාමයේ හැසිරීම පුරුෂයාට පමණක් කාම මිත්‍යාdචර පාපය වේ. සැමියකු විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක හා හැසිරීම ස්ත්‍රියට හා පුරුෂයාට යන දෙදෙනාටම කාම මිත්‍යාචාරය වේ. එහිදී පහත කාරණා 4 අංග සම්පූර්ණ විය යුතුය.
1. සේවනය නොකළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම.
2. සේවන චිත්නය ඇති වීම.
3. සේවනයට උත්සාහ කිරීම.
4. සේවනය කිරීම හෝ ආශ්වාදය විඳීම යන අංග 4 සම්පූර්ණ වීම කාම මිත්‍යාචාරය වේ.
මෙම අකුසලය අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් කොටස් 2 කට බෙදේ. මෙහි ආදීනව බුදු දහමට අනුව, මෙලොවදී නින්දාවට පත් වීම, අනුන්ගෙන් පහර වැදී මරණයට පත් වීම, සිරගෙයි වැටීම, මරණයෙන් පසු නිරයෙහි ඉපදීම, මිනිස් බල ලැබූ කල්හි බොහෝ ජාතීන්හි නපුසංකයන් වීම, පුරුෂයෙක් නම් ස්ත්‍රියක් වීම, විරූපී වීම, ජනයාට අප්‍රිය වීම, බොහෝ සතුරන් ඇත්තෙකු වීම, රෝගීන් වීම ආදී පීඩා බුදුන් වහන්සේ දේශනා කර ඇත.
අනියම් සම්බන්ධතා ඇති වීම සඳහා ජ්‍යෙdතිෂයට අනුව, තම ජන්ම කේන්ද්‍රයේ යෝග විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා එකින් එක විස්තර කිරීම සඳහා විශාල ඉඩක් වෙන්විය යුතු බැවින්, එවැනි යෝග සාරාංශ ගත කර, පහත ඉදිරිපත් කර ඇත. එනම් කේන්ද්‍ර පරීක්ෂාවේදී පුද්ගලයා කාමභෝගී පුද්ගලයෙක්ද? අධ්‍යාත්මය දියුණු කරන පුද්ගලයෙක්ද? යන්න පරිණත ජ්‍යෙdතිෂවේදියෙකුට කේන්ද්‍රය පරීක්ෂාවෙන් තීරණය කළ හැක. ඉන්පසු ඔහුගේ විවාහය, කාමභෝගී පුද්ගලයෙක් නම් ඒ සඳහා ගැළපෙන කේන්ද්‍රයක්ද, අධ්‍යාත්මය සඳහා නැඹුරු නම් ඒ සඳහා ගැළපෙන කේන්ද්‍රයක්ද, පොරොන්දම් පරීක්ෂාවෙන් හා කේන්ද්‍ර ගැලපීමෙන් නිර්දේශ කළ යුතුවේ. මෙහිදී 7 වැන්න, 8 වැන්නාධිපතිගේ පිහිටීම 7 වැන්නේ හා 8 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම හා එම ස්ථානවලට ඇති ග්‍රහ දෘෂ්ටීන් කුජ මිතුරුව පිහිටීම, අතිධාවනකාරී කාමයෝග ඇත්නම් ඒවායේ බල දුබලතාවය, ඉහත සඳහන් ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ ශඩ් වර්ණය, නැකත අවස්ථාවන් එම ග්‍රහයන්ට අදාළ වන ජීව ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාවය, ඊට අමතරව 5 වැන්න හා 11 වැන්නට අදාළව ග්‍රහ පිහිටීම මඟින්ද, එනම් විවාහයට පෙර සබඳතාවය 5 වැන්නෙන්ද, විවාහයට පසු සබඳතා 11 වැන්නෙන්ද පරීක්ෂා කළ යුතුවේ. එසේම කුජ සිකුරුගේ පරිවර්තන (රාශි, නවාංශක, නැකැත්) පරීක්ෂා විය යුතුවේ. මෙහිදී ඉහත සඳහන් කළ ස්ථාන හා ග්‍රහයන් පාප පීඩිත වීම, නීච සතුරු වීම, ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට හසු නොවීම ආදී විශාල කරුණු සංඛ්‍යාවක් අධ්‍යනයකර පලාඵල කථනය සිදු කළ යුතුවේ. (අනියම් සබඳතා විකෘති කාම ආශාවන් ආදිය)
මෙහිදී මෙවැනි යෝග (ග්‍රහ පිහිටීම්) කේන්ද්‍රය තුළින් පෙන්නුම් කරන්නේ නම් එවැනි අය ඒ සඳහා පූර්ව දැනුවත් වීම තුළින්, කර්මානුරූපීව වන බලපෑම අවම කර ගැනීම සඳහා උත්සාහය හා වීර්යය තුළින් ජය හැක. ඉහත යෝගයන් ඇත්නම් මහ දශාව සහ අන්තර් දශාව, ගෝචර ගමන පාදක කර ගෙන, එවැනි සබඳතා ඇතිවන කාලය නිර්ණය කළ යුතුවේ. එමඟින් අදාළ කාලඡේදයන් පෙර හඳුනා ගැනීම හා දැනුවත් වීම මඟින් ඒ සඳහා පිළිවෙත් හා ප්‍රතිකර්ම කිරීමෙන් හා එම පුද්ගලයා සතු වීර්යය තුළින් හා සහසම්බන්තාවයන්හි ඇති බලවත් වීම තුළින් (පවුල් සංස්ථාව තුළ) මේවා මඟ හරවා ගත හැක. ජ්‍යෙdතිෂය යනු කර්මය පදනම් කරගෙන, අනාවැකි පළ කරන විෂයක් වන අතර, මෙය ලෞකික දියුණුව සඳහා යොදාගත හැකි ලොව පවතින විද්‍යාවන් අතරින් අද්විතීය සම්පතකි. නමුත් බුදු දහම අනුව සියලු දේ කර්මයට භාර නොදී, අනෙකුත් න්‍යාය ධර්මයන් පාදක කරගෙන, ආර්ය සත්‍යයට අනුකූලව, ලොව පවතින යථා ස්වරූපය එලෙසින්ම විග්රහ වන, පරම සත්‍යයම වේ. එම නිසා ජ්‍යෙdතිෂය හා බුදු දහම සමගාමීව යන විෂයන් 2 ක් නොවන අතර ජ්‍යෙdතිෂය යනු ලෞකික සම්පත් හා අධ්‍යාත්මය දියුණු කර ගැනීමට උපයෝගී කරගත හැකි විෂයක් වේ. (පෘතක්ජනයන්ට) මා විසින් පෙර පරිච්ඡේදවල සඳහන් කළ යෝගවල බලපෑමක් ඇත්නම්, ප්‍රතිකර්ම කිරීමේදී දෙවියන්ගේ පිහිට සෙවීම තුළින් බෞද්ධයන්ගේ සරණාගමනය (තිසරණය පිළිබඳව පවතින පිවිතුරු චිත්නය) කිළිටි වේ යන්න ඇතැමුන් කිව්වත් එය එසේ පිළිගත නොහැක. ස්වශක්තියෙන් සිදු කර ගත නොහැකි දෙයක් එය සිදු කර ගැනීමට හැකි කෙනෙකු ලවා සිදු කර ගැනීමේදී ගරු බුහුබන් කිරීමට, තෑගි බෝග දීමට සිදුවේ. ඒ ආකාරයෙන් දෙවියන්ගෙන් යමක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වැඳුම් පිදුම් කරති. එය රාජ්යාධීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණාගමනයට හානියක් නොවන ආකාරයට දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන්ද හානියක් සිදු නොවේ. හානියක් සිදු වන්නේ රත්නත්‍රයට වඩා උසස් කොට දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමෙනි. එනම් එවැනි පූජාවක් කරන්නේ නම් ප්‍රථමයෙන් තිසරණයේ පිහිට (බුදුන්, දහම්, සඟුන් වැඳ) ලබා ගැනීමට බෞද්ධයන් විසින් කළ යුතුවේ. මෙවැනි යෝaගයන් ඇති වන්නා වූ අයගේ ග්‍රහ පිහිටීම් අදාළ කරගෙන, එම අදාළ ග්‍රහයන්ට කළ යුතු පිළිවෙත් හා ප්‍රතිකර්ම සිදු කළ යුතු අතර, අමනුෂ්‍යයන් මුල් කරගෙන බන්ධන කර ඇත්නම් (වශී, ඉනා ආදී) කේන්ද්‍රය සූක්ෂම ආකාරයට පරීක්ෂා කිරීමෙන්, ඒවාද හඳුනාගත හැකි අතර, මෙහිදී (කේතුගේ, රාහුගේ පිහිටීම, ඔවුන්ගේ මහදශා, අන්තර් දශාවල බලපෑම) සැලකිල්ලට ගත යුතුය. සෝවාන් වූ ආනන්ද හිමියන්ට පවා රොඩී බන්ධනයක් කිරීම නිසා උන්වහන්සේටද බලපෑමක් සිදු වුණේ නම්, ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සිතා බැලීම පාඨක ඔබට භාර දෙන අතර මෙවැනි දෙයකට සම්බන්ධ වීම විශාල අකුසලයක් බව සිහියේ තබාගත යුතුවේ.
වැඩිදුර විස්තර සඳහා 071-8602525, 011-5248187 අංක අමතන්න
ඩී. ජී. එස්. මුදලිගේ
divaina.com