iranama
අනිටු පල දෙන ස්ත්‍රී ග්‍රහයෝග
පුරුෂයකු ස්ත්‍රියක සමග විවාහ දිවියට ඇතුළු වන්නේ ආදරය, රාගය, ආශාව, ලිංගිකත්වය, සතුට, සැනසුම, සෞඛ්‍ය යන කරුණු මුදුන්පත් කර ගැනීම සඳහාය.
නමුත් බොහෝ පුරුෂයන්ට තම විවාහ ජීවිතයේදී එම බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකිවේ. එයට හේතුව විවාහයට පෙර තම සහකාරිය හරි හැටි හඳුනා නොගැනීමයි. සිනාවෙන් කතාවෙන් හෝ සාමාන්‍ය වෙනුවෙන් කාන්තාවක් හඳුනා ගැනීමට නොහැක. කාන්තාවක් හඳුනා ගත හැක්කේ ඇගේ ජන්ම කේන්ද්‍රය හරි හැටි පරීක්ෂා කිරීමෙන් පමණි. කාන්තාවන්ගේ සැඟවුණු ගති ගුණ ශුභ අශුභ කේන්ද්‍රය මගින් දැනගත හැක.
සමහර ස්ත්‍රී ජන්ම පත්‍රවල අශුභ යෝග දැකිය හැක. එවන් කාන්තාවක් විවාහ කරගත් පුරුෂයන්ට දුක් කම්කටොලු කරදර හිරිහැර සමහරවිට මරණයද සිදුවනු ඇත. එවන් යෝගයන් ගැන බලමු. ස්ත්‍රී ජන්ම පත්‍රයක දුබලවූ හෝ පාප පීඩිත වූ රවි හත්වැනි රාශියේ වූයේද ඇත. උතුම් කුලයක වුවත් දුරාචාර ඇත්තියකි. එසේම නීච වූ කුජ හත්වැන්නේවත් සෙනසුරු සමග සිංහ රාශියේවත් සිටියේද ඇයද උතුම් කුලයක උපත ලැබූවත් දුරාචාරයට යොමුවූ කණවැන්දුම් කතක් වේ.
රාහු හත්වැන්නේ සිටියදී උපන් ස්ත්‍රියගේ හත්වැන්න පාප පීඩිතව දුබල වුවොත් ඇයට ස්වාමි සැප හීනවේ.
යම් කාන්තාවක් උපදින කල කුජ ශනි රාහු යන ග්‍රහයන් චන්ද්‍රයාගෙන් හත්වැන්නේ හෝ ලග්නයෙන් හත්වැන්නේ හෝ අටවැන්නේ පාප දෘෂ්ටි සහිතව සිටියේද ඇගේ සැමියා මිය යන්නේය. කාන්තාවකගේ ලග්නාධිපති හෝ හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වර්ග ඵල සිටියදීවත්, ලග්නයෙහි හෝ හත්වැන්නෙහි පාප ග්‍රහයන්ගේ වර්ග ඇතිවූ කලවත් ඇය කාලය විනාශ කරන සැමියා නසන පරපුරුෂයන් සොයා යන ස්ත්‍රියකි. පාප ග්‍රහයකුගේ ලග්නය වූයේද ලග්නයේ පාප ග්‍රහයන් සිටියේද සඳු පාපයකුගේ රාශියක වූයේද හෝ පාපයන් සමග වූයේද එම ලග්නය සහ චන්ද්‍රයා ශුභ ග්‍රහයන් ගේ දෘෂ්ටියට ලක් නොවන්නේද එකල උපන් ස්ත්‍රිය අධික කාමයෙන් මත්වී සොර සැමියන් සමග එක්වී පුරුෂයන් දෙදෙනකු මරා දමයි.
මේෂය හෝ වෘෂ්චිකය අටවැන්න හෝ දොළොස්වැන්න වී එයින් එක්තැනක පාප ග්‍රහයකු සමග රාහු සිටියේද එම කතගේ සැමියා මිය යන්නේය. තවද හත්වැන්න කටකය වී රවි සමග කුජ සිටියේද ඇයද පරපුරුෂයන් සොයා යන්නියකි.
ස්ත්‍රී කේන්ද්‍රයක 4, 8, 7, 12 යන රාශියක පාප ග්‍රහයකු සමග කුජ සිටියේ නම් ඇය තම හිමියා අතහැර සොර සැමියන් සොයා යනු ඇත. තවද උපතේදී කුජගේ අංශකයේ සිකුරුත් සිකුරුගේ අංශකයේ කුජත් සිටියේද ඇය කාමයෙන් මත්වී අභිසාරිකාවක මෙන් පිරිමි සොයා යන්නියකි. කාන්තාවකගේ උපතේදී ශුභ ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වූ පාප ග්‍රහයකු දුබලව හත්වැන්නේ සිටියේද ඇය ස්වාමි සැප හීන කෙනකු වන අතර දුබල සඳු සමග කුජ සිකුරු දෙදෙන (සතුරු) හත්වැන්නේ සිටියේද ඇය සැමියාගේ අනුදැනුම ඇතිව සොර සැමියන් සමග යන්නියකි. දුබල වූ පාප ග්‍රහයන් හත්වැන්නේත් ලග්නයේත් සිටියේද ඇගේ සැමියා ජීවත් වන්නේ වර්ෂ හතකි. තවද දුබල වූ චන්ද්‍රයා හය වැන්නේ හෝ අටවැන්නේ සිටි විටදී සැමියා අට වසරකදී මිය යනු ඇත. පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වූ හත්වැන්නාධිපති අටවැන්නෙත් අටවැන්නාධිපති හත්වැන්නෙත් සිටියේද ඇගේ සැමියා මියගොස් ඇය වැන්දඹුවේ. තවද දුබල වූ හත අධිපතියා සමග අට අධිපතියා හයේවත් දොළහෙවත් සිටියේද ඇය වැන්දඹුවන්ය.
සිකුරු, මකර, කුම්භ, මේෂ, වෘෂ්චික යන රාශියක සිටියදී පාප දෘෂ්ටියට ලක්වූ සඳු ලග්නයේද එම කාන්තාව තම මව සමග පරපුරුෂයන් සොයා යනු ඇත. තවද සෙනසුරු කුජගේ අංශකයේ සිටියේද ඇය යෝගි ව්‍යාධියෙන් පෙළෙන කාන්තාවකි.
ජ්‍යෙතිෂවේදී, වාස්තු උපදේශක, යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විඡේසේන
174/22, තුත්තිරිහේනවත්ත, මීරිගම පාර, වේවැල්දෙණිය.
0770472649.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks