iranama
සෙනසුරු අපලයට බිය නොවන්න
සෙනසුරු හැර වෙනත් ග්‍රහයින්ගෙන් ඇති කෙරෙන අපල උවදුරු තත්ත්වයන්ට වඩා සෙනසුරුගෙන් ඇති කෙරෙන අශ=භ තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි දෙනා තුළ බලවත් බියක් පවතී. ඊටත් වඩා සෙනසුරු ඒරාෂ්ටක සම්බන්ධයෙන් පවත්නා බිය දෙගුණ තෙගුණ වී ඇති බැව් පැහැදිලි කාරණයකි. සෙනසුරු ඒරාෂ්ටක සම්බන්ධයෙන් වැඩි දෙනා තුළ අනියත බියක් පවතී.
ග්‍රහයින්ගෙන් හා සෙනසුරු ඒරාෂ්ටක මගින් අපල තත්ත්වයන් ඇති වන්නේ කෙසේ දැයි විමසා බැලූවහොත් මේ සම්බන්ධයෙන් ඔබට මනා වැටහීමක් හා අවබෝධයක් ඇතිකර ගැනීමට පිළිවන.
රාහු, කේතු හැර අනෙකුත් ග්‍රහයින්ට ග්‍රහ ලෝක පවතී. මෙම ග්‍රහ ලෝක මගින් නිරතුරුව යම් කිරණ සමූහයක් පෘථීවිය වෙත විසුරුවා හරී. එය විද්‍යානුකූලව ද සනාථ වී ඇත. එහෙත් මෙම ග්‍රහ ලෝක මගින් විසුරුවා හරින කිරණ සියල්ලම පියවි ඇසට දර්ශනය නොවුව ද රවි හා චන්ද්‍රයාගේ කිරණ හෙවත් රශ්මි ධාරාව පියවි ඇසින් දර්ශනය කිරීමට හැකියාව පවතී.
මෙසේ ග්‍රහයින්ගෙන් කිරණ සමූහයක් විහිදුවන අතර මනුෂ්‍යයාගේ සිරුර මගින් විහිදුවන කිරණ සමූහයන් පදනම් කරගෙන මිනිසා වටා එක්තරා රැස් වළල්ලක් පවතී. මනුෂ්‍යයා තුළ පවත්නා ගුණාත්මක භාවය අනුව මනුෂ්‍යයා වටා පවතින රැස් වළල්ලේ බල තත්ත්වය තීරණය වේ. උසස් මානසික තත්ත්වයක් පවත්නා පුද්ගලයාගේ රැස් වළල්ලේ ප්‍රබලත්වය වැඩි කෙරෙන අතර දුර්වල මානසික තත්ත්වයක් පවත්නා පුද්ගලයාගේ රැස් වළල්ල දුර්වල තත්ත්වයෙන් පවතී.
ග්‍රහ ලෝකවලින් විහිදුවන දුර්වල නැතහොත් අශ=භදායක තත්ත්වයේ කිරණ දුර්වල රැස් වළල්ලක් පවත්නා පුද්ගලයාගේ ශරීරයට උරාගන්නා ප්‍රමාණය වැඩි කෙරේ. මෙවැනි අයහපත් කිරණයන් ශරීරගත වූ විට එවැනි කිරණ මනුෂ්‍යයාගේ මොළය කරා අවතීරණය වේ. මෙවැනි කිරණයන් මොළයට අවතීරණය වූ විට මානසික තත්ත්වය දුර්වල භාවයට පත් කෙරෙන අතර වැරදි තීරණ ගැනීම හෝ අශ=භදායක දේවල් කෙරේ යොමුවීම වැඩි කෙරේ. මෙම තත්ත්වය ශ=භදායක වන විට එනම් ශ=භදායක කිරණ ඇතුළු වූ විට ශ=භ පක්ෂයේ ප්රවණතාවන් වැඩි කරයි.
සෙනසුරු ඒරාෂ්ටක මගින් ඇති කෙරෙන අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ජ්‍යොතිෂයේ මූලාරම්භයේ සිටම යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. බුද්ධාගම ලෝකයේ ප්‍රචලිත වීමෙන් පසුව වෙනත් ශාන්තිකර්මයන්ට අමතරව බෝධිපූජා වැනි දේවල් එකතු වී ඇත. එමගින් ද යම් සහනයක් ලබාගැනීමට හැකියාව ඇත.
සෙනසුරුගේ අපල තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා බෝධිපූජාවන්ට අමතරව යම් යම් යාගහෝම, දානයන් දීම වැනි දේවල් සමග තවත් විවිධ දේ නියම කර ඇත. මෙවැනි වත්පිළිවෙත්වලින් යම් යම් සහනයක් ලබාගැනීමට හැකියාව ඇත.
සෙනසුරු ඒරාෂ්ටක හෝ සෙනසුරුගෙන් ඇති කෙරෙන යම් උපද්‍රවයක් මගහරවා ගැනීම සඳහා විෂ්ණු දෙවියන්ට බලයක් ඇතැයි මහා භාරතයේ බොහෝ දෙනකු තුළ බලවත් විශ්වාසයක් පවතී. එය මෙරට ජනයා අතර ද දැන් ප්‍රචලිතව පවතී. එබැවින් පහත සඳහන් පිළිවෙත් අනුගමනය කෙරේ.
ඒරාෂ්ටක අපල පවත්නා කාලයේ දී විෂ්ණු දෙවියන් වෙනුවෙන් බාරයක් වී ඒරාෂ්ටකය අවසන් වීමෙන් පසුව එය තමා ගිවිස ගත් ආකාරයෙන් ඔප්පු කළ යුතුය. මෙය විෂ්ණු දේවාලයක් තුළ සිදු කළ යුතුය. විෂ්ණු දෙවියන් උදෙසා නිල් තිර පූජාකිරීම හා සෙත්කවි ඔප්පු කිරීම හා එම දෙවියන් වෙනුවෙන් රූප තැනීම හා ඊට ආධාර, අනුබල දීම මෙරට ජනයා ද සිදු කරනු ලබන ක්‍රියා පිළිවෙතකි.
සෙනසුරුගේ අපල තත්ත්වයන්ගෙන් මිදීම සඳහා යම් යම් ආකාරයේ දාන දීම මෙරට සිදු කරනු ලබන තවත් චාරිත්රයකි. දානදීම බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවත්නා එකකි. උපෝසත සිල් සමාදන් වී සිටින පුද්ගලයන්ට ආහාර දීම තවත් එක් ක්‍රියාවකි.
පාදවල අසනීප තත්ත්වයන් පවත්නා යාචකයන් වෙනුවෙන් කිරි සහිත ආහාර ලබාදීම තුළින් යම් සහනයක් ලබාගැනීමට පිළිවන. අලූයම් කාලයේ හිරු උදාවට පළමුව ගිතෙල් මිශ්‍ර කිරිබත් සමග ගිතෙල් පහන්තිර කපුටන්ට දීම තවත් දාන විශේෂයකි. මෙය සෙනසුරාදා දවසක පදිංචි ස්ථානයේ බටහිර දෙස තබා දීම වඩාත් යෝග්‍ය පිළිවෙතකි. ජරාජීර්ණ තත්ත්වයට පත් සිඟමන් යදින පුද්ගලයන්ට ආහාරපාන වර්ග ලබාදීම සෙනසුරු අපලය සම්බන්ධයෙන් තවත් පිළිවෙතකි.
ඒ ඒ ග්‍රහයින්ට ආවේ
Wmqgd .ekSu