iranama
ඔබේ පොරොන්දම් ඔබටම බලාගන්න පුළුවන් ඒ කොහොමද?
ඔබේ පොරොන්දම් ඔබටම බලාගන්න පුළුවන් ඒ කොහොමද?
“මේ හැම දෙයක්ම වෙන්නේ කරුමෙ නිසා” “කරුම කරලා තියෙනවා නම් ගෙවන්නම වෙනවනේ” “මේ කසාදේ නම් කරුමෙටම වෙච්ච දෙයක්” “කවදා මේ කරුමෙ ගෙවලා ඉවරවෙයිද මන්දා” පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වුණොත් විවාහය එපාවෙන තරමට කරුණු කාරණා සිද්ධ වුණොත්, අඹුසැමි ප්‍රශ්න නිසා ජීවිතේ කලකිරුණොත් බොහෝ දෙනෙක් සිතන්නේ එය තමන්ගේ කරුමෙට සිදුවෙන දෙයක් හැටියටයි.
කර්මය කියන්නේ සැමටම පොදු ධර්මතාවයක්.
මේ නිසා ගත කරන ජීවිතය කුමක් වුවත් ඔහුගේ හෝ ඇයගේ කර්ම ශක්තිය අනුව ජීවිතය ගමන් කරයි.
විවාහ දිවියට පා තබන දෙදෙනකුගේ පොරොන්දම් පරීක්ෂා කිරීම වැදගත් වන්නේ විවාහ ජීවිතය යනු කෙනකුගේ දෙවැනි උපත නිසයි. අප දැන් මේ පිළිබඳ වැඩිදුර විමසා බලමු.
ඡ්‍යොතිෂයේ පොරොන්දම් විස්සක් තිබෙයි. ඊට අමතරව භෞම දෝෂය, කඩහන්දි දෝෂය සංසාරයෙන් එන විවාහ දෝෂ වන ශනි මංගල යෝගය ආදී නොයෙකුත් දෝෂ ගැන ඡ්‍යොතිෂය උගන්වයි.
අද ලෝකය දෙස බැලුවොත් නව තාක්ෂණය කෙතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න අමුතුවෙන් කිවයුතු නොවෙයි. අපට නොපෙනෙන නමුත් වෙනත් රටවල අය ද විද්‍යාත්මකව පොරොන්දම් ගැළපීමක් කරයි.
ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක හා බටහිර වෙනත් රටවල් අතර පසුගිය කාලවල කරන ලද විවාහ ජීවිතයේ සතුට පිළිබඳ සමීක්ෂණයන්හිදී අධිකරණයේ වැඩිම වශයෙන් දක්නට ලැබෙන්නේ දික්කසාද නඩු බව ඔප්පු වී තිබෙනවා. ඡ්‍යොතිෂය මුල්්කොට ගනිමින් විවාහ වන අය ගතහොත් ඒ වැඩි දෙනෙක් ඉතාමත් සාර්ථක ලෙස සතුටින් විවාහ ජීවිත ගත කරන බවක් දක්නට ලැබෙයි. ඇතැම් විට පොරොන්දම් පරීක්ෂාකර කරන ලද විවාහයන් හි වුව විවාහ ජීවිත දෙදරා ගිය අවස්ථාවන් ද නැතුවා නොවේ.
ඊට හේතුව වන්නේ තුන්වැනි ඇසක් ඇති ඈත දුර දකින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියකු ලවා හරියාකාරව පොරොන්දම් පරීක්ෂා නොකොට අඩු මට්ටමේ දැනිමක් ඇති ඡ්‍යොතිෂයේ අයන්නවත් නොදන්නා අය වෙතින් පොරොන්දම් පරීක්ෂා කරවා ගැනීමයි.
මේ අය පොරොන්දම් ගැළපෙනවාය යන්න දැනුමකින් තොරව කී පමණින් එය විශ්වාස කොට විවාහ දිවියට ඇතුළත් වී පසුව එම පවුල් ජීවිත අසාර්ථක වීමෙන් ඡ්‍යොතිෂයට දොස් පවරමින් කල්ගත කරන අය ද අපට හමු වෙයි. නමුත් හරියාකාරව නිසි පරිදි සියලු පොරොන්දම් ගළපා ගනිමින් විවාහ දිවියට ඇතුළත් වූවේ නම් වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන යුවළක් බවට පත්වීම ඒකාන්තයි.
අද අප රටේ දක්නට අසන්නට ලැබෙන ශෝචනීය තත්ත්වයක් වන්නේ තම පවුල් ජිවිතය අසාර්ථක වීමෙන් පසු තමන්ගේ ඉලක්කය කරා ගමන් කිරීම සඳහා තවකකුගේ පවුල් ජීවිතය කඩාකප්පල් කොට සැප සම්පත් දේපළ ඇති අයකු රවටාගෙන බැඳගැනීමයි.
එම නිසා ඡ්‍යොතිෂය උපයෝගී කරගෙන ඊළඟ ආත්මයටත් පවු රැගෙන යන්නේ නැතිව නිසි පරිදි පොරොන්දම් ගළපාගෙන නියම යුග දිවියකට පත්වීමට උත්සාහ කිරීමයි මෙහිදී වඩාත් වැදගත් දෙයක් වන්නේ.
ඇත්තටම මෙම පොරොන්දම් ගැන එහි ගැළපීම් ගැන තමන්ට කිසියම් ආකාරයක දැනුවත් බවක් ලබන්නට හැකි නම්.
ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි පෙරොන්දම් ගැළපෙන්නේ කෙසේද? මෙසේ දැක්වෙන පොරොන්දම් මොනවාද යන්න ගැන වටහා ගන්නට තරම් දැනුමක් ඔබ තුළ තිබීම එය ඔබේ ජීවිතයේ ලබන වටිනා අවස්ථාවක් වේවි. අප ඔබට මේ පිළිබඳව වැටහීමක් ලබා දෙන්නම්.
මෙහිදී පළමුවෙන්ම විසි පොරොන්දමේ පළමුවැනි පොරොන්දම ගැන කතා කරමු. එය නැකැත් පොරොන්දමයි.
එය බලා ගන්නේ කෙසේද? ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත ඉලක්කමෙන් 2, 4, 6, 8, 11, 13, 15, 17, 18, 20, 22, 24, 26 හෝ 27 නම් ඉතාමත් සුබයි. එසේ නම් ඔබගේ නැකැත් පොරොන්දම යම් ප්‍රමාණයකට ගැළපෙනවා ඇත. මෙහිදී සඳහන් නොවුණු 3 - 5 - 7 - 10 - 12 - 14 - 16 - 19 - 21 - 23 හෝ 25 ට ගැනේ නම් එය අසුබ වෙයි.
උදා: යම් කෙනෙක් යම් ලග්නයකින් උපත ලබන විට අප සිතමු ස්ත්‍රිය අස්විද නැකතේ උපත ලබා පුරුෂයා ඉපදුණේ දෙරණ නැකතේ කියා. එවිට ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකතට ගැළපෙන කළ 2 වෙයි.
ඒ කියන්නේ එය සුබ බවයි.
අස්විද නැකත - 1
දෙරණ නැකත - 2
කැති නැකත - 3
රෙහෙණ - 4
මුවසිරස - 5
අද නැකත - 6
පුනාවස නැකත - 7
පුස නැකත - 8
අස්ලිස - 9
මා නැකත - 10
පුවපල් - 11
උත්‍රපල් - 12
13 - හත
14 - සිත
15 - සා
16 - විසා
17 - අනුර
18 - දෙට
19 - මුල
20 - පුවසල
21 - උත්‍රසල
22 - සුවණ
23 - දෙනට
24 - සියාවස
25 - පුවපුටුප
26 - උත්‍රපුටුප
27 - රේවති
උදා - ස්ත්‍රියක් උපත ලැබුවේ අස්විද නැකතේ යයි සිතමු. තම පෙම්වතා උපත ලබා ඇත්තේ කැති නැකතින් යයි සිතමු.
ස්ත්‍රිය උපන් නැකතේ සිට ගැනගත් කල පිරිමියාගේ නැකත වන්නේ තුන්වැනි නැකතයි. එවිට නැකැත් පොරොන්දම් නොගැළපේ. ඒ ආකාරයට ඔබගේ හෝ ඔබේ පුරුෂයාගේ හෝ පෙම්වතාගේ නැකත ගැළපෙනවාද යන්න මේ අනුව ඔබටම බලාගත හැකියි. මෙය අත්‍යවශ්‍යම පොරොන්දමකි.
ලබන සතියේ සිට අනෙක් පොරොන්දම් ගැන විමසා බලමු.
උපදෙස් - ආචාර්ය බී. මංජුල පීරිස්
(විශ්ව කීර්ති, ඡ්‍යොතිෂ විශාරද දේශමාන්‍ය)
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks