Life
හොඳින් මතක තබා ගන්නේ කෙසේද?
අධ්‍යයන කටයුතුවල සැබෑ දුෂ්කරතාවන් හමුවන්නේ ඒවායේ යෙදී සිටින අයටය. මෙම ලිපි පෙළ යළි ආරම්භ කිරීමත් සමඟ පිළිතුරු දිය නොහැකි තරමට කෙටි පණිවුඩ ද ගලාඑමින් පවතී.
ඔවුහු පාඩම් කිරීමේ දී මතුවූ දුෂ්කරතා ද කියති. ඇතැමෙකුට පෞද්ගලිකව පිළිතුරු දීමට නොහැකි වුවද ඔබේ ප්‍රශ්න හා ස්තූති සියල්ලම ස්තූති පූර්වකව බාරගත්බවත්, ඒවා සැලකිල්ලට ගෙන ලිපි පෙළ සකස් කරන බැව් කියන්නට කැමැත්තෙමි.
බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කරුණක් වී තිබුණේ පාඩම් කිරීමේ දී අවධානය කේන්ද්‍රීය තැනකට ගෙන ඒමයි. (Concentration). සැබවින්ම එය වැදගත් ප්රශ්නයකි. මෙහිදී මේ හා බැදුණු වෙනත් ආකාරයෙන් ප්රශ්නය මතු කළ අය කියා සිටියේ මතක තබාගැනීම දුෂ්කර බවයි. ඇතමෙක් මතක තබාගැනීමේ ක්‍රම ද විමසූහ. ඒ පිළිබඳ විවිධ ලිපි හා තොරතුරු පසුගිය කාලයේ දියණිය මඟින් අපි ඉදිරිපත් කර ඇත්තෙමු. කෙසේ වෙතත් පාඩම් කිරීමේ දී මතකය සඳහා අවධානය හසුරුවා ගැනීම පිළිබඳ අද අපේ ප්‍රමුඛතාව හිමිවෙයි.
දැන් විභාගයට එතරම් දිගු කාලයක් නැත. ඉලක්කය කරා වේගයෙන් යා යුතුය. විභාගය නිශ්චිත ස්ථානයක තිබෙන ගමනක් නම් ඔබ මේ මොහොතේ තෝරාගනු ඇත්තේ අධිවේගී මාර්ගය හෙවත් හයි වේ එකයි. ඔබේ මතකය සඳහා මොළය සැකසී ඇති ආකාරය අධිවේගී මාර්ගයක් යැයි මොහොතකට සිතන්න. එය පරිපූර්ණ එකකි. එහෙත් ඇතැම් දිනෙක අධිවේගී මාර්ගයේ වුව වේගයෙන් ගමන් කළ නොහැකිය.
කිසියම් හේතුවක් නිසා අධිවේගයේ මාර්ග තදබදයක් ඇතිවුණි නම් වේගවයන් ගමන් කළ නොහැකිය. විභාගය නිසා හටගන්නා ආතතිය, දිනෙන් දින විභාගය ළංවන විට දැනෙන අවිනිශ්චිත බිය, මේ අතරවාරයේ ගෙදර-දොර හා යහළු යෙහෙළියන් අතර ඇතිවන චිත්තවේගික ගැටලු සෘණාත්මක චිත්තවේගයන් බිහිකරනු ඇත.
අම්මා හෝ තාත්තා යම් දෙයකට දෝෂාරෝපණය කළ විට ඔබ ඉන්නේ කනස්සල්ලෙනි. ගෙදරට හොරෙන් යමක් කළ විට එය හසුවේයැයි ඔබ සිතන විට ඇඟට දැනෙන්නේ සෘණාත්මක චිත්තවේගයකි. ඔබේ සමීපතමයෙකු හිත රිදෙන යමක් කළ කී විට හිතට දැනෙන්නේ නුරුස්සන ගතියකි. ඔබේම වචනයෙන් කියන්නේ නම්