අප හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ලෙඩ දුක්වලින් තොරව නීරෝගීව ජීවත්
වීමටයි. නමුත් එය අද අප අත්විඳින කාර්ය බහුලත්වය සමඟ අභියෝගයක් බවට පත්ව
තිබෙනවා.
තමාගේ කායික මානසික නිරෝගීභාවය සඳහා බොහෝ දෙනා පහසුවෙන් භාවිත කළ හැකි
විවිධ අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා තිබේ.
ඒ අතරින් තේ දල්ලේ සාරයෙන් නිපදවෙන Green Tea
භාවිතයට අද බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. සාමාන්‍ය තේ පානයේදී ලබනවාට
වඩා ප්රතිලාභ රැසක් ගී්රන් ටී භාවිතයෙන් ලබාගත හැකි වන්නේ එහි ඇති
සුවිශේෂී ගුණ නිසයි.
නමුත් අද ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබ සැවොම දන්නා ගී්රන් ටී පානය ගැන නම් නොවේ.
ලංකාවේ අපට තරමක් නුපුරුදු ලෝකයේ වෙනත් රටවල සිදුකරන ගී්රන් ටී බාත්
(ගී්රන් ටී ස්නානය) ප්‍රතිකාරයේ වැදගත්කම හා එය භාවිතය පිළිබඳ දැනුවත්
කිරීමටයි. හරිත තේ Camellia Sinensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ විශේෂයයි.
මෙහි ඇති Polypheuol Catechins
නමැති රසායනිකය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙම ප්‍රතිඔක්සිකාරක
ගුණය මඟින් කායික රෝගාබාධ රැසක් සුව කිරීමේ හැකියාව ලබාදී ඇත. හරිත තේ
උපයෝගී කොට ගෙන සිදු කරන ස්නානය මඟින් මෙම ගුණයන් ශරීරයට බාහිරව ලබාගත
හැකිවෙයි.
මෙම හරිත තේ ස්නානය සහිත ප්රතිකර්මය සිදු කරන්නේ කෙසේද?
සාන්ද්‍ර හරිත තේ ජල තටාකයකට දමා මඳ උණුසුමින් එහි විනාඩි 20-30 ක් පමණ
ගිලී සිටීමෙන් ශරීරයේ සමෙහි වන වෙනස එවෙලේම නිරීක්ෂණය කළ හැකිවෙයි.
මෙම ප්‍රතිකාරය ඉතා හොඳ විස හරණ ක්රමයකි. එසේම එහි ඇති ප්‍රතිඔක්සිකාරක
ගුණයෙන් ශරීරයේ වියපත් වීම උත්තේජනය කරන නිදහස් මුක්ත ඛණ්ඩක ඇතිවීම අවම
කරයි.
එමඟින් ශරීරයේ සම අකලට වියපත් වීම සමඟම ඇතිවන සම වියළීම, රැලි වැටීම, එල්ලා වැටීම මෙන්ම හිරුඑළියෙන් සමට සිදුවන හානි වළකාලයි.
සම සුසිනිඳුකර සමේ ප්‍රභාවය වැඩි කරයි. එසේම හරිත තේවල ඇති පෝෂණ ගුණය
සමේ සෛලවලින් අවශෝෂණය කරයි. එමඟින් සමට හොඳ පෝෂණයක් ලබාදී නැවුම් බවක්
ලබාදෙයි. හරිත තේවල ඇති ස්වභාවික කහට ගුණය මඟින් සමට හොඳ තානයක් (tone) ලබා දී සම එල්ලා වැටීම වළකයි.
මීට අමතරව සම ආශි‍්‍රතව ඇති කුරුලැ කැළැල් , කැසීම්, අළුහම්, දහදිය බිබිලි ආදිය සඳහා ද කදිම විසඳුමක් වෙයි.
මෙම
හරිත තේ ස්නානයට පෙර ප්‍රතිකාරයේ ගුණය තවදුරටත් වැඩිකර ගැනීමට අවශ්‍ය ලෙස
හරිත තේ සාරය යොදා ගෙන සම්බාහනයක් ඕධඤර ඉජපභඡ හෝ තෛල සම්බාහනයක් ද කරගත
හැකියි.
එසේම මෙම හරිත තේ ස්නානයට පුද්ගලයා අනුව හෝ අවශ්‍යතාවය අනුව අවශ්‍ය
විවිධ ඖෂධ විවිධ ලුණු වර්ග තෙල් වර්ග ද මිශ්‍ර කරමින් ප්‍රතිකාරය තව දුරටත්
ප්‍රතිඵලදායක කරගත හැකිය.
මෙහිදී කායික සැහැල්ලුව මෙන්ම මානසික සැහැල්ලුවද ලබාගත හැකිවීම විශේෂයකි.
(under the courtesy of goodhousekeeping.lk web)