Life
හිසරදය වැඩිකරන වැරැදි පුරුදු 4ක්
හිසරදය කියලා කියන්නේ අද බොහොම සුලබ රෝගයක්. ලෝකයේ සෑම පස් දෙනකුගෙන් එක් අයකුටම මේ කියන හිසරදය නිතරම හට ගන්නවා. සමහරුන්ට හිසරදය නැති වෙලාවක් නැහැ. ඒ නිසා හිසරදය සමනය කරන බෙහෙත් පෙති නිතරම ළඟ තබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ එදිනෙදා කරන වැරැදි පුරුදු නිසාත් හිසරදය ඇති වෙන්න පුළුවන්. මේ ක්‍රම අනුගමනය කළොත් සමහර විට ඔබේ හිසරදය නැති වෙලා යන්න පුළුවන්.
රෑට නානවද
මානසික ආතතිය, ඇස්වල දෝෂ, විඩාව, විජලනය වගේ හේතු නිසා හිසරදය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඉරුවාරදය කියන්නෙත් හිසරදයේම දරුණු තත්ත්වයක්. අධික උණුසුම් දවස්වලට හිස සිසිල් කර
ගන්න හිතාගෙන සමහර අය හිස් කබලේ වතුර ගාගන්නවා. ඒකෙන් හිසේ උණුසුම අඩු වෙනවා. නමුත් ඉන් ඇතිවන අතුරුපල ඉතා විශාලයි. දීර්ඝකාලීන හිසරදය ඇති වෙන්න ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම රාත්‍රියට ස්නානය කරන එකත් හොඳ පුරුද්දක් නෙවෙයි. හිස කෙස් තෙත පිටින් තියෙද්දි නිදා ගත්තොත් නියමිත පරිදි වියැළෙන්නේ නැති වෙනවා. ඒකෙන් වෙන්නේ උදේට හිසරදය හැදෙන එක. ඒ හිසරදය මුළු දවසම අඩු වෙමින් වැඩිවෙමින් පවතිනවා මිස නැති වෙලා යන්නේ නැහැ.
ජෙල් ගාන අයට
හිසට ජෙල් ගාන අයටත් කියන්න දෙයක් තියෙනවා. ජෙල් ගාන එකෙන් වෙන්නෙ කොණ්ඩය එහෙ මෙහෙ අවුල් වෙන්න නොදී සෙට් කරලා තියාගන්න එකයි. ඒ කියන්නේ මේ වැඩේ කරන්නේ හිසකෙස්වල කෘත්‍රිම තෙතමනයක් ඇති කරලයි. මේ විදියට දවස පුරා ජෙල් ගාගෙන ඉද්දි මුළු දවසම කොණ්ඩය තෙතමනයෙන් යුතුව තමයි තියෙන්නේ. ඒකත් හිසරදය ඇති වෙන්න හේතුවක්. මුළු දවසම ඒ විදියට ජෙල් ගාගෙන ඉන්න අය රාත්‍රියට ඒ විදියටම නිදා ගන්නවා. ඒ කියන්නේ මුළු රෑ පුරාමත් හිසකෙස් තෙතමනයෙන් යුක්තයි. පැය 24ක් එක දිගට හිසකෙස් තෙතමනයෙන් තිබුණොත් හිසරදය හැදෙන්නෙ නැති වුණොත් තමයි පුදුම වෙන්න ඕනේ. ඒ වගේම ජෙල් ගාන අය රෑට නෑවාම හෙයා ඩ්‍රයර් එකක් අරගෙන හිස කෙස් සම්පූර්ණයෙන්ම වියළා ගන්න පුරුදු වෙන්න ඕනෙ. හෙයා ඩ්‍රයර් එක පාවිච්චි කරන එක පුරුද්දක් කරගන්න හොඳ නෑ. නමුත් රෑට විතරක් හෙයා ඩ්‍රයර් එකක් මඟින් තෙත කොණ්ඩය වියළා ගත්තාට කමක් නැහැ.
පරිගණක භාවිතය
දවසම කම්පියුටර් එක දිහා බලාගෙන වැඩ කරන අයටත් හිසරදය නිතරම හැදෙන්න පුළුවන්. ඒ නිසා කම්පියුටර් දිහා බලාගෙනම ඉන්න අය අඩුම තරමින් විනාඩි 20කට වරක්වත් විනාඩි දෙක තුනක විවේකයක් ගන්න උත්සාහ කරන්න. ඇස්වලට හොඳම විවේකය තමයි අෑත අනන්තය දිහා බලාගෙන ඉන්න එක. ඒ වගේ පෑන් තුඩක් දිහා බලාගෙන පෑන් තුඩ ඇසට ළං කරමින් අෑත් කරමින් කරන ව්‍යායාමයත් යෙදීම ඇස්වලට ඉතාම හොඳයි. මේ වගේ ව්‍යායාමයක් මඟින් ඇස් අවිවේකී බවින් මුදා ගන්න පුළුවන්. ඔබ විජලන තත්ත්වයෙන් පෙළීමත් හිසරදය හැදෙන්න හේතුවක්. නමුත් අපි විජලනයෙන් පෙළෙනවාද කියලා එකපාරටම හඳුනා ගන්න බැහැ. ඒ නිසා හොඳම දේ තමයි හැම තිස්සෙම වතුර බොන එක. වතුර කියන්නේ කොච්චර බිව්වත් නරක දෙයක් නෙවෙයි. ඒ නිසා නිතරම වතුර බොන්න. ඒක ඇස්වලට විතරක් නෙවෙයි මුළු සිරුරටම හොඳයි.
බඩගින්න
හිසරදය ඇති වෙන්න තවත් ප්‍රබල හේතුවක් තමයි බඩගින්න. බඩගින්නේ හිටියාම ගැස්ට්‍රයිටිස් හැදෙනවා වගේම හිසරදයත් හැදෙනවා. ඒ වගේම වේල් දෙකක් විතර නිරාහාරව හිටියාම ඉතාම ප්‍රබල හිසරදයක් හැදෙනවා. මේ හිසරදය නිසා බඩගින්නත් නැති වෙනවා. ඒ නිසා ආහාර වේල් මඟහරිමින් බඩගින්නේ ඉන්න අයටත් හිසරදයෙන් කරදර විඳින්න සිදුවීම පුදුමයක් වෙන්නේ නැහැ. ඒ වගේම රාත්‍රියට පැය හයක්වත් නින්දක් ලබා ගන්න බැරි අයටත් හිසරදය ඇති වෙන්න පුළුවන්.
පුරුද්දක් විදියට නිදිවරන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෂිෆ්ට් විදියට නයිට් ඩියුටි කරන අයට, සිකියුරිටි ෆර්ම්වල වැඩ කරන අයට නිදි වැරීම පුරුදු වෙලා නිසා හිසරදය හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් සතියකට දවසක් විතර නිදිවරන්න සිද්ධ වුණොත් පහුවදාට හිසේ බර ගතියක් දැනෙනවා. මේක දීර්ඝ කාලීන හිසරදයක් නෙවෙයි. පැය කිහිපයක නින්දක් ලැබුණාට පස්සේ හිසේ බර ගතිය නැති වෙලා යනවා. ඒ නිසා ඒකට අනවශ්‍ය විදියට කරදර වෙන්න ඕනෙ නැහැ.
මේ වගේ වැරැදි පුරුදු නැති කර ගත්තොත් හිසරදය කියන එක පාලනය වෙන්න වගේම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න වුණත් පුළුවන්.
Wmqgd .ekSu u