Life
හදිසි අනතුරකදී බෙහෙවින් උපකාර වන ප්‍රථමාධාර පෙට්ටිය
හය හතර නොතේරෙන පුංචි දරුවන් අතපය වාරු නැති ආදරණීය වැඩිහිටියන් වගේම පවුලේ ඕනෑම අයෙක් නිවෙස තුළදී හදිසි අනතුරකට ලක්වීමේ හැකියාව තිබෙනවා. එවැනි අවස්ථාවක ඉක්මන් සුදුසු පියවර ගැනීමේ වැඩි වගකීම පැවරෙන්නේ නිවෙසේ ගෘහිණියට; පවුලේ ආදරණීය අම්මාට. නිවෙස තුළදී මෙවැනි අනතුරුවලට ගෘහිණිය මුහුණ දෙන අවස්ථාවන් ද එමටයි.
එවන් අවස්ථාවක කළ යුත්තේ මොනවා ද? නොකළ යුත්තේ මොනවා ද? යන්න වගේම මෙවන් අවස්ථාවකට සාර්ථකව මුහුණ දීම සඳහා නිතර නිවෙසේ තබාගත යුත්තේ මොනවා ද කියා කිසියම් හෝ අවබෝධයක් ගෘහිණියකට තිබීම වැදගත්. මෙහිදී හදිසි අවස්ථාවකදී ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව මෙන්ම ප්‍රථමාධාර ලබාදීම සඳහා අවශ්‍ය වන යම් යම් ද්‍රව්‍ය අඩංගු ප්‍රථමාධාර පෙට්ටියක් ද (First Aid Box) නිවෙස තුළ තබා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්.
බලාපොරොත්තු නොවන ඕනෑම මොහොතක වන අනතුරකදී එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ප්‍රථම හෝ වෛද්‍ය උපදෙස් කරා යාමට පෙර ලබා දෙන ප්‍රථම සහ පළමු ආධාරය ප්‍රථමාධාරය ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රථමාධාර ලබාදීමේ අරමුණු කීපයක්ම තිබෙනවා. ඉන් පළමුවැන්න රෝගියාගේ ජීවිතය බේරා ගැනීමයි. හදිසි අනතුරකදී දැඩි රුධිර වහනයක් සිදුවුවහොත් එම රෝගියා මරණයට පත්විය හැකියි.
රුධිරය වහනය වීම වැළැක්වීමට ප්‍රථමාධාර ලබාදීමෙන් එය වළක්වා ජීවිතය බේරාගත හැකියි. දෙවැන්න කිසියම් හදිසි අනතුරකින් යමෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීමයි.
එසේම හදිසි අනතුර නිසා රෝගියා කිසියම් වේදනාවකින් හෝ වෙන යම් තත්ත්වයකින් පෙළෙන්නේ නම් එයින් මුදවා ගැනීම ප්‍රථමාධාර ලබාදීමේ තුන්වැනි අරමුණයි. ඊට අමතරව ළඟ තිබෙන සම්පත් කළමනාකරණය කරගනිමින් රෝගියාගේ ජීවිතය අනතුරට පත්වීමට ඉඩ නොදී හැකි විගස වෛද්‍යවරයකු වෙත යාම රෝගියකුට ප්‍රථමාධාර ලබාදීමේ අරමුණු අතර වෙනවා.
ප්‍රථමාධාරයක් රෝගියකු හට ලබා දෙන විට අනතුරේ ස්වභාවය, රෝගියාගේ ස්වභාවය වැනි කරුණු සැලකිල්ලට ගත යුතුයි. ප්‍රථමාධාරය ලබා දෙන පුද්ගලයා සැම විටම හොඳ සිහි කල්පනාවෙන් සිටීම අත්‍යවශ්‍යයි. එමෙන්ම තම දැනුම නිවැරැදිව භාවිත කර ප්‍රථමාධාරය ලබාදිය යුතුයි. හදිසි අනතුරක් නිවෙසක් තුළ හෝ මහමඟ හෝ සිදුවූ විට මිනිසුන් ඉතා උද්වේගයෙන් හැසිරෙනවා. මහ හඬින්, කෑ ගහනවා; හඬනවා. මෙම තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ද ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා සතු වීම ඉතාම වැදගත්.
විශේෂයෙන්ම හදිසි අවස්ථාවකදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රථමාධාර ලබා දෙන තැනැත්තාට හැකියාවක් තිබිය යුතුයි.
ප්‍රථමාධාර ලබා දෙනවා යැයි කියන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබමින් අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගැනීම නොවේ. ප්‍රථමාධාර ලබා දිය යුත්තේ තමන්ගේ ජීවිතයට කිසියම් හෝ හානියක් නොවන පරිද්දෙන්. පොදු ස්ථානයකදී එසේ ක්‍රියා කළත් නිවෙසක් තුළ සිදුවන හදිසි අනතුරකදී තම දරුවන්, තමන්ගේ අනෙකුත් සමීපතමයන් වෙනුවෙන් ඉතා උද්යෝගීව සහ යුහුසුලුව ක්‍රියා කරන බව අත්දැකීමෙන් අප දන්නවා.
හදිසි අනතුරකට මුහුණ පෑ අයකුගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න නොවී වෛද්‍යවරයකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීම සඳහා ප්‍රථමාධාර පෙට්ටියක් ඉතාම අවශ්‍ය වෙනවා. නිවසකට, ආයතනයකට වගේම පාසලකටත් වාහනයකටත් වෙනත් පොදු ස්ථානයකටත් ප්‍රථමාධාර පෙට්ටියක අවශ්‍යතාවය දැනෙන අවස්ථාවක් කොයි මොහොතක උදාවේදැයි කියන්න බැහැ. ඒ හදිසි අනතුරක් කොයි මොහොතක සිදුවන්නේදැයි කිව නොහැකි නිසා.
බිඳෙන්නේ නැති, ජලය කාන්දු වන්නේ නැති, දිරන්නේ නැති, පෙඟෙන්නේ නැති ද්‍රව්‍යයකින් තැනූ ප්‍රථමාධාර පෙට්ටියක් වෙළෙඳ පොළෙන් ලබාගත හැකියි. නැතිනම් තමන්ටම සාදාගත හැකියි. එම ප්‍රථමාධාර පෙට්ටිය තුළට දූවිලි නොයා යුතුයි, ජලය නොයා යුතුයි. විශේෂයෙන්ම මෙම ප්‍රථමාධාර පෙට්ටිය යතුරු දමා වසා තැබීමේ හැකියාව තිබිය යුතුයි. එමෙන්ම එම යතුර වැඩිහිටියනට ඕනෑම මොහොතක ගත හැකි වන සහ කුඩා ළමයින්ට ගත නොහැකි ස්ථානයක තැබීමත් ඉතාම වැදගත්. ප්‍රථමාධාර පෙට්ටියේ යතුර සොයාගත නොහැකි ස්ථානයක තැබුවහොත් යතුර සොයාගන්නා විට රෝගියාගේ ජීවිතය අනතුරට පත් විය හැකියි. එසේම කාටත් පෙනෙන කෑම කාමරය වැනි නිවසේ සැම දෙනාම ගැවසෙන ස්ථානයක බිත්තියේ සවි කිරිමත් වැදගත්. ප්‍රථමාධාර පෙට්ටියක මෙන්න මේ ද්‍රව්‍ය අඩංගු විය යුතුයි.
Wmqgd .ekSu is