Life
හදවත්, වකුගඩු, අක්මා රෝග ඈත් කරන ගුණදායි ආහාර වර්ග
බොහෝ විට අපේ නිවෙස් වල ඉන්න වැඩිහිටියන් විවිධ රෝග තත්වයන් ඇති උන අය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග වගේ බෝ නොවන රෝග (Non-Communicable Diseases) වලින් සිදුවන මරණ දැන් බහුලයි. වැඩිහිටියන්ට පමණක් නෙවෙයි වර්තමානය වන විට කුඩා දරුවන් හා තරුණ පරපුර අතරත් මේ රෝග තත්වයන් බහුල වේගෙන යනවා.
කොහොමටත් නිරෝගීව ඉන්න කාලෙදිත් තෙල්, සීනි ,ලුණු බහුල ක්ෂණික ආහාර සහ නානාප්‍රකාර පැණි බීම වර්ග වලින් ඈත් වෙලා හැකි තරම් අළුත් එළවළු, පළතුරු වලට මුල්තැන දෙන්න. නෑ ගෙදරකට උනත් යනකොට අයිසින් කේක් ගෙඩියක් වෙනුවට හොඳ පළතුරු ටිකක් එළවළු ටිකක් ගෙනියන්න පුරුදු වෙනවනම් කොයි තරම් හොඳයිද?
අවදානමට පෙර සූදානම හොඳයි කියල කතාවකුත් තියනවනේ. ඉතින් ඒ නිසා මේ වගේ රෝග තත්වයන් ඇති අයට ගුණදායක වගේම මේ රෝගයන්ගෙන් වැලකෙන්නත් ආහාරයට ගැනීමට වඩාත් සුදුසු දේවල් ගැන අනිවා බලන ඔයාලා දැනුවත් කරන්න අපි හිතුවා. දරුවන් ඉන්න අම්මලාට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ඝන ආහාර දෙන්න පටන් ගන්න කාලෙම මේ වගේ ගුණ එළවළු පළතුරු දරුවන්ට පුරුදු කිරීමෙන් අනාගත අවදානමකින් ඔවුන්ව බේරා ගත හැකි බව.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 දත්තයන්ට අනුව ලංකාවේ මරණ වලින් 25%කට වඩා සංඛ්‍යාවක් සිදුවන්නේ හෘද රෝග වලින්. මෙම තත්වයට වඩාත් බලපාන්නේ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටමයි. කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කල හැකි සහ හදවතට ගුණදායක ආහාර වර්ග බොහොමයක් තියනවා. ඔන්න අහගන්න.
කරපිංචා කැඳ හැටියට හෝ රතුළූනු, සුදුළූනු ටිකක් එක්ක අබරලා බත් එක්ක කෑමට ගැනීමත් කොලෙස්ට්‍රෝල් පාලනයට ඉතා ගුණයි. කලින් ලිපියකත් අපි සඳහන් කලා වගේ කරපිංචා සුදුළූනු වගේ දේවල් හීනියට ලියලා ආහාරයට එක් කරගැනීමෙන් ඔබ නොදැනුවත්වම එහි ගුණය ඔබට ලැබෙනවා.
දෙළුම්, අලිගැටපේර, මිදි, දොඩම්, ජම්බෝල, ගස්ලබු, කෙසෙල්, නෙල්ලි, බෙලි වගේ පළතුරු ඔබට බීමක් හැටියට සීනි නොදා හදාගන්නත් පුළුවන්. ගෝවා, සෝයා බෝංචි, නිවිති, ගොටුකොළ, කැරට්, තක්කලි, වට්ටක්කා ආදී එළවළු වර්ග මෙන්ම කරාබු නැටි, කුරුඳු , ගොරකා වැනි කුළුබඩු වර්ගද හදවතට ඉතා ගුණදායකය.
2. දියවැඩියාව