Beauty
සුන්දර කෙස් කලඹකට ආයුර්වේද සත්කාර
හැම යුවතියක්ම තමන්ගේ කෙස් කළඹ ගැන ගොඩක් හිතනවා. විවිධ නිෂ්පාදන වලට
යොමු වෙමින් තමන්ගේ කෙස් කළඹ තව තවත් සුන්දර කරගන්නටයි කවුරුත් කැමති. මොකද
ඔබේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක්නේ ඔබේ කොණ්ඩය. ආයුර්වේදයේ එන
සත්කාර වලට අනුව ඔබේ කොණ්ඩය නිරෝගිව වගේම ඉතාම සුන්දරව තබා ගන්නට සරල ක්‍රම
කිහිපයක් අපි අද ඔබට කියලා දෙනවා. වැඩි වියදමක් නැතිව ගෙදරදීම මේ දේවල්
ඔබට කර ගන්න පුළුවන් වනවා වගේම ඔබ විසින්ම සකසා ගන්නා ආලේප වර්ග යොදා ගන්නා
නිසා ඔබට ඉතාම විශ්වාසයෙන් මේවා පාවිච්චි කරන්නටත් හැකි වනවා.
දුර්වල හිස කෙස් සඳහා ඔලිව් තෙල්
ඔලිව් තෙල් කියන්නේ ආහාර පිසින්න වගේම රුපලාවන්‍ය කටයුතු සඳහාත් යොදාගන්න
පුළුවන් දෙයක්. මෙය හිස කෙස් ශක්තිමත් කිරීම සඳහා ඉතා හොඳයි. ඔලිව් තෙල් වල
අඩංගු මේද අම්ල හිස් කබල මත වැස්මක් ලෙස ක්‍රියා කර හිස කෙස් වලට සිදු විය
හැකි හානි මග හරවනවා.
මෙහිදී කරන්න තියෙන්නේ ඔලිව් තෙල් ස්වල්පයක් මදක් රත් කර හිසේ ගලවා
හොදින් සම්බාහනය කිරීමයි. එය විනාඩි 20ක් හෝ 30 තියෙන්න හැර ෂැම්පු වර්ගයක්
යොදා සේදිය යුතුයි. මේ මගින් ඔබට දීප්තිමත් වගේම නිරෝගී කෙස් කලඹක්
ලබාගන්න හැකි වේවි.
හිසකෙස් දීප්තිමත් කරගැනීමට දෙහි
දෙහි කියන්නේ අතීතයේදී පටන්ම රුපලාවන්‍ය සඳහා යොදාගත්ත ස්වභාවික දෙයක්. මෙය
හිසකෙස් සඳහා ඉතා හොඳ බෙහෙතක්. හිස කෙස් දීප්තිමත් කරගැනීමට වගේම හිස් කබල
පිරිසිඳු කිරීමටත් මෙය ඉතාම හොඳ බවයි පැවසෙන්නේ.
දෙහි ගෙඩි 4ක් හෝ පහක් වතුර ස්වල්පයක් සමග මිශ්‍ර කර ගැනීම මෙහිදී
කළයුතුයි. ඉන්පසු එම මිශ්‍රණය හිසකෙස් වලට පිටතින් විදීමට (spray) හැකි
ආකාරයේ භාජනයකට දමා එය හිස කෙස් වල සෑම තැනකටම පැතිරෙන සේ ස්ප්‍රේ (spray )
කළ යුතුයි. ඉන්පසු හිරු එලියට නිරාවරණය වී විනාඩි 45ක් පමණ සිටීමෙන්
අනතරුව හිස කෙස් සෝදා හැරීමෙන් ඔබටත් දීප්තිමත් කෙස් කලඹක් ලබාගැනීමට හැකි
වේවි.
Wmqgd .ekSu taIshka