Life
සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා සෛල විනාශ කරන බව හෙළි වේ
සිකා වෛරසය ඩෙංගු මදුරුවන් හරහා පැතිර යන අතර සිකා වෛරස් ආසාධනයට ගොදුරු වූ ගැබිනි මවකට උපත ලබන දරුවන්ගේ මොළය කුඩා වන බවත් එයට හේතුව මෙම වෛරසය මොළයට හානි කිරීම බවත් හෙළි වීම නිසා සිකා වෛරසය මෙතෙක් සැලකුණේ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන වෛරසයක් ලෙසිනි.
අලුත උපත ලබන දරුවන්ගේ මොළයට හානි සිදු කරනු ලබන වෛරසයක් වන "සිකා" වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකාවන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකි බව ඇමරිකානු විද්‍යාඥයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණයට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිතව හටගන්නා වෙනත් බෙහෙත් වර්ගවලින් ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා සෛල මරා දැමීමට සමත්ය.
මීයන් යොදාගෙන සිදුකරනු ලැබූ පර්යේෂණයකදී මීයන්ගේ මොළයෙහි පවතින හානි කිරීමට අසීරු සෛල කුඩා කර අනිකුත් හොඳ සෛලවලට හානි නොකිරීමට සිකා එන්නත සමත් බව හෙළිවී තිබේ.
"ජ(ර්)නල් ඔෆ් එක්ස්පෙරිමන්ටල් මෙඩිසින්" සඟරාවෙහි පළකර ඇති නවතම පර්යේෂණ වාර්තාවකට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන පිළිකා සෛලවලට, එම සෛල ඉවත් කිරීමට සිදුකරනු ලබන සැත්කම සිදුකරන වේලාවෙම එන්නත් කිරීමෙන් අදාළ හානිකර සෛල ඉවත් කිරීමට හැකිවේ.
මෙහිදී රසායනාගාර පරීක්ෂණවලදී මිනිස් සෛලවලට සිකා වෛරස ප්‍රතිකාරය සාර්ථක අන්දමින් යොදාගත හැකි බව තහවුරු වී තිබේ.
සැත්කමකින්, විකිරණ ප්‍රතිකාරයෙන්, කීමෝ තෙරපි ප්‍රතිකාරයෙන් පමණක් සාර්ථකව මැඩ පැවැත්විය නොහැකි "ග්ලියෝබ්ලස්ටෝමාස්" නමැති වැඩිහිsටියන් අතර ප්‍රචලිත පිළිකා වර්ගය පැතිරීම මැඩපැවැත්වීමේදී සුවිශේෂී වූ කාර්යභාරයක් සිකා වෛරසය ඉටුකරන බව හෙළිවී තිබේ.
සිකා වෛරසය ඩෙංගු මදුරුවන් හරහා පැතිර යන අතර සිකා වෛරස් ආසාධනයට ගොදුරු වූ ගැබිනි මවකට උපත ලබන දරුවන්ගේ මොළය කුඩා වන බවත් එයට හේතුව මෙම වෛරසය මොළයට හානි කිරීම බවත් හෙළි වීම නිසා සිකා වෛරසය මෙතෙක් සැලකුණේ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන වෛරසයක් ලෙසිනි.
එහෙත් අනිකුත් ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන පිළිකා සෛල පවා සිකා වෛරසය හරහා විනාශ කළ හැකි බව හෙළි වීම හේතුවෙන් මේ වන විට සිකා වෛරසය මිනිසාගේ යහපතටද යොදා ගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිතව හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගත හැකි බව අනාවරණය කරගත් ඇමරිකානු විද්‍යාඥයින් කණ්ඩායමේ සාමාජිකයකු වන වෛද්‍ය මයිකල් ඩයමන්ඩ්ට අනුව සිකා වෛරසය වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා සෛල විනාශ කිරීම සම්බන්ධව මිනිසාට අත්හදා බැලීම ඉදිරි මාස 18 ක කාලය තුළදී ඇරඹීමට නියමිතය.
පිළිකාවන් මැඩපැවැත්වීම සඳමා වෛරස් යොදා ගැනීම නවතම දෙයක් නොවන අතර සිකා වැනි භයානක වෛරසයක් එවැනි කාර්යයක් සඳහා යොදා ගැනීම නවතම අත්දැකීමක් වන බව වෛද්‍ය ඩයමන්ඩ් කියයි.
මේ වන විට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්ද පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිකා වෛරසය යොදා ගැනීම සම්බන්ධව අත්හදා බැලීම් සිදුකිරීම අරඹා තිබේ.
එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණය පිළිබඳ වෛද්‍ය කැතරින් පික්වර්ත්ට අනුව නවීකරණය කරන ලද සිකා වෛරසයට සාර්ථක ලෙස මොළය ආශ්‍රිතව හටගන්නා පිළිකා සෛලවලට පහරදීමට හැකි වී තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks