SexEducation
සාර්ථක යුග දිවියකට රෑ කරන වැඩ උදේ 9 ට කලින් කරලා බලන්න
ජීවිතය සාර්ථක කර ගන්න අවශ්‍ය ද ? එහෙනම් මේ පුංචි දේවල් ටික උදේ 9 ට කලින් කරන්න. ජිවිතයේ සාර්ථක හෝ අසාර්ථක භාවය ඔබේ නිරෝගී කම හා දැඩිව බැදී පවතී. ආර්ථික අතින් ඔබ ශක්තිමත් උනත් කායික අතින් දුර්වල නම් ඔබ උපයන සියලූ මුදල් අනාගතයේ ලෙඩ රෝග සදහා වියදම් කරන්න වේවි. දෙපැත්තම සමබර කර ගනිමින් සාර්ථක පුදගලයෙක් වීමට කල යුතු දේවල්.
උදයෙන්ම අවදිවීම පුරුද්දක් කර ගන්න
ලොව අති සාර්ථක පුද්ගලයන්ගේ ප්‍රධානම රහස වන්නේ මෙයයි. උදේ 4 සිට 6 දක්වා කාලය ඇතුලත ඔබට හැමදාම අවදි වන්නට පුළුවන් නම් ඔබට ද ජීවිතය සාර්ථක කර ගැනීමේ පළමු පියවර තැබිය හැකියි. ?ට නිදා ගැනීම සදහා හා උදේට අවදි වීම සදහා හැමදාම එකම වෙලාවක් භාවිතා කරන්න. උදාහරණ ලෙස රාත්‍රී 10 හා උදෑසන 5 දැක්විය හැකියි. එවිට අපේ සිරුර එක රිද්මයකට පුරුදු වෙනවා. ශරීරයේ උපරිම එලදායීතාවය අපිට නිරායාසයෙන්ම ලැඛෙන්න ගන්නවා.
අවදි වූ සැනින් වතුර විදුරු කිහිපයක් පානය කිරීම
අවදි වූ සැනින් විදුලි පංකා නිසා වියලි තිඛෙන ඔබේ ශරීරයට වතුර විදුරු දෙකක් පානය කිරීමෙන් අපුරු සුවයක් ලබා ගත හැකියි. දවස පුරාම ඔබව ශක්තිමත්ව තැබීම සදහා ශරීරය තුල සියලූ ක්‍රියාවලි වලට හොද ගැම්මක් අවදි වූ සැනින් වතුර පානය කිරීමෙන් ලැඛෙනවා.
දිනය සැලසුම් කිරීම
සාර්ථක වීම සදහා අවශ්‍ය තවත් එක් වදදගත් කරුණක් වන්නේ සැලසුම් කරනයයි. ජිවිතයේ ඔබ දකින සිහිනය සැබෑ කර ගැනීම සදහා අද දිනයට අදාලව ඔබ සම්පුර්ණ කල යුතු වැඩ ටික උදේ අවදි වූ සැනින් තීරණය කල යුතුයි. සාර්තක මිනිසුන් නිතරම දුර දිග බලා ඔවුන්ගේ දීර්ඝ කාලින අරමුණු වලට අනුකුලව දිනය සැලසුම් කරයි.
ව්‍යායාම් කිරීම
ජිවිතයේ සාර්ථකත්වය සදහා යාමට ඔබ නිරෝගිමත්ව සිටිය යුතුයි. නැතිනම් ඔබ කොතරම් ඉහලට ගියත් පලක් වෙන්නේ නෑ. ඒ වගේම නිරෝගී නැති කෙනෙකුට කිසිම තැනකදී ලේසියෙන් සාර්තක මිනිසෙකු වීමට ලැඛෙන්නෙත් නෑ. පුංචි ව්‍යායාම් කිහිපයකින් පවා දිය පුරා ප්‍රබෝධමත්ව ඉන්න අවශ්‍ය ලොකු ශක්තියක් අපිට ලඛෙනවා.
පෝෂදායි සමබර හදවතට හොද උදය ආහාර වේලක් ගැනීම
ඔව් පොෂනයෙන් පිරුණු සමබර උදය ආහාරයක් සාර්ථක ජිවිතයකට ඉතාම වැදගත්. හැබැයි පෝෂ්‍යදායි උදය ආහාරයක් ගන්නවා වෙනුවට අද ගොඩක් දෙනා කරන්නේ උදය ආහාරය මග හැරීම හෝ ඉකමන් පිටි ගුලි වැනි ආහාර ගිල දැමීමයි. උදය ආහාරය සදහා ප්‍රෝටීන් බහුල ආහාර තමයි ගත යුත්තේ. පෝෂ්‍යදායි ආහාර සමග සාමාන්‍යයෙන් බිත්තර 2ක් 3ක් කන්න පුළුවන් නම් වඩා හොදයි.
හොදින් මතක තියා ගන්න. මෙවැනි අයහපත් පුරුදු වල ප්‍රතිපල ඔබට ලැඛෙන්න ගන්නේ දීඝ කාලීනව බව. එදාට ඔබ මේ දක්වා නොකා නොබි හම්බ කරපු සියලූම සල්ලි ඔබේ රෝග වලට ඛෙහෙත් කරන්න වියදම් වේවි.
කියවීම හෝ සංගීතයට සවන්දීම
උදය කාලයේ මොලයට ලබා දෙන හොද පණිවිඩයක් මොලය හොදින් ග්‍රහණය කර ගන්නවා. මතක තබා ගන්නවා. එම නිසා උදය කාලයේ වැදගත් යමක් කියවීම තුලින් ඔබට ඉතාමත් හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කියවීම හිත සන්සුන් කරන නිසා ඔබට දවසේ සියලූ වැඩකටයුතු වලට මානසික ආතතියකට ගොදුරු වීමකින් තොරව මුහුණ දෙන්නට හැකි වේවි.
කියවීමට ඔබ ඒ තරම් රුචිකත්වයක් නොමැති නම් ඒ වෙනුවට ඔබේ සිතට සුවය ගෙනෙන ඔබ කැමති සින්දු කිහිපයකට සවන් දීම තුලිනුත් සිතට සන්සුන් බව ක් ලබා ගෙන දිනය පුරා සතුටින් සිටිය හැක
තම ජිවිතයේ ආදරණියෙකුට ආදරය ප්‍රකාශ කිරීම
සාර්තක පුද්ගලයෙකු වීමට නම් ඔබට ඔබේ ආදරණියන්ගේ නොමද සහයෝගය ලබා ගන්න වෙනවා. දිනය පුරාම තෘප්තිමවත්ව සිටිය යුතු වනවා. තෘප්තිමත්ව සිටිමට නම් ඔබ ලගින්ම සිටින ඔබගේ ආදරනියන් සමග හොද සම්බන්දතාවයක් ජීවිතය තුල පවත්වා ගත යුතුයි.ඒ සදහා ඔබට කල හැකි හොදම දේ නම් නිරතුරු සබදතා යාවත්කාලින කිරීමයි. පුංචි දුරකථන ඇමතුමක් දීලා ඔබේ ආදරය ඔවුන් වෙත දක්වන්න උදය කාලය යොදා ගන්න. එවිට ජීවිතය සාර්ථක කර ගන්න අවශ්‍ය සියලූ උදව් උපකාර ඔබට ඔවුන් වෙතින් නිරායාසයෙන්ම ලැබේවි.
curtesy :
sinhalalipi.com