ස්පා ප්‍රතිකර්ම පිළිබඳ අද බොහෝ දෙනෙකු තුළ තිබෙන්නේ වැඩි උනන්දුවක් සහ
වැඩි නැඹුරුතාවයක්. මේ නිසාම ස්පා ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත්වීමට සහ ඒ හා
සම්බන්ධව පුහුණුවක් ලැබීමට එහි නියැළීමට අපේක්ෂාවෙන් සිටින අය බොහොමයි. මේ
සඳහා යොමුවිය හැක්කේ කෙසේද?
* ස්පා ප්රතිකර්මය හා කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් අලුතින් හඳුන්වාදීමට හේතුව කුමක්ද?
දැනට ලංකාවේ ස්ථාන කීපයකම ස්පා ප්‍රතිකර්ම පිළිබඳ පාඨමාලා පවත්වන තැන්
රැසක් තිබෙනවා. නමුත් තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති ස්පා
ප්‍රතිකර්ම හා කළමනාකරණ සහතිකය ලබාදෙන පාඨමාලාවන් නැති තරම්ය. චාම්වේ
ඉන්ටර්නැෂනල් ඇකඩමිය මඟින් මෙම ස්පා ප්‍රතිකර්ම හා කළමනාකරණය පිළිබඳ
පාඨමාලා හඳුන්වා දී තිබෙන්නේ එම අඩුව පිරිමසාලීමේ අරමුණ ඇතුවයි.
දැනට නියම ස්පා ප්රතිකර්මයන් ලබා දෙමින් ජනතාවට ස්පා යන්නෙහි නියම අරුත
අරුත් ගන්වන්නට ස්පා ඕරා පුරෝගාමීව සිටියි. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
4පඥමඥප ආයතනයේ සභාපතිනිය චාන්දනී බණ්ඩාර මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන
චාම්වේ ඉන්ටර්නැෂනල් ඇකඩමිය යටතේ ස්පා ඕරා වෙතින් මෙම පාඨමාලාව ආරම්භ
කිරීමට නියමිතයි.
මෙම සහතික පත්‍ර පාඨමාලාව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හා අවශ්‍යතාවය මත සකසන
ලද ස්පා තෙරපි ආයුර්වේද ප්‍රතිකර්ම, පංචකර්ම ආයුර්වේද රූපලාවණ්‍ය ආදී
පුළුල් ක්ෂේත්රයකින් යුක්ත පාඨමාලාවයි.
* මෙම පාඨමාලාවට අයැදුම් කළ හැකි වන්නේ කාටද?
මෙහිදී ආයුර්වේදය පිළිබඳ පූර්ණ දැනුමක් අපේක්ෂා නොකෙරෙයි. නමුත්
ආයුර්වේද ක්ෂේත්රය හෝ ස්පා ක්ෂේත්රයට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට.
රූපලාවණ්‍යාගාර පවත්වන, පැවැත්වීමට අරමුණුකර ගන්නා හෝ පිටරට යාමේ අරමුණින්
හදාරන, තෙරපිවරියන් තෙරපිවරුන් වශයෙන් තමන්ගේ වෘත්තීය දියුණු කරගන්නට
අපේක්ෂා කරන එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන්ට මෙයට අයදුම් කළ හැකියි.
* මෙම පාඨමාලාවේ අන්තර්ගතය කුමක්ද?
දැනට ක්ෂේත්රය තුළ ආයුර්වේද හා ස්පා ප්‍රතිකාරවලට සමගාමීව සකස් කෙරෙන
නිසා මූලිකවම ආයුර්වේද පිළිබඳ හැඳින්වීම. එමෙන්ම විවිධ සම්බාහන ක්‍රම හා
ශිල්පීය ක්‍රම වේද, විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර, පංචකර්ම ප්‍රතිකාර වෙනම
ලබාදීම.
එසේම ආයුර්වේද මෙන්ම ස්පා ප්‍රතිකාර නිසි ලෙස වඩා පලදායි ලෙසත්, වඩා
ආරක්ෂාකාරී ලෙසත් ලබාදීමට චිකිත්සකවරුන්ට ශරීරයේ අභ්‍යන්තර ව්‍යුහයන් හා
ක්‍රියාකාරීත්වය පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුයි. එම නිසා මෙම පාඨමාලාව
තුළින් මනුෂ්‍ය ශරීරයේ ව්‍යුහය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක්
ලබාදෙයි.
එමෙන්ම මෙහි වැදගත් කොටස වන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලාවක්
ඇතුළත් වීමයි. මේ සියල්ල සමඟින් සේවාදායකයාට සැහැල්ලු බවක් සැහැල්ලුවීමේ
පරිසරයක්, ආරක්ෂිත ක්‍රියාශීලී පරිසරයක් ගොඩනඟන ආකාරය. මේ තුළ මානව සම්පත්
එමෙන්ම භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳත් මෙම පාඨමාලාවට අන්තර්ගත වනවා.
මෙම පාඨමාලාව අනෙක් පාඨමාලාවන් අතර සුවිශේෂීවන්නේ මෙය රජයේ ලියාපදිංචි
පිළිගත් ආයතනයක් මගින් නිකුත් කරන සහතිකයක් වීම. තෘතීය අධ්‍යාපන කොමිෂන්
සභාවේ අනුමැතිය ලත් ආයතනයක් වීමයි.
සියලුම දේශන පළපුරුදු දේශකයන් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් මගින්
සිදුකරනු ලැබීම. එමෙන්ම සියලුම ප්‍රායෝගික පුහුණුවීම් මෙම ආයතනයේදී ලබාගත
හැකිවීම.
අවසානයේ ඉතාම වටිනා පිළිගත් සහතිකයක් හිමිවෙයි. මෙහිදී ලබාදෙන දැනුම හා
සහතිකය පිටරට රැකියා අවස්ථා සඳහා මාර්ගය විවෘත කිරීමක් වන අතරම වෘත්තීමය
වශයෙන් චිකිත්සකවරයකු ලෙස අභිමානවත් වෘත්තියක් බවට පත්කර ගැන්මට මෙය
හේතුවනවා.
මේ අනුව බලනවිට මෙවන් පාඨමාලාවක වැදගත් බව කොතෙක්ද යන්න ඔබට වැටහෙනු ඇති.