SexEducation
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිලිබඳ දැනුවත් වෙමු
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පුරුෂ ප්‍රජනක පද්ධතිය වගේම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බැලු බැල්මට පිටතින් පෙනෙන බාහිර යෝනි තොල්, ක්ලිටෝරිසය හෙවත් භගමණිය බාහිර කොටසට අයත්වන විට ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, ගැබ් ගෙල, යෝනි මාර්ගය, අභ්‍යන්තර යෝනි තොල් අභ්‍යන්තර කොටසට ගැනෙනවා.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
යෝනි මාර්ගය – රූපයේ දැක්වෙන පරිදි යෝනි විවරයේ සිට ගර්භාෂය දක්වා දිවෙන පෙශිවලින් සැදුණු මාර්ගය හඳුන්වන්නේ යෝනි මාර්ගය කියායි. මෙය දරු උපත් මාර්ගය ලෙසත් හැඳින්වෙනවා. දිගින් සෙන්ටිමීටර් 5.7ක් පමණ වනවා.
ගැබ් ගෙල – යෝනි මාර්ගය සහ ගර්භාෂය හමුවන තැන ගැබ් ගෙලයි. ගර්භාෂ ශ්‍රීවය කියා කියන්නෙත් ගැබ් ගෙලටම තමයි. මෙහි ඇති ග්රන්ථිවලින් ශ්ලේමලය ශ්‍රාවය වනවා. යෝනි මාර්ගය තෙත් සහිත වන්නේ ඒම ශ්‍රාවයන් නිසායි. සරු කාලය එහෙමත් නැත්නම් දොඹ කෝෂයෙන් ඩිම්බයක් නිකුත්වන කාලයට වැඩියෙන් ශ්ලේමලය ශ්‍රාවය වනවා. ඊට අමතරව ලිංගික කාර්යයේදී වැඩි උත්තේජනයක් ලබා ගැනීමටත් මෙම ශ්‍රාවයන් උපකාරී වනවා.
ගර්භාෂය – ගර්භාෂය දිගින් සෙන්ටිමීටර් 7.5ක් පමණවන පෙයාර්ස් ගෙඩියක හැඩය ගත ඇදෙන සුළු මල්ලක් වැනි අවයවයක්. මෙහි ප්‍රධානම කාර්යය දරුවෙක් පිළිසිඳ ගත පසු ඔහු උපත ලබන තෙක් මනා ආරක්ෂාවක් ලබා දීමයි.
පැලෝපීය නාල – පැලෝපීය නාල ගර්භාෂයට පෙසින් පිහිටා තිබෙනවා. මේවා දිගින් සෙන්ටිමීටර් 10ක් පමණ වනවා. මසකට වරක් දිඹ කෝෂයෙන් පිටවන ඩිම්බය ගර්භාෂයට රැගෙන එන්නේ මේවා හරහායි.
ඩිම්බ කෝෂ – මේවා වෙරළු ගෙඩියක් වගෙයි. කාන්තාවකගේ උපතේ සිටම හටගන්නා ඩිම්බ සෛල ගබඩා කර තබා ගැනීම, ගැහැණු ලක්ෂණ උරුම කර දෙන ඊස්ට්‍රජන සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන නිපදවීම, මල්වර වීම ඇති කිරීම, ප්‍රජනක කාර්යය ඉටු කිරීම මේවාට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් වනවා.
.loveandsex.lk