Life
සමේරෝග අවදානම වැඩිවෙලා
දැන් ඉස්සර වගේ නෙවෙයි. මිනිස්සුන්ට ඉක්මනටම ලෙඩ හැදෙනවා. ජීවන රටාව වෙනස් වෙලා පරිසරය දූෂණය වෙලා. බෝ නොවෙන රෝග වගේම බෝවෙන රෝගීන් හැමතැනම. ඒ අතරින් සමේ රෝග විශේෂයි. හැම කෙනකුටම සමේ රෝගයක් තිබෙනවා කිව්වොත් හුඟක් අය එය පිළිගන්නේ නැහැ. බොහෝ අය දන්නේ නැහැ ඒ අයට සමේ රෝග තිබෙනවා කියලා. ලොකු පොඩි ගැහැනු පිරිමි භේදයක් නැතිව දැන් හැමෝම කාර්යබහුලයි. පාසල් වයසෙ දරුවො, රැකියා කරන ගැහැනු පිරිමි කවුරුත් වගේම ගෘහණියක් වුණත් සමාජය සමඟ නිතර ගැටෙනවා. ඒ නිසා ලෙඩරෝගවලට විසබීජවලට නිරාවරණය වෙනවා වැඩියි.
ඉතින් ඒ හැමෝටම සමේ රෝග වැලඳීමේ අවදානම වැඩියි. පවුලෙ එක්කෙනකුට සමේ රෝගයක් වැලඳෙනවා කියන්නේ අනෙක් සාමාජිකයන්ට එය බෝ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් ඒ නිසා සමේ රෝග වැලඳීමෙන් ආරක්ෂා වීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් තුවාලයක් නැති නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට විසබීජ ඇතුළු විය හැකි ක්‍රම දෙකක් තිබෙනවා. ආහාර ගැනීම මඟින් සහ සම මඟින් වීම එම ක්රමදෙකයි. අපේ සමේ කොහොමත් බැක්ටීරියා ඉන්නවා. හැබැයි ඒ බැක්ටීරියා අපේ ශරීරයට හිතකරයි. නමුත් විසබීජ සහිත පරිසරයට නිරාවරණය වුණාම ඒ බැක්ටීරියා අහිතකර ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අපේ උගුර, සම කාන්තාවන්ගේ යෝනි මාර්ගය වගේ ස්ථානවල මේ හිතකර බැක්ටීරියා ඉන්නවා. අහිතකර පාරිසරික සාධක නිසා උගුර ආශ්රිත සෙම්ගෙඩි, සමේ රෝග, කාන්තාවන්ට නම් ලිංගාශ්‍රිත රෝග ආදිය වැලඳෙනවා. එහෙම වෙන්නෙ පෙර කී හිතකර බැක්ටීරියා අහිතකර ආකාරයට ක්‍රියාත්මක වුණාමයි.
වැදගත්ම දේ තමයි නිරෝගී බව. විසබීජ කියන්නේ නිරෝගී බවට තර්ජනයක්. අප කොතරම් නිරෝගීව ඉන්න උත්සාහ කළත් අවට පරිසරයේ අහිතකර සාධක නිසා ලෙඩ රෝග වැලඳීමේ අවදානම වැඩියි. ඒ නිසා නිතරම පිරිසුදුව සිටීමේ වැඩි අවශ්‍යතාවක් තිබෙනවා.
වැසිකිළි ගියපසු සබන් යොදා අත සෝදන්න, ආහාර ගැනීමට පෙර සබන් යොදා අත සෝදන්න, හැකි සෑම අවස්ථාවකම ස්නානය කරන්න ආදී වශයෙන් කුඩා කාලයේ සිටම දරුවන්ට ඉගැන්වීම වැදගත්. පිරිසුදුකම කියන්නේ පුරුද්දක් විය යුතු දෙයකි. පිරිසුදුකම අඩුවෙනවා කියන්නේ අවට පරිසරයේ තිබෙන විසබීජ අපේ ශරීරය තුළට ඇතුළු වෙලා අපිව ලෙඩ කරනවා කියන එකයි.
මෙහිදී ප්‍රතිශක්තියත් ඉතා වැදගත්. ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවන අවස්ථා නිසාත් සමේ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. දියවැඩියාව, පිළිකා, ගර්භණී භාවය, සමහර ඔෟෂධ, පිරිසුදු පරිසරයක ඉඳලා අපිරිසුදු පරිසරයකට නිරාවරණය වීම, නිවෙසේ පිළියෙල කරන ආහාර වෙනුවට පිටින් ආහාර ගැනීම ආදී කරුණු නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩුවෙනවා. මෙවැනි අවස්ථාවලදී සිදුවෙන්නේ සමේ සිටින හිතකර බැක්ටීරියා අහිතකර ලෙස ක්‍රියාත්මක වී රෝග ඇති කිරීමයි.
සමේ තුවාලයක් තිබෙන කෙනකුට සිරුර තුළට විසබීජ ඇතුළු වීමට තිබෙන අවදානම ඉතා වැඩියි. ඊට අමතරව ඇස කන, නාසය, මුඛය වැනි ඉන්ද්‍රියන්වලින් නිතරම විසබීජ ඇතුළු වෙනවා. සුරතල් සතකුගේ කෙළ වැනි ද්‍රව්‍ය සමේ තැවරුණු පමණින් සමේ රෝග ඇතිවෙන්න නැහැ. නමුත් සමේ තැවරුණු ඒ විසබීජ ඇස, කන, ආදිය මඟින් ශරීරයට ඇතුළු වුවොත් තමයි රෝග හටගන්නේ.ඒ නිසා සුරතල් සතෙක් අතින් ඇල්ලුවොත් හොඳින් සබන් යොදා දෑත් සේදීම අත්‍යවශ්‍යයි.
කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේත් ලිංගාශි‍්‍රත ප්‍රදේශ ඉතා ඉක්මනින් විසබීජවලට නිරාවණය වෙනවා. එවැනි අවස්ථා වලදීත් ලිංගාශි‍්‍රතව සමේ කැසීම් බිබිළි ඇතිවීම් ආදිය දකින්න පුළුවන්. මෙහිදීත් වැදගත්වන්නේ හොඳින් සෝදා පිරිසුදුව සිටීමයි. යට ඇඳුම් පවා හොඳින් සෝදා අව්වේ වියළා භාවිතයට ගත යුතුයි.
වෛද්‍ය පර්යේෂණවලට අනුව දැක්වෙන්නේ දියුණුවන රටක සාමාන්‍යයෙන් සියයට 90%ටම වගේ සමේ රෝගයක් තිබෙන බවයි. ඉතිරි 10% තමන්ට සමේ රෝගයක් ඇති බව හඳුනා නොගෙන සිටිනවා විය හැකිය. සමේ රෝගයක් වැලඳුණු පසුව එයට ප්‍රතිකාර කර සුවය ලැබුවත් සමේ රෝගවල ස්වභාවය අනුව එය නැවැත නැවැත හටගන්නවා. ඉතා ඉක්මනින් සුව කරගත හැකි සමේ රෝග මෙන්ම ඉතා දරුණු සමේ රෝගද අප අතර පවතිනවා. නොසලකා හැරීම සහ නිතර අපිරිසුදුව සිටීම නිසා සුළු සමේ රෝගයක් වුවත් දරුණු සමේ රෝගයක් දක්වා වර්ධනය විය හැකියි. සමේ රෝගයක් හටගැනීම කියන්නේ සමාජයට මුහුණදීමට පවා බැරි තත්ත්වයක්. සමේ රෝගයක් වැලඳී තිබුණත් නැතත් පිරිසුදුකම ගැන නිතරම සිතීම වැදගත් වෙන්නේ සමේ රෝගයක් වැලඳුණු පසුව එය සුව කරගැනීම පහසු නොවන බැවිනි.
Wmqgd .ekSu u