Beauty
සමේ රැලි - ලප කැළැල් කොහෙන් ගියාද නෑ
රූපලාවණ්‍ය කටයුතුවලදී යොදා ගැනෙන උපකරණ බොහොමයි. මෙම උපකරණ
නිසියාකාරයෙන් භාවිත කරන ආකාරය මෙන්ම එම උපකරණය යොදා ගැනෙන්නේ කුමන සත්කාර
සඳහා ද යන්න ගැන ඔබ තුළ දැනුවත් බවක් තිබිය යුතුයි.
එම දැනුවත් බව සමඟ මෙම උපකරණ දිනා ගන්නත් ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා.
මෙවර ඔබට හඳුන්වා දෙන්නේ සමේ ලප කැළැල් රැලි ඉවත්කර සම පැහැපත් කිරීමට
යොදා ගැනෙන උපකරණයක් වන අල්ට්රා සොනික් ත්‍රී ඉන්වන් උපකරණයයි. බලන්න මෙය
භාවිත කරන ආකාරය.
* පළමුවෙන්ම ඇල් දියෙන් මුහුණ පිරිසුදු කරන්න.
* අල්ට්‍රාසොනික් ජෙල් මුහුණේ, කම්මුල්, දෙපස, නළල, නිකට, ගෙල පෙදෙසේ ආලේප කරන්න.
* නිල් වර්ණය ඇති බල්බය ක්‍රියාකර මසාජ්
කරන්න. (මිනිත්තු 20 ක් පමණ)
* ඉන්පසු කොළ පාට බල්බය ක්‍රියාකර එලෙසම මිනිත්තු විස්සක් පමණ මසාජ් කරන්න.
* අවසානයේ රතු බල්බය ක්‍රියා කරවා තැවරු ජෙල් සමට හොඳින් උරාගන්නා තුරු සම්බාහනය කරන්න.
* ෆේෂ් සීරම් එක ඇඟිලි තුඩු මඟින් හොඳින් සමට ආලේප කරන්න. මෙම අවස්ථා
කීපයේදීම සමේ රුධිර සංසරණය හොඳින් සිදුවී සම හොඳින් පැහැපත් වීමත් ලප
කැළැල් හා විසබීජ ඉවත් වේ. වයස්ගත වීමට බලපාන ෆී්ර රැඩිකල් ඉවත්වීම නිසා
තරුණ පෙනුම ලබාදෙන අලුත් සෛල නිර්මාණය වේ. ප්‍රතිකාර අවසානයේදී ඕධ්ර්ණ
ෆේෂ්පැක් එක මුහුණට දමා මිනිත්තු විස්සක් තබා ඉවත්කර පෝෂණය ලබාදිය යුතුයි.
(ගර්භණී කාලයේදී මෙය භාවිත කිරීම සුදුසු නැත.
(under the courtesy of goodhousekeeping.lk web)