Beauty
සමේ ප්‍රතිකාරයන්ට යොදාගන්නා ලේසර් උපකරණ
ඔබේ රූපලාවණ්‍ය ආයතනයට අවශ්‍ය වන රූපලාවණ්‍ය උපකරණ සහ ඉන් සිදු කෙරෙන
කාර්යයන් ගැන අද මෙම විශේෂාංගයෙන් හඳුන්වා දෙනවා. ඒ වගේම එම උපකරණ
දිනාගන්නත් ඔබට අවස්ථාව උදාකර දෙන බව ඔබ දන්නවා. එහෙනම් අද තවත් උපකරණයක්
අපි හඳුනා ගනිමු.
මෙය නවීන තාක්ෂණයත් දියුණුවත් සමඟම රූපලාවණ්‍ය ප්‍රතිකාර අතරට එක් වූ
අලුත්ම ප්‍රතිකාර ක්රමයකි. බොහෝ විට අපට සමේ ඇතිවන විවිධ ගැටලු ගැන අසන්නට
ලැබෙයි. මෙහිදී සමේ අව පැහැ ගැන්වීම් පිග්මන්ටේෂන් මෙලනින් කැටි ගැසීම
වැනි දේවල් නිසා මුහුණේ අවලස්සන ගති මතුවෙයි.
මෙම උපකරණය භාවිතයේදී විශේෂිත වූ ක්‍රීම් වර්ගයක් සීරම් සහ ෆේස් මාස්ක් එකක් ද අවශ්‍ය වෙයි.
පළමුවෙන්ම ඉහත සඳහන් ක්‍රීම් එක ඉතා ස්වල්පයක් ගෙන මුහුණේ සම මත හා ගෙල
ප්‍රදේශයේ ආලේප කරන්න. ඒ අතරතුර ඒ මත ලේසර් උපකරණය තබා ක්‍රියාත්මක කරන්න.
මෙය ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ආවරණය වී ඇති උපකරණයක් නිසා සමට කිසිදු අතුරු
ආබාධයක් සිදු නොවේ. එහි රතු පැහැති කිරණ මඳක් උණුසුම් සහිතය. එය සමට
ලබාදීමේදී ආලේප කළ ක්‍රීම් එක මඟින් අනවශ්‍ය මේද තට්ටු දවාලීමක් සිදුවේ.
එයින් සම හොඳින් ශක්තිමත් වී මෙලනින් සමබරතාවයක් සිදුවන නිසා සම පැහැපත්
වෙයි. විශේෂයෙන් සුදුවීමේ අභිලාෂයෙන් භාවිත කරන රසායනික ක්‍රීම්වලින්
නොයෙකුත් අතුරු ආබාධ ඇති වුවත් මෙම ලේසර් සත්කාරයේදී කිසිදු අතුරු
ආබාධයකින් තොරව සම ඉතාම පැහැපත් වේ.
විනාඩි පහත් අටත් අතර කාලයක් මේ සඳහා සෑහේ. අවසානයේදී සීරම් එක ආලේපකර
ප්‍රතිකාරය නිමකරගන්න. ගර්භණී මාතාවක් එම අවධියේදී මෙය භාවිත නොකළ යුතුයි.
(under the courtesy of goodhousekeeping.lk web)