Beauty
සමේ තෙල් ගතිය වැඩිවීමත් කුරුලෑ ඇතිවීමට හේතුවක්
කුරුලෑ ආයුර්වේදයේ හඳුන්වන්නේ තාරුණ්‍ය පීඩකා ලෙසයි. මීට හේතු වන්නේ මෙය බොහෝ විට තරුණ කාලයේ ඇතිවන බහුල රෝගයක් වීමයි. නමුත් සමහර කුරුලෑ ප්‍රභේද මැදිවිය ඉක්ම වූ පසුත් ඇතිවෙන්නට පුළුවන්.
සම ආශ්‍රිතව පවතින සීබම් තෙල් හා දහඩිය එකතු වී සුදු පැහැති පීඩකා ඇතිවී (වයිට් හෙඩ්ස්) පසුව තවදුරටත් කුණු දූවිලි හා ඔක්සිජන් සමඟ එකතු වී එය කළු පැහැති පීඩකා බවට (බ්ලැක් හෙඩ්ස්) පත්වී එය දෙවනුව විෂබීජ ආසාදනය වීමෙන් සැරව සහිතව සමෙන් ඉහළට එසවුණු කුරුලෑ බවට පත් වේ.
මෙය කැසීම් සහිතව වේදනා සහිතව ඇතිවිය හැකිය. කලාතුරකින් විශාල ගෙඩි ලෙසත් තුවාල ආකාරයටත් ඇතිවිය හැකියි. ඇතැම් විට මුහුණට අමතරව මෙම කුරුලෑ පිට හෝ පපු ප්‍රදේශවලත් ඇතිවන්නට පුළුවන්.
කුරුලෑ ඇතිවන්නේ ඇයි?
විශේෂයෙන් වඩා උණුසුම් ආහාර ඇඹුල් ලවණ හෝ තෙල් අධික කෑම ආහාරයට ගැනීම, පිරිසුදු බව අඩුකම, වැරැදි ලෙස ආලේපන භාවිතය, තැවරූ ආලේපන නිසි ලෙස ඉවත් නොකිරීම, ඉස්හොරි පැවතීම, තරුණ කාලයේ ඇතිවන හෝර්මෝන වෙනස්වීම, සමෙහි තෙල් ගතිය වැඩිවීම, ගර්භණී අවධිය සහ පසු අවධිය මෙන්ම මානසික අසහනය, නිදි මැරීම වැනි තත්ත්වයන්ද කුරුලෑ ඇතිවීමට බලපායි.
කුරුලෑ දිගින් දිගටම පැවතීමෙන් මුහුණේ ලප කැළැල් ඇති වනවාක් මෙන්ම සමහරුන්ගේ මුහුණේ වළවල් වැනි ස්වභාවයක් ද ඇති වෙයි. මෙය කායික අපහසුතාවක් නොවුණත් බොහෝ විට පෞරුෂත්වය පවා බිද දමන ගැටලුවක් විය හැකියි.
මේ සඳහා ආයුර්වේදයේ පවතින ප්‍රතිකාර මොනවාද?
පළමුව කළ යුත්තේ කුරුලෑ ඇතිවීමට හේතුවන දේවල්වලින් වැළකී සිටීමයි අවම වශයෙන් දිනකට ලීටර් හයක්වත් වතුර පානය කිරීම, කොළ, සලාද, එළවළු විශේෂයෙන් නෙල්ලි, බෙලි ආදී පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම ද කළ යුතුයි. විශේෂයෙන්ම තෙල් කෑම අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමද වැදගත්. සමහරුන් හිතුමතේ ආලේප පාවිච්චි කරනවා. නමුත් කුරුලෑ තිබෙන අයෙක් නම් තමන් භාවිත කරන ආලේපනය තමන්ගේ සමට සුදුසුද යන්න දැන භාවිත කිරීමත් එය නිවැරැදි ආකාරයට පාවිච්චි කිරීමට සහ ඉවත් කළ යුතු නිවැරැදි ආකාරයක් දැන කටයුතු කිරීමට කල්පනාකාරී විය යුතුයි.
මීට අමතරව ප්‍රතිකාර වශයෙන් ඇඟ ශෝධනය කිරීමත්, ලේ පිරිසුදු කිරීම අසමතුලිත වූ හෝමෝන තුලනය කිරීම සඳහා අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර සේදුම්කාරක ඖෂධ ගැල්වීම ආයුර්වේදයේ දක්වා ඇත.
කුරුලෑ ඇති වූ විට වඩාත් වැදගත් වන්නේ හොඳින් මුහුණ පවිත්‍ර කිරීමත් විසබීජ ආසාදන අවම කිරීමත්ය. ඒ සඳහා කොහොඹ කහ - නෙල්ලී - කලාදුරු - ලුණුවිල ආදී ඖෂධයක් යෙදිය හැකියි. එසේම ලප කැළැල් ඉවත් කිරීමට කොකුම් පොතු, කහ, දෙහි, මීපැණි, වැටකෙයියා, ලොත්සුඹුලු ඉතාමත් හිතකර වෙයි.
සම පිරිසුදුව තබාගන්නවා නම් නිසි ප්‍රතිකර්ම කරනවා නම් කුරුලෑ වළක්වා ගැන්ම එතරම් ප්‍රශ්නයක් නොවේවි.
(under the courtesy of goodhousekeeping.lk web)