Beauty
සම සුදු කර ගැනීම නොව, තිබෙන සම ගුණාත්මක කර ගන්න
මිනිස් සිරුරේ විශාලතම ග්‍රන්ථිය වන සම ස්ථර දෙකකින් සමන්විත වේ. එනම් අපිචර්මය (Epidermis) සහ චර්මය (Dermis) ලෙසිනි. මෙහිදී අපිචර්මය යනුවෙන් හදුන්වනු ලබන්නේ සමෙහි බාහිරින් පිහිටා ඇති ස්තරයයි. මෙය ශරීරයේ විවිධ ස්ථානවල විවිධ ඝනකම් මට්ටමකින් පවතී. උදාහරණ ලෙස යටි පතුලේ විලුඹ ප්‍රදේශය තද ඝනකමකින් ද, දහඩිය ගැලීමට මුල්වන (ස්වේද) ග්‍රන්ථි වැඩියෙන් ඇති නලළ, අත්ල, ඉකිලි, කිහිල්ල ආදී ස්ථානයන්හි ඉතා තුනියට ද අපිචර්මය පිහිටා ඇත. මෙලෙස පවත්නා අපිචර්මයද ස්තර වලට වෙන්වේ.
මිනිස් සිරුරේ බාහිර ආරක්ෂකයක් ලෙස කටයුතු කරන චර්මය, මිනිස් සිරුරේ වර්ග අඩි විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් වසාගෙන සිටී. මෙහි ඇති ස්නායු තන්තු හේතුවෙන් ස්පර්ශය, වේදනාව, ශීතල, උණුසුම ආදිය අපට සන්වේදනය වේ. මිනිස් සිරුරට අවශ්‍ය විටමින් D නිපදවීමට චර්මය මගින් සිදුවනුයේ විශාල දායකත්වයකි.
ඔබේ සුන්දරත්වයට මනා පැහැපත් සමක් උදව් වන අයුරු
ලොව ජීවත් වන පුද්ගලයින් ගත් විට ඔවුනගේ සම විවිධ වර්ණයන්ගෙන් යුක්තය. එයට හේතුව මෙලනින් (Melanin), මෙලනොයිඩ් (Melanoid), කැරොටින් (Carotene), හිමොග්ලොබින් (Haemoglobin), ඔක්සිහිමොග්ලොබින් (Oxyhaemoglobin) යන විවිධ වර්ණක සංයුතියකින් එක් වී සමෙහි අවසාන වර්ණය සාදනු ලබන බැවිනි.
මීට අමතරව පුද්ගලයාගේ ජාන ද, මෙයට බලපෑම් කරනු ලබයි. රූපලාවණ්‍යයේදී පැහැපත් සමක් ලෙස හදුන්වනු ලබන්නේ දීප්තිමත්, ලප කැලැල්වලින් සහ විවිධ ආසාදන, කුරුලෑවලින් තොර නිරෝගී සමකටය.
පැහැපත් සමක් යනු?
එහිදී පැහැපත් යනු කෙනෙකු සුදුවීම නොවේ, ඉහත කරුණු වලින් තොරවීමයි. යම් කෙනෙකුට පැහැපත් තල එලලු සමක් තිබිය හැකිය. තවත් කෙනෙකුට පැහැපත් කලු සමක් තිබිය හැකිය. පැහැපත් සමක් පැවතීම හේතුවෙන් පුද්ගලයාට ආකර්ෂණීය පෙනුමක්, මනා පෞරුෂයක් ලැබෙන අතර ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමට ද හැකියාව ලැබේ. මේ නිසාම විවිධ විලසිතා කිරීමට හැකියාව ලැබේ. එහෙයින් ඔබේ සුන්දරත්වය වඩාත් සුන්දර වනු ඇත.
සම සහ සුන්දරත්වය පවත්වාගැනීමට නිසි පෝෂණය ලබා ගැනීම
ඔබේ සුන්දර සම පෝෂණය කල හැකි ආකාර දෙකක් පවතී. එහි පලමුවැන්න බාහිර පෝෂණය. දෙවැන්න අභයන්තර පෝෂණය.
බාහිර පෝෂණ:
සමෙන් පිටවන්නා වූ දහඩිය මත කුණු, දූවිලි ආදිය රැදීම නිසා සම මතුපිට ස්තරය අපිරිසිදු වේ. මේ නිසාම විෂබීජ, බැක්ටීරියා ආසාදන ඇතිවීම සහ වර්ධනය වීම සිදුවේ. මේ නිසා සම පිරිසිදු කිරීම, සමේ මැරුණු සම ඉවත් කිරීම සිදු කිරීම කල යුතුය. මේ සදහා Cleasing Cream, Face Wash, Boady Wash, Scrab ආදී ගුණාත්මක සහ ප්‍රමිතියකින් යුත් ද්‍රව්‍ය ඔබට භාවිත කල හැකිය.
එමෙන්ම සම්භාහනය කිරීම, face pack එකක් භාවිත කිරීම, Toner, මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිත කිරීම ආදිය තුලින් සම බාහිර පෝෂණය කල හැකිය.
අභයන්තර පෝෂණය:
අභයන්තර පෝෂණය යනුවෙන් හදුන්වනු ලබන්නේ අප ලබා ගන්නා ආහාර පානයි. විශ්ෂයෙන්ම ශුද්‍ර පෝෂණ වර්ග වන කැල්සියම්, විටමින් B3, E සහ A, මැග්නීසියම්, කොපර් අඩන්ගු එලවලු සහ පලතුරු, පලා වර්ග, මස් වර්ග මෙන්ම විශ්ෂයෙන්ම කුඩා කටු සහිත මාලු වර්ග අපගේ දෛනික ආහාර රටාවට එක් කර ගැනීම, දිනකට වතුර ලීටර 3ක් වත් පානය කිරීම කල යුතුය.
මේ නිසා සමෙහි ඇති සෛලවල ක්‍රියාකාරීත්වය මනාව සිදුවේ. ඒ හේතුවෙන් සමේ සියලුම ඉන්ද්‍රියන්ගේ ද ක්‍රියාකාරීත්වය මනාව සිදුවේ. එමෙන්ම තද හිරු රශ්මිය, දුහුවිල්ල, දැඩි ශීතල ආදී බාහිර උපද්‍රවයන්ගෙන් සමේ කොලජන් තට්ටුවට සිදුවන හානිය ද වලක්වා ගත හැකිය.
සම රැක ගනීමට කල යුතු දේ
උදෑසනින්ම අවදිව උණුසුම් වතුර වීදුරුවක් හිස් බඩ පානය කිරීම මෙන්ම දිනකට වතුර ලීටර 3ක් වත් (වරකට වීදුරුවක් හෝ කිහිපයක් බැගින් දවස පුරා වරින් වර) පානය කිරීම. එමෙන්ම අධික ලෙස දහඩිය පිටවේ නම් ඊට සරිලන ලෙස වතුර පානය කිරීම
ශුද්‍ර පෝෂක අඩන්ගු එලවලු, පලතුරු, පලා වර්ග සහ මස්, මාලු දෛනික ආහාර වේලට එක් කර ගැනීම
අධික පිෂ්ඨය සහ මේදය අඩංගු ආහාර අවම කිරීම
දැඩි හිරු රශ්මිය ආදී බාහිර බලපෑම් වලින් සම ආරක්ෂා කර ගැනීම
සම මතට හානිකර ද්‍රව්‍යයක් වැටුණ හොත් ගලා යන ජලයෙන් සෝදා වෛද්‍ය ප්‍රතිකර ලබා ගැනීම.
සමේ කොරළ, ඉන්නන් වැනි අසාමාන්‍ය තත්වයක් ඇති වුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම
වෙළඳපොළෙහි සම සදහා පවත්නා ක්‍රිම් වර්ග සහ අනෙකුත් ආලේපන වර්ග භාවිත කිරීමට පෙර එය සමට ගැලපේදැයි පරීක්ෂා කිරීම
පැහැපත් සමක් සදහා නොකල යුතු දේ
වෛදය උපදෙස් රහිතව වෙනත් පුද්ගලයෙකු භාවිත කල ක්‍රිම් වර්ග හෝ ඖෂධ වර්ග භවිතා කිරීම
අධික ලෙස නිදි මැරීම
සමට අහිතකර පරිසරික කරුණු වන තද සූර්යයාලෝකය, තද ශීතල, දිලීර සහ බැක්ටීරියා ආසාදන, සතුන්ගෙන් වන හානි වලට ලක්වීම
අභයන්තර කරුණු වන අධික සීනි, පිෂ්ඨය, මේදය ආහාරයට ගැනීම
මත් ද්‍රව්‍ය පානය/භාවිතය, දුම් බීම
රූපලාවණ්‍යය ද්‍රව්‍ය ගැල්වීමේ දී ප්‍රවේශම් වීම
ශරීරය පුරා විහිදී පවතින සම ඉතාමත් සන්වේදී ග්‍රන්ථියක් ලෙස හැදින්වීමට පුලුවනි. මේ නිසාම රූපලාවණ්‍යය සත්කාර කිරීමේ දී මෙන්ම රූපලාවණ්‍යය හැඩ ගැන්වීමේ දී භාවිතයට ගන්නා ද්‍රව්‍යයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විශ්ෂයෙන්ම එහි ගුණත්මක භාවය, ප්‍රමිතිය මෙන්ම සමට ගැලපෙනවාද යන්නන් පිලිබද සැලකිලිමත් විය යුතුය. රූපලාවණ්‍යය ද්‍රව්‍ය මිල දී ගැනීමට ප්‍රථම අතේ පිට අල්ලේ මදක් ආලේප කර පැය කිහිපයක් තබා ආසාත්මිකතාවයන් ඇතිවෙනවාද යන්න පරීක්ෂා කල යුතුය. එමෙන්ම කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කිරීම ද වැදගත්. එමෙන්ම සමහර ක්‍රීම් වර්ග භාවිත කිරීමට පෙර වෛදයවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම කල යුතු අවස්ථා ද පවතී. මේ නිසා රූපලාවණ්‍යය ද්‍රව්‍ය භාවිත කිරීමේ දී ඒ පිලිබද සැලකිලිමත් විය යුතුය.
nirogya.lk
(under the courtesy of goodhousekeeping.lk web)