Beauty
සති දෙකෙන් මෙන්න මෙහෙම කොන්ඩේ වවමුද වැවීම වැඩිකර හිස කේ දිදුළුවන විශ්මිත ආලේපනය
ඔන්න අදත් අපි ඔයාලට කියල දෙන්නේ කොණ්ඩය සම්බන්ද ප්‍රතිකාර ක්‍රමයක් ගැන. අපේ හිතවතුන් හුගක්ම උනන්දු වෙන්න හිසකෙස් පිළිබද බව අපිට ලැඛෙන ප්‍රතිචාර සහ ඉල්ලීම් වලින් පෙනෙනවා. ඉතින් අපි කෙස් සම්බන්ධ ලිපි වැඩිපුර ඔයාලත් එක්ක ඛෙදා ගන්න හිතුවා. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ අපේ කෙස් පිළිබද අලූත්ම ලිපිය.
කාන්තා හෝ පිරිමි වේවා මුලින්ම දුටුවන් හිත ඇද බැද ගන්නා දෙයනම් හිසකෙස්ය. ඉතින් හැමෝම තමන්ගේ හිස කෙස් නිරෝගිවත් ලස්සනවත්වත් තබා ගන්න කැමතියි. මෙම පැරණි විශ්මිත ක්‍රමය මගින් හිසකෙස් නිරෝගිව, දිදුලන ලෙස පවත්වාගෙන යන්න පුළුවන්.
අවශ්‍ය දේ
- බිත්තර කහ මදය 1ක්
- එඩරු තෙල් මේස හැදී 1ක්
- මැලික් ඇසිඩ් මේස හැදී 1ක් (පාමසියෙන් ගන්න පුළුවන්)
- ඔබ කැමති ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් මේස හැදී 2ක්
හදන විදිය
මුලින්ම බිත්තර කහමදය වෙන්කර භාජනයක දමා එයට එඩරු තෙල් සහ මාලික් ඇසිඩ් එකතු කරගන්න. හොදින් මිශ්‍ර කරගන්න. එයට ෂැම්පු සහ කන්ඩිෂනර් එකතු කර නැවතත් හොදින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය යෝගට් වාගේ වුනාම වෙනත් සුදුසු බෝතලයකට දමා ගන්න.
මෙම සාදාගත් ආලේපනය තෙත හිසේ ආලේප කර හිස නයිලෝන් හිස් ආවරණයකින් ආවරණය කරගන්න. විනාඩි 20ක් විතර මෙහෙම ඉදලා හිස කෙස් සෝදා දමන්න. නැවත සැරයක් මෙසේ කරන්න.
වඩාත් කාර්යක්ෂම ප්‍රතිඵල සඳහා හිස සෝදන සැම විටම මෙම ආලේපනය පාවිච්චි කරන්න. හැමදාම සති දෙකක් තුනක් මෙය භාවිතා කරයි නම් දවසකට එක සැරයක් පමණක් භාවිතා කිරීම සැහෙනවා.
මෙම සාදා ගත ආලේපනය සාමාන්‍ය දිගකින් යුතු හෙසකෙස් වලට සැහෙනවා. ඔයාගේ කොන්ඩේ ගොඩක් දිගනම් අමුද්‍රව්‍ය පරිමාව වැඩි කරලා හදා ගන්න.
curtesy :
www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)