Beauty
ෂැම්පු හිසකෙස්වලට ගුණදායකද?
පෞද්ගලික පිරිසිදුතාවය ආරක්ෂා කර ගැනීම හිස්හොරි මැඩලීමේ පළමු පියවරයි. බොහෝ ෂැම්පු
වර්ග තුළ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය හා සුවඳ කාරක අඩංගු නිසා දිනපතා ෂැම්පු භාවිතය
නුසුදුසුය. කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරේ බාහිර, අභ්‍යන්තර
ඉන්ද්‍රියන්ට හානි කරයි.
පංච ඉන්ද්‍රීයයන් අතරින් ඇස, කන, නාසය, දිව යන ඉන්ද්රියය හතරක්ම හිසෙහි පිහිටා
තිබීමෙන් එම ඉන්ද්‍රියයන්ට අහිතකර බලපෑම් ඇති විය හැකිය.
ඔබත් ෂැම්පු භාවිතා කර ඇති නිසා ෂැම්පු වලින් පෙණ නගිනවා දැක ඇත. ෂැම්පු වලින් පෙණ
නැගීම ඇති කිරීමට ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකක් භාවිතා කරයි. ඒ සෝඩියම් ලෝරික්
සල්ෆේට් (Sls) හා සෝඩියම් ලෝරෙත් සල්ෆේට් (Sles) ය.
සෝඩියම් ලෝරිල් සල්ෆේට් සමෙහි වියළි බවටත්, සෝඩියම් ලෝරෙත් සල්ෆේට් සමෙහි පිළිකා
සෛල වර්ධනයටත් හේතුවිය හැකිය. තම නිෂ්පාදනය තරඟකාරී වෙළඳපොළ තුළ අංක එක බවට පත්
කිරීමට සිලේනියම් සල්ෆයිට් නැමැති රසායනය වැඩිපුර අඩංගු කර නිපදවූ ෂැම්පු වර්ග ද
වෙළඳපොළ තුළ පවතී. මෙම රසායනිකයෙන් කෙස් මුල් දුර්වල වී, කෙස්වල මුල් පැහැය වෙනස්
විය හැක.
පොදුවේ ගත් කළ මෙම රසායනික ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් මධ්‍යම ස්නායු
පද්ධතියට, අන්තරාසර්ග පද්ධතියට, ස්වසන පද්ධතියට, ප්‍රජනන පද්ධතියට අහිතකර ලෙස බලපෑ
හැකිය. එසේම මිනිස් සිරුරේ ප්‍රධානම ඉන්ද්රියයන් වන මොළය, හදවත, පෙනහලු, අක්මාව,
වකුගඩු වලට ද හානි සිදුවිය හැක. ශාකසාර භාවිතා කොට නිවසේදීම සාදා ගත හැකි ෂැම්පු
වර්ග කිහිපයක් පහත දැක්වේ.
බිත්තර කහමද 1, වැල්පෙනෙල යුෂ අඬු කෝප්ප 1/4, උළුහාල් කුඩු මේස හැඳි, දෙහි යුෂ
බිංදු 5 -10ක් පමණ, මිශ්‍ර කර ආලේපය, බිත්තර කහමද 1,විනාකිරි මේස හැඳි 2,දෙහි යුෂ
බිංදු 5 -10ක් පමණ, මිශ්‍ර කර ආලේපය
මෙම ෂැම්පු භාවිතයෙන් හිස් කබලේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවේ. දෙහි හා
විනාකිරිවලින් හිසකෙස් මනාව පිරිසිදු වෙයි.
Wmqgd .ekSu