Beauty
ශීරෝධාරා නිරෝගී බව රැක දෙන ප්‍රතිකාර ක්‍රමයක්
ශීරෝධාරා යන්නෙන් අසා තිබුණත් මෙම ශීරෝධාරා වශයෙන් හඳුන්වන්නේ කුමක්ද
යන්න ගැන බොහෝ අය තුළ වැටහීමක් නෑ. නියමිත ශීරෝධාරාවකින් නියමිත ප්‍රතිඵල
ගන්න නම් මෙය ආයුර්වේද විද්‍යානුකූලව සුදුසු පුද්ගලයා හා සුදුසු ඖෂධ තෝරා
ගෙන කළ යුතු ප්‍රතිකර්මයක් වෙනවා. එමනිසා මෙහි ඇති විශේෂත්වය පිළිබඳ අපි
මෙවර විමසා බලමු.
ශිරෝධාරාවක් යනු කුමක්ද? යන්න අප මුලින්ම විමසා බැලුවොත් මෙය ආයුර්වේදයේ
සඳහන් ශූද්‍ර කර්ම යටතේ ඇති චිකිත්සා ක්රමයකි. එනම් ප්‍රධාන පංචකර්මයන්ට
අමතරව සිදු කරන චිකිත්සාවක්. මෙය මූර්දනී තෛල ක්‍රමයක් වශයෙන් හඳුන්වනවා.
එනම් හිසට සිදු කරන සත්කාර හතරක් තිබෙනවා. එය පිළිවෙළින් ප්‍රබලතාවය අනුව
ගත්විට හිස සම්බාහනය නැත්නම් හිසට තෙල් දැමීම (තෛල අභ්‍යාංග, තෛල පිචු)
ඉන්පසු ශීරෝධාරා සහ ශීරෝවස්ති මෙම ප්‍රබලතාවය අනුව තුන්වැනි ස්ථානය හිමි
කරගනු ලබන්නේ ශීරෝධාරා ප්රතිකර්මයයි.
ශීරෝ වශයෙන් හඳුන්වන්නේ හිසයි.
ධාරා යනු ධාරාවයි. හිසට ධාරාවක් ලෙස තෙල් වැටීමට සැලැස්වීම මෙම ප්‍රතිකර්මයේ දී සිදු කෙරෙයි.
මෙම ශීරෝධාරා ප්රතිකර්මය සිදු කෙරෙන්නේ කෙසේද යන්න දැන් විමසා බලමු.
මෙහිදී පුද්ගලයාගෙන් පුද්ගලයාට වෘත්තිය වයස, ඒ ඒ පුද්ගලයාට තිබෙන රෝග
තත්ත්වය අනුව, යෙදෙන පරමාර්ථය අනුව යොදා ගන්නා තෙල් වර්ගය වෙනස්වනවා.
සාමාන්‍යයෙන් අප හිස ගල්වන්න තෙල් අවුන්සයක් පමණ ප්‍රමාණයක් ගත්තද මෙම
ප්‍රතිකර්මයේ දී තෙල් වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. රෝගියාට විශේෂයෙන් තනවන
ලද ශීරෝධාරා ඇඳක හාන්සි කරවා රෝගියාගේ නළල මැදට (එය සුවිශේෂී
නිලස්ථානයක්) තෙල් වෑස්සීමට සලස්වනවා. සාමාන්‍යයෙන් මෙය නොකඩවා වෑස්සෙන
ධාරාවක් ලෙස විනාඩි හතළිහක් වෑස්සීමට සලස්වනවා.
ඒ අතර චිකිත්සකයා විසින් සියුම් සම්බාහනයක් කරන අතර ඒ සමඟම නිල තෙරපුමක්ද කරනු ලබනවා.
මෙම තෙරපුම කරන ලබන නිල ස්ථානය විශේෂයෙන්ම අපේ මානසික නිරෝගිතාවය සහ
අධ්‍යාත්මික සුවය මෙන්ම කායිකවද ඉතාමත් වටිනා ප්‍රබල නිලස්මානයක් බව සඳහන්
කළ යුතුයි.
* මෙම ශීරෝධාරා චිකිත්සා ක්‍රමය වඩාත් යෝග්‍ය වන්නේ කුමන පුද්ගලයන්ටද?
මෙය රෝගී පුද්ගලයන්ට මෙන්ම නිරෝගී පුද්ගලයන්ටත් නිරෝගී බව ආරක්ෂාකර
ගන්නට සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක්. රෝගී පුද්ගලයන් ගත්විට විශේෂයෙන්ම
ස්නායුගත ආබාධ සහිත පුද්ගලයන්ට උදා
(under the courtesy of goodhousekeeping.lk web)