Life
ශක්තිජනක පාන නිසා හෘද රෝග
එදිනෙදා ජීවිතයේදී ලබා ගන්නා ආහාර පාන තුළින් ලැබෙන පෝෂ්‍ය කොටස් පිළිබඳ සමහර අවස්ථාවන්හිදී අපි තෘප්තිමත් වෙන්නෙ නැහැ. ඒ නිසාම තරුණ වයසේ පසුවන්නන් මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ද තමාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපුරා ගැනීමට ශක්තිජනක පාන කෙරෙහි නැඹුරු වීම අද වැඩි වශයෙන් දැකගන්න පුළුවන්.

මෙසේ අප විසින් ලබා ගන්නා ශක්තිජනක පානයන් තුළින් අපිට විවිධ වූ අතුරු ඵල ඇති වෙනවා කියලා අපි මොහොතකට හරි හිතුවෙ නැහැ නේද? අධි රුධිර පීඩනය, රුධිර අනුපාතිකය ඉහළ යෑම, හෘදවාහිනි ගැටලු ආදිය ඇතිවීමට බලපෑමක් මෙම ශක්තිජනක පානයන් ඇති කරනවා කියලා පෙන්වලා දුන්නේ American Medical Association සඟරාව විසින් කරන ලද පරීක්ෂණයක් මඟින්. මේ නිසා තරුණ හා වැඩිහිටි පාර්ශ්වයන්ගේ පවතින මානසික ආතතිය සහ රුධිර පීඩනයන් තවදුරටත් වර්ධනය වීම සිදු වෙනවා. පර්යේෂකයන් හා වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙම අවදානම ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ සීමාව ඉක්මවා කෝපි සහ මද්‍යසාර වැනි දෑ භාවිත කිරීමය. එමෙන්ම හෘදය ආශි‍්‍රතව විවිධ රෝගවලට ගොදුරු වීමේ වැඩිම අවදානම තියෙන්නේ ශක්තිජනක පානයන් සඳහා දීර්ඝ කාලයක සිට ඇබ්බැහි වීම නිසාය.
ඔබ තවමත් මෙවැනි පානයන් කෙරෙහි යොමු වෙලා ඉන්නවා නම් හදවත් රෝගයකට හෝ අධි රුධිර පීඩනයට ඔබත් ගොදුරු විය හැකි බව මතක තබාගන්න.
Wmqgd .ekSu u