SexEducation
වේදනාකාරී ලිංගික එක්වීමට සහනය දෙන කෘතීම ස්නේහක (lubricants) වර්ග 3ක්
ලිංගික සංසර්ගය වේදනාකාරී වීම වැඩියෙන්ම කාන්තාවන් අතර ඇති සුලබ ගැටළුවක්. සාමාන්‍යයෙන් කාන්තාවක් ලිංගිකව උත්තේජනය වන විට ඇගේ යෝනි මාර්ගය ශ්රාවයන්ගෙන් තෙත්වන අතර එම තත්වය පුරුෂ ලිංගය කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු කරවීම පහසු කරවනවා.
නමුත් විවිධාකාර හේතු නිසා එසේ ස්වාභාවික ශ්‍රාවයන් නිසි පරිදි නිපදවීම සිදු නොවන විටයි පෙරකී අධික වේදනාව ඇතිවන්නේ. ඒම හේතු අතර අකමැත්ත, ලිංගික එක්වීම් කෙරෙහි පවතින බිය වැනි මානසික තත්වයන්, පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර ප්‍රමාණවත් පරිදි උත්තේජනයක් ලබා නොදීම, දියවැඩියාව වැනි රෝගී තත්ත්ව, ආර්තවහරණය සහ දර උපතක් සිදුවීමේදී ඇතිවන තුවාල වැනි නොයෙක් තත්වයන් ප්‍රධාන වනවා.
මෙම ගැටළුවලට ඇති විසඳුම තමයි ලිංගික එක්වීමේදී කෘත්‍රිම ස්නේහක භාවිතා කිරීම. ඊට අමතරව ඔබ ගුද මාර්ග සංසර්ගය ප්‍රිය කරනවානම් අනිවාර්යයෙන්ම ස්නේහක භාවිතා කිරීම අතිශය වැදගත්. මෙම ස්නේහක වර්ග තුනක් වෙළෙඳපොලේ දැකිය හැකියි. එනම්,
ජලය පාදක වූ ස්නේහක (water – based lubricants)
සිලිකන් පාදක වූ ස්නේහක (Silicon -based lubricants)
තෙල් පාදක වූ ස්නේහක (oil – based lubricants)
ඉහත වර්ග තුන අතරින් වඩාත්ම ප්‍රචලිත වර්ගය වන්නේ ජලය පාදක වූ ස්නේහකයි. තෙල් හා සිලිකන් පාදක වූ ස්නේහක මෙන් නොව ජලය පාදක වූ ස්නේහකයන් ඇලෙන සුළු නොවීම සහ සිනිඳු වීම එයට හේතුවයි. එමෙන්ම කාර්යයෙන් පසු අවයව පිරිසිදු කිරීම ද ඉතාම පහසුයි. තවද කොන්ඩම් පැළඳගෙන සිටින විට ආලේප කිරීම සහ ලිංගික කටයුත්තේ යෙදීම සාපේක්ෂව පහසු වීමද ගත කළ ජලය පාදක වූ ස්නේහකයන්ගේ වාසියක්.
විවිධ රස ගැන්වූ හා සුවඳ කැවූ ස්නේහක ද මේ වන විට වෙළෙඳපොළෙන් මිලට ගත හැකියි. නමුත් ඒවා භාවිත කරන විට අනෙකාගේ ආශාවන් පිලිබඳ සැළකිලිමත් වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
loveandsex.lk