Life
විශාදය වැලැඳීමේ ප්‍රධාන හේතුව
විශාදය වැනි තත්ත්වවලට මුහුණ පෑමට සිදු වන්නේ මානසිකව ඇතිවන වියවුල් බව නිසයි. ඇතැම් අයගේ ජීවිතයේ සිදු වූ අමිහිරි අත්දැකීම් හරහා මෙවැනි මානසික තත්ත්වවලට මුහුණ පෑමට සිදු වනු ඇත.
ළදරු අවධිය
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයන්ට අනුව ළමා කාලයේදී සිදුවන ඇතැම් පීඩාකාරී අත්දැකීම් අනාගතයේ විෂාදය ඇති වීමට හේතු වන බව තහවුරු වී ඇත.
වසර 3කට අධික කාලයක් අවුරුදු 18 සිට 75 වියේ පසුවන විවිධ සෞඛ්‍ය තත්ත්වල පසුවන පුද්ගලයන් 41 දෙනකු මෙම පර්යේෂණයට යොදා ගන්නා ලදී. ඔවුන්ගේ ජානමය සංඥා මඟින් එහිදී තහවුරු වූයේ කුඩා කල ළමුන්ට වූ අපචාර මඟින් මානසිකව, ලිංගිකව හා වෙනත් ක්‍රියාකාරකම්වලදී පවා දුර්වලතා පෙන්වන බවත් මේ හරහා විශාදය ඇතිවන බවත්ය.
ග්‍රැනාඩා සරසවිය මෙහෙයැවූ අධ්‍යයන මඟින්ද කායික හා ස්නායු රෝග පිළිබඳ පුවත්පත් මඟින්ද එම කාරණා තහවුරු කෙරෙයි.
Wmqgd .ekSu u