iranama
විවාහයට නුසුදුසු ස්ත්‍රීන් හා පරුෂයින් හඳුනාගනිමු
විවාහය යනු පුද්ගලයකුගේ දෙවැනි ඉපදීම ලෙස අර්ථකථනය වේ. මෙය ජීවිතයේ සොඳුරුතම තරුණ කාලයේදී සිදුවන බැවින් විවාහ දිවියට ඇතුළුවන සියලු දෙනාම මහත් සේ ප්‍රීති වෙති. නමුත් මෙසේ ප්රීතිවිය හැක්කේ අතලොස්සක් දෙනාට පමණි. බොහෝ දෙනෙක් තමා සුරපුරයකට ඇතුල් වී ඇතැයි සිතුවද අඳුරු වළාවන් තමා පසුපස ඇතිබව නොදනී. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තම ජීවිතයේ එක්වරක් පමණක් සිදුකරන සරණ මංගල්‍යය බොහෝ සේ සිතා, කරුණු සොයාබලා කරගත යුතුයි. විවාහයට තෝරා ගන්නා තැනැත්තියට හෝ තැනැත්තාට ඇති වත්පොහොසත්කම්, යානවාහන, දේපළ, රැකියාව, කුලය ආදිය සොයනවාත් සමගම එම පුද්ගලයා සතු ගතිගුණ, චර්යාරටා, ගුණගරුක කම් ගැනද සොයා බැලිය යුතුයි.
හඳහන්, පොරොන්දම් හොඳින් ගැලපුනද එම තැනැත්තා හෝ තැනැත්තිය විවාහයට සුදුසුද නොසුදුසුද යන්න දේහ ලක්ෂණ විද්‍යාව තුළින් මනාව සොයාගත හැක. ජන්මියකුගේ උපන් වේලාව වැරදී ඇති අවස්ථාවක එම පුද්ගලයාගේ හඳහන අනිවාර්යයෙන්ම වරදී. නමුත් පුද්ගලයකුගේ හඳහන, හස්තය හා දේහ ලක්ෂණ එකිනෙක සමාන වේ. හඳහන වැරදුන අවස්ථාවේදී එහි ඇති ග්‍රහ පිහිටීම් එම පුද්ගලයාගේ හස්ත පිහිටීම්, දේහ ලක්ෂණ හා නොගැලපේ. දේහ ලක්ෂණ විද්‍යාව හොඳින් ප්‍රගුණ කළ අයෙකුට එම පුද්ගලයාගේ රූපයෙන් සියලු ගතිගුණ අනාවරණය කළ හැක. මෙය ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම පොදුය.
විවාහයට නොසුදුසු කාන්තාවන් දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් කර ඇති ආකාරය බලමු. එවන් ස්ත්‍රීන් හඳුනා ගැනීමේ ලක්ෂණ 16 කි, ඒවා මෙසේයි.
1. අස්වාභාවික විකෘති ගමන් ඇති තැනැත්තිය.
2. කුඩා කල සිටම ඉතා හිතවත් යෙහෙළියක බඳු ස්ත්‍රිය.
3. ඉතා අප්‍රසන්න ගතිගුණ ඇති තැනැත්තිය.
4. තඹ පාට කෙස් ඇති තැනැත්තිය (ස්වභාවික තත්ත්ව යටතේ)
5. පිට ඇද වූ ස්ත්‍රිය.
6. ගොළු යුවතිය.
7. අතුල්, පතුල් වලින් නිතර නිතර දහඩිය ගලන යුවතිය.
8. සුදු හෝ කළු පාට ලප ඇති යුවතිය.
9. පුරුෂයකුට සමාන ඇඟපත ඇති යුවතිය
10. කලවා යුවළ ඉතා කෙට්ටු තැනැත්තිය
11. පුරුෂයාට වඩා වැඩිමහල් යුවතිය.
12. පුරුෂයාට වඩා අවුරුදු 3 ක් වත් බාල නැති යුවතිය.
13. නලල පමණට වඩා පළලින් යුතු යුවතිය.
14. නිතර නිතර සැඟවී මුළු ගැන්වී සිටින යුවතිය.
15. වෙනත් පුරුෂයකු සමග යහන්ගත වූ යුවතිය.
16. වෙනත් පුරුෂයකු අතින් කෙලසී ඇති යුවතිය.
විවාහයට නොසුදුසු ස්ත්‍රීන් මේ ආකාර වන අතර විවාහයට නොසුදුසු පුරුෂයන්ද දේහ ලක්ෂණ විද්‍යාවේ මනාව පැහැදිළි කර ඇත. පෙර විසූ සෘෂිවරු මොවුන්ව හඳුනා ගැනීමේ ලක්ෂණ 12 ක් දක්වා ඇත. ඒවා මෙසේයි.
1. ලෝභ පුද්ගලයා
2. කුෂ්ඨ රෝගියා
3. කට දුගඳ පුද්ගලයා
4. දුරාචාර කරන පුද්ගලයා
5. කපටි පුද්ගලයා
6. දීන පුද්ගලයා
7. දෙමාපියන් නැති පුද්ගලයා
8. අන් බිරින්දෑවරුන් ගැනම ලොල් පුද්ගලයා
9. උද්දච්ච, කුහක පුද්ගලයා
10. සිරුරේ ඉනිතුන්නන් වැනි සතුන් ඇති පුද්ගලයා
11. ක්ෂය රෝගියා
12. අධික බේබදු පුද්ගලයා
ඔබත් විවාහ වීමට අපේක්ෂා කරන්නෙකු නම් ඒ සඳහා ස්ත්‍රියක් හෝ පුරුෂයකු තෝරා ගැනීමේදී සෘෂිවරු අශුභයෑයි පැවසූ පුද්ගලයන් හැර අන් අයකු සමග තමන්ගේ ජීවිතයේ වැදගත්ම තීරණය අරගන්න. විවාහය සාර්ථක වූ විට සුරලොවක ජීවත් වනවා සේ දැනුනද, විවාහය අසාර්ථක වූ විට ජීවිතය අමු අපායක් බවට පත්වේ. ඒ නිසා ඉහත කරුණු සැලකීමට ගෙන විඳින්නට ලැබුණු ජීවිතය විඳවීමෙන් තොරව ගෙන යැමට වගබලා ගන්න. එවිට ඔබේ ජීවිතය සුරපුරයක් වනු නොවනු මනාය.
Wmqgd .ekSu