iranama
විවාහය සාර්ථක කරගන්න මෙය කියවන්න
"විවාහය, පුද්ගලයකුගේ දෙවැනි උපත" ලෙස හඳුන්වයි. එසේ වන්නේ එහි බලපෑම පුද්ගලයකුගේ ජීවිතයට සිදුකරන පරිවර්තනය නිසයි. විවාහ වීම සඳහා ගැළපෙන මනාලියක හෝ මනාලයෙකු සොයා ගැනීම කොතරම් අපහසු කටයුත්තක්දැයි විවාහ වන වයසේ පසුවන දියණියක හෝ පුතෙකු සිටින මාපියන් හොඳින්ම දනී. විවාහය සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී සිදුවන ඇතැම් දුර්වලතා නිසා මිල මුදල්, දේපළ පමණක් නොව තම ජීවිතයද නැති නාස්ති කරගත් කාන්තාවන් ගැන ලද බොහොමයක් පුවත් අසන්නට ලැබේ.
විවාහ වෙන්න යන අය බොහෝ දෙනෙක් පවසන්නේ ඔවුන්ට හොඳ පෙනුමක් ඇති සහකරුවෙකු හෝ සහකාරියක අවශ්‍ය බවයි. මින් පෙනී යන්නේ අද තරුණ පරපුර බොහෝ විට රූපයට මුල්තැන දෙන බවයි. ඊට අමතරව ඔවුන් මුල් තැන දෙන්නේ මුදල්වලට. මේ පදනම එකම සුදුසුකම කරගනිමින් විවාහයට එළඹීම නම් බුද්ධිමත් පියවරක් නොවේ. බොහෝ පවුල් අවුල් වෙන්නේ මේ වැරදි තෝරා ගැනීම නිසයි. ඇත්තෙන්ම විවාහයට පුද්ගලයෙකු තෝරාගැනීමේදී මූලිකව සොයා බැලිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ හා අදහස්වල ගැළපීම පිළිබඳවයි. දෙවනුව පවුල් පසුබිම පිළිබඳ සොයා බැලිය යුතුයි.
යම් පුද්ගලයෙක් තම නිවසේ අය සමඟින් ගත කරනුයේ ජීවිතයෙන් තුනෙන් එකක පමණ කාලයක්. එහෙත් තම සහකරු හෝ සහකාරිය සමඟ ජීවිත කාලයෙන් තුනෙන් දෙකක පමණ වැඩි කාලයක් ගත කරන්නට සිදුවෙනවා. එම නිසා මේ සඳහා සුදුසුකම බවට පත්වන්නේ අදහස් ගැළපීමයි. ලස්සන හෝ මිල මුදල් එසේත් නැත්නම් සමාජ තත්ත්වය ගැන නොසිතා අදහස්වලට මුල්තැන දීමෙන් ඉතා සාර්ථක පවුල් ජීවිතයකට අඩිතාලම සකස්කර ගත හැකියි.
අද තාක්ෂණික දියුණුවත් සමඟ ම තරුණ තරුණියන් අතරේ නොයෙකුත් ආකාරයේ පෙම් සබඳතා පවතිනවා. බොහෝ තරුණයන් මෙන්ම ඇතැම් තරුණියන්ද පෙම් සබඳතා කීපයක්ම පවත්වාගෙන යනවා. එහෙත් මේවා බොහොමයක් විවාහයෙන්ම අවසන් වන්නේ නෑ. ඒ නිසාම යෝජිත විවාහය සඳහා ඇති ඉල්ලුම වැඩිවෙනවා. ෙ
Wmqgd .ekSu