iranama
විවාහය ප්‍රමාද නම් මේවා අත්හරින්න
ලහරි වැඩේ නොවැ මල්ලියේ. තවම පොඩි දුවට කටයුත්තක් හරි ගියෙ නෑ නොවැල
අනුල අක්ක මුහුණ නරක් කරගෙන කීවේ මෙවර බැලූ පොරොන්දමත් ගැලපෙන්නේ නැති බව මා විිසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇති වූ කලකිරීම සහිතවය. අනුලක්කා ප්‍රසිද්ධ රජයේ ආයතනයක සේවයෙන් විශ්‍රාම ලබා සිටින්නීය. ඇයගේ දුව වයස තිස් දෙකට ආසන්න වූ උපාධිධාරිනියක වුවද තවමත් අවිවාහකය. රජයේ ආයතනයකම සේවය කරයි.
ලබලන්ඩකෝ ඉගෙනීමෙන් අඩුවක්ද? රූපෙ අවලස්සනද? මොනව වෙලාද මන්ද?ල
අනුලක්කා තවදුරටත් තම අසහනය වචනවලට පෙරළමින් සිටී. මම උදව්වක් දීම මැනවයි සිතුවෙමි.
ලඅර ඉස්සරහ බුක් ෂොප් එකේ අයිතිකාර මහත්තය ඉන්නව නේද?ල
ලඔව්. ඔව්. සේනාරත්න නේ.ල
ලඅන්න එයා දියුණවෙන කෙනෙක්. දැනටමත් ගෙවල් දොරවල් හදල වාහන එහෙමත් තියෙනවා. උපාධිය තිබුණට රස්සාවලට ගිහිල්ල නෑ. තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න කැමැති නිසා.ල
මම කවදාවත් නොකරන මඟුල් කපුකමක් උදෙසා මෙසේ කීවේ අනුලක්කාගේ නෑදෑකමත්, සේනාරත්නගේ හිතවත්කමත් නිසාය. නැතුව ගතමනාවක් කඩා ගැනීමට නොවේ.
ලහැබැයි ඉතිං පොරොන්දම් එහෙම බලන්න ඕන. අක්ක කැමතිනම් මං අහල බලන්නංල මම කීවෙමි. අනුලක්කාගේ මුහුණ හැකිලුනාය. එකවරම කලබල උනාය.
ලඅපෝ මල්ලියෙ. බිස්නස්කාරයෙක්නේ.ල
ලඉතිං මොකද?ල
ලඅනේ මල්ලියේ අපි හොයන්නෙ පැන්ෂන් එකක් ගන්න පුළුවන් රජයේ රස්සාවක් තියෙන කෙනෙක්. ඔය බිස්නස්කාරයො කවද වැටෙයිද දන්නෙ නෑනේ. ස්ථාවරයක් නෑ.ල
එතකොට ආරක්ෂක අංශෙ
ඒ මිනිස්සුන්ටත් දුව කැමැති නෑ. ආමි එකේ පොලිසියේ අය නං එපා කියන්නෙ. ඒ මිනිස්සු විශ්වාස නෑ. ඇත්තටම මං වුණත් හිතන්නෙ එහෙමයි.
අනුලක්කාගේ දුව රූපිකා නම් වුවද දැන් ඇය වයස 32 ත් පසුකර වියපත් වෙමින් සිටින කාන්තාවකි. ඇයගේ කේන්ද්‍රය අනුව ද විවාහ ප්‍රමාද පෙන්වයි. දැන් ඇයට සෙවියයුතු මනමාලයා ද වයස 32 ට වැඩි කෙනකු විය යුතුය. වයස 32 වන විට තරුණයින්ගෙන් වැඩි දෙනකු විවාහ වී සිටී. ඒ ප්‍රමාණය සියයට හැත්තෑපහක්වත් වනු ඇත. ඉතිරි වන්නේ සියයට විසිපහකි. එයින්ද රූපිකාගේ උපාධියට ගැලපෙන කෙනකු අවශ්‍ය බැවින් තවත් සියයට දහයක්වත් ඉවත් වේ. ඉතිරි සියයට පහළවෙන් ද බිස්නස්කාරයෝද, ආරක්ෂක අංශවල ඇත්තෝ ද ඉවත් කළ යුතු බව ඔවුන්ගේ මතයයි. ඉන් පසුව වඩා දුර අයද, ගමේ අහලපහල අය ද දුප්පත් අය ද ඉතා ධනවත් අය ද කුලබේද ජාතිභේද අනුවද ඉවත් කළ විට අංක ගණිතය අනුව මේ ප්රශ්නය විස