iranama
විවාහ රේඛාව උඩට විහිදුනොත් උසස් කෙනෙක් අත ගනී
ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ
හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම් හෝ කාරණයක් සිදුවේද යන වග තමාගේ අත්ලෙහි පවතින්නාවූ රේඛාවන් සලකුණු ආදියෙන් තීරණය කරගත හැකිවේ. සුළැඟිල්ලට යටින් පිහිටා ඇති විවාහ රේඛාව සුළැඟිල්ලට වඩාත් කිට්ටුව පිහිටා තිබේද එම තැනැත්තා තම සහකාරිය තෝරා ගනු ලබන්නේ ආදරයට වඩා දේපළ ධනය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එනම් සහකාරිය තමාට නොගැළපෙන අයකු වුවත් දැවෑද්ද බලාගෙන විවාහයට පත්වේ. විවාහ රේඛාවන් කිහිපයක් පිහිටා තිබිම කිහිප දෙනකුට ආලය කරන ලකුණකි. යම්කිසි ස්ත්‍රියකගේ එක් විවාහ රේඛාවක් පමණක් පිහිටියේද එම තැනැත්තිය එක් පුරුෂයකු සමඟ පමණක් විවාහයට එළඹේ.
විවාහය ගැන විමසා බැලීමේදී සිකුරුගේ පර්වතය ගැන අවබෝධයක් තිබීම ද වැදගත් වේ. අත්ලෙහි මහපට ඇඟිල්ල යට පිතෘ රේඛාවෙන් වටව පවතින්නා වූ කොටස සිකුරුට අයත් වේ. යම් කිසි පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලය වෙත පැමිණ එම රේඛාවේ අවසානය අතුවලට බෙදී පවතීද එම පුද්ගලයාගේ විවාහය අවාසනාවන්තය.
සිකුරුගේ මණ්ඩලයෙහි දූපතක සටහනක් යෙදී ඉන් නැඟුණු රේඛාවක් රවි මණ්ඩලය වෙතට යයිද එම තැනැත්තාගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වනු ඇත. සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන්නා වූ රේඛාව පීතෘ රේඛාවත් මාතෘ රේඛාවත් කපාගෙන බුධ මණ්ඩලයට යයිද එම ස්ත්‍රිය ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයකු සමඟ විවාහයට පත්වනු ඇත.
සිකුරු මණ්ඩලයෙන් පටන් ගන්නා රේඛාව සෙනසුරුගේ පර්වතය වෙත පැමිණ යකඩ වැස්සක් බඳු සටහනකින් අවසන් වීම හෝ සම්බන්ධ ව පැවතීම ද එම පුද්ගලයාගේ විවාහ ජීවිතය අවාසනාවන්ත වන බවට ලකුණකි. සුලැඟිල්ල යට පිහිටි විවාහ රේඛාව නැමී හෘද රේඛාව හා සම්බන්ධ වේද එම තැනැත්තා ස්ත්‍රීන් සමඟ ආදර සම්බන්ධතාවල නිරත වූවෙකි. විවාහ රේඛාව මත අග කරු සටහනක් පවතීද එම තැනැත්තාගේ විවාහ ජීවිතය වැඩි කාලයක් ගත වීමට මත්තෙන් කැඩී යයි. විවාහ රේඛාව යටින් විවාහ රේඛාවට විරුද්ධ අතට කෙටි රේඛා දෙකක් පවතීද එම තැනැත්තා හට ලැබෙන්නා වූ සහකාරිය යම්කිසි රෝගයකින් පෙළෙන අයකු වේ. විවාහ රේඛාව මත කතිර සටහනක් පවතී නම් දරුවන් පිළිසිද ගැනීමේ ප්‍රශ්නයකට මැදිවේ.
විවාහ රේඛාව සුලඟිල්ල දෙසට උස්ව පිහිටියේද තමා හට ලැබෙන්නා වූ අය තමාට වඩා උසස් අයකු වේ. තමාට වඩා තත්ත්වයෙන් පහළ අයකු ලැබෙනුයේ විවාහ රේඛාව පහතට වක්‍රව පිහිටා තිබීමෙන්ය. විවාහය නිසා තමන්ගේ රැකියාව නවතා දැමීමට සිදු වූ අයද අනන්තවත් සිටිති. එම අයගේ අත්ල පරීක්ෂා කර බැලීමේදී විවාහ රේඛාවේ අග තවත් රේඛාවකින් කැපී පවතින ආකාරය දැක ගත හැකිවේ. කොතරම් විවාහ යෝජනා ලැබුණත් අවිවාහකව සිටින අයද සමාජයේ සිටී. එවැනි අයගේ අත්ලෙහි විවාහ රේඛාව මත දූපත් සලකුණු දෙකක් පවතිනු දැක ගත හැකිවේ. විවාහ රේඛාවේ මුල දූපතක් පැවතීම ද විවාහය ප්‍රමාද වීමට හේතුවකි.
Wmqgd .ekSu