Beauty
වියළි සහ පළුදු වුණ සම වෙනුවෙන් මී පැණි සහ යෝගට් face masks 3ක්
මී පැණි සහ යෝගට් කියන්නේ ඔබට වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගන්න පුළුවන්, අනෙක් රූපලාවණ්‍ය ආලේපනයන්ට සාපේක්ෂව අඩු මිලක් ඇති ද්‍රව්‍ය දෙකක්.
එහෙමයි කියල මේ දෙකේ රුව වඩන ගුණය නම් අනෙක් රූපලාවණ්‍ය ආලේපනවලට සාපේක්ෂව වැඩි මිසක් අඩු නම් වෙන්නේ නැහැ. අපි බලමු ඒ කොහොමද කියලා.
මී පැණි
මී පැණි කියන්නේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් සහ ඉතාම වටිනා ඖෂධයක්. මේ නිසාම ඔබේ සැමට සත්කාර කිරීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මී පැණි යොදාගන්න පුළුවන්.
වෙළෙඳපොලේ ඇති මී පැණි අතරින් හොඳ වර්ගයේ මී පැණි සොයාගැනීම සරල පරීක්ෂාවකින් පසු ඔබට කළ හැකියි. ඔබ කළ යුත්තේ මී පැණි බිඳු කිහිපයක් පිරිසිදු ජලය අඩංගු බඳුනකට දැමීමයි. ඒවා තත්වයෙන් උසස් මී පැණි නම් බඳුනේ පතුලට කිඳා බසිනු ඇති.
සම සිනිඳු හා මෘදු කිරීමට, පිළිස්සුම් හා කැපීම සීරීම්වලින් ඇතිවූ ලකුණු මකා දැමීමට, සම පැහැපත් කිරීමට සමත් අගනා ගුණයන් මී පැණි සතුයි.
යෝගට්
යෝගට්වල සින්ක්, විටමින්, ලැක්ටිස් ඇසිඩ් ආදියෙන් සමන්විතයි. ඕනෑම වර්ගයේ සමක් මත ආලේප කළ හැකි යෝගට් සමේ තෙතමනය රැක ගැනීමට, සම රැලි වැටීම, එල්ලා වැටීම අඩු කිරීමට භාවිතා කළ හැකියි.
ඉතින් සම පිලිබඳව බොහෝ දෙනාට ඇති ගැටළුවලට පිලියමක් ලෙස මීපැණි සහ යෝගට් මිශ්‍ර කර සැකසූ face mask කිහිපයක් ගැනයි මේ ලිපිය.
සමේ තෙතමනය රැක ගැනීම සඳහා face mask එකක් (වියළි සමට වඩාත් සුදුසුයි)
අවශ්‍ය ද්‍රව්‍ය,
යෝගට් මේස හැඳි 2යි
මී පැණි මේස හැඳි 1යි
පිස සීතල කරගත් oatmeal මේස හැඳි 1 -2
මේ සියලු දේ හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව එය මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 10 -15 කට පමණ පසු සෝදා හරින්න.
පළුදු වුණ සමක් සඳහා face mask එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
යෝගට් කෝප්ප භාගයක්
කෝමාරිකා යුෂ හෝ ජෙල් මේස හැඳි දෙකක්
මී පැණි මේස හැඳි 1ක්
තලාගත් පිපිඥා කෝප්ප භාගයක්
Chamomile තෙල් බිඳු කිහිපයක්
මේවා බ්ලෙන්ඩර් එකකට දමා හොඳින් අඹරාගන්න. අනතුරුව ආලේප කර විනාඩි 10 -15 මුහුණ මත තබා පසුව සෝදා හරින්න.
යෝගට්
(under the courtesy of goodhousekeeping.lk web)