Beauty
වියළි සමට හරියන තෙල
සිරුර නීරෝගී කිරීමට හා පියකරු පෙනුමක් පවත්වා ගැනීමට බාහිර ප්‍රතිකාර
වලට අමතරව හොද පෝෂණයකුත් අවශ්‍යයි. හිරු එළියෙන් Ph අගය වැඩි සබන් වලින්
වගේම ක්ලෝරිනිකෘත ජලයෙන් සමට වන හානිය ඉතා වැඩියි.
මේ විෂ ද්‍රව්‍ය නිසා හානිවූ සම යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාවක්
තිබෙන ස්වභාවික ද්‍රව්‍යයක් තමයි ඔලිව් තෙල්. අධික උණුසුම, වායුසමීකරණය කරන
ලද පරිසරය, විදුලි පංකා වලට නිරාවරණය වන ඔබේ සම ඉතා වියළි තත්ත්වයේ
පවතිනවා.
මේ වියළි සමට අවශ්‍ය තෙතමනය ලබා දීමට ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා. හානි වූ කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ඔලිව් තෙල් වලින් ලැබෙනවා.
විශේෂයෙන්ම ඉස්හොරි තිබෙන හිසකට ඔලිව් තෙල් අගනා ප්‍රතිකර්මයක්. ඒ සදහා
සතියකට වරක් නෑමට පෙර ඔලිව් තෙල් හිසේ ආලේප කර උණුසුම් කල තුවායකින් පැය
භාගයක් පමණ හිසකෙස් පිරිමැදීමෙන් ඉස්හොරි වලින් මිදීමට ඔබට හැකියාව
ලැබෙනවා.
වියළි සමට ඔලිව් තෙල් ආලේප කිරීම ඔබට කල හැකියි.
නමුත් දැනට වෙළඳපොළේ තිබෙන ඔලිව් තෙල් වල ඇත්තේ පිරිසිදු ඔලිව් තෙල්ද
යන්න ගැටළුවක්. ඒ නිසා නිෂ්පාදන තෝරා ගැනීමේදී තත්වයෙන් උසස් ඔලිව් තෙල්
වර්ගයක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. නැතිනම් මිශ්‍ර කරන ලද
අනෙකුත් ද්‍රව්‍ය නිසා ඔබට වෙනත් සමේ ආසාදන ඇතිවන්නටත් පුළුවන්.
Wmqgd .ekSu taIshka