Beauty
වියපත් වන මුහුණට තරුණ පෙනුම ලබාදීමට ස්වභාවික දේශීය ඔසුවක්..........
අවුරුදු 30න් පසු වියපත් වන මුහුණට තරුණ පෙනුම ලබාදීමට ස්වභාවික දේශීය සම්බාහන ක්‍රමයක්
- අවශ්‍ය ද්‍රව්‍ය
- එ~රු කොළ
- ඔලිව් තෙල් හෝ තල තෙල්
- ගස්ලබු යුෂ
- දෙහි යුෂ
පළමුව ගස්ලබු යුෂ හා දෙහි යුෂ එක් කර මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගන්න. උතුරන වතුර භාජනයකට එ~රු කොළටික දමා මද වෙලාවක් තම්බා ගන්න. ඉන්පසු තැම්බූ එ~රු කොළ ටික පිටතට රැගෙන කොළයේ අතුළු පැත්ත මුහුණ මතට සිටින සේ විනාඩි 3ක් පමණ හොඳින් මුහුණ තවන්න. ඉන්පසු විනාඩි 5ක් පමණ මුහුණ නිදහස්ව තබන්න. ඉන්පසු ඔලිව් තෙල් හෝ තල තෙල් දෙකින් ඔබ කැමති තෙල් වර්ගයක් අල්ල මතට වත්කර දෙඅත්ල හොඳින් පිරිමැද තෙල් තැවරුණු දෑත් මුහුණේ උඩු අතට ගෙන යමින් විනාඩි 2 - 3ක් පමණ වෙලාවක් මුහුණ හොඳින් සම්බාහනය කරන්න.
ඉන්පසු දෙඅත් එකිනෙක හොඳින් පිරිමැද ඇස් දෙක වැසෙන සේ දෙඇඟිලි තබන්න. මේ ආකාරයට තුන් වතාවක් පමණ දෙඅත් දෑස් මත තබන්න. ඉන්පසු තෙත පුළුන් කැබලි දෙකක් ගෙන දෑස් මත තබා විනාඩි 10ක් පමණ නිදහසේ සිටින්න. ඉන්පසු මද රස්නය ඇති වතුරෙන් මුහුණ සෝදා තෙත මාත්තු කරන්න. පැය 3ක් වත් යනතුරු නැවත මුහුණ සේදීම නොකළ යුතුයි. දිනක් පමණ යන තුරු අධික හිරු එළියට නිරාවරණය වීම, සබන් යොදා මුහුණ සේදීම නොකළ යුතුය.
සුන්දර මුහුණක හිමිකාරියක් වීමට මෙය අනුගමනය කරන්න.
pasanliya.net
(under the courtesy of goodhousekeeping.lk web)