Life
වැඩිහිටියන්ට මව් කිරි අගුණයි
දරුවන්ට උපතේ සිට මාස හයක් දක්වා අවශ්‍ය සියලු පෝෂණ අවශ්‍යතා මව් කිරි වලින් ලැබෙනවා.
මේ මතය තව දුර ගෙන යමින් දැන් මව් කිරි වෙළඳ පොළක් ඇති වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙසේ මව් කිරි මිලට ගන්නේ දරුවන් සඳහාම නොවීමයි.
දරුවන්ට මව් කිරි වලින් ලැබෙන වාසි සහගත තත්වයන් සලකා බලමින් එවැනි පෝෂණයක් බලාපොරොත්තුවෙන් වැඩිහිටියන් මව් කිරි මිලදී ගෙන බොන්නට මෑතක සිට හුරු වී තිබෙනවා.
මෙසේ මව් කිරි වෙළඳාම් කරන මව් වරුන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරනවා. දියර තත්වයෙන්ම හෝ අධිශීතකරණයේ තබා මුදවන ලද ආකාරයෙන් හෝ විකිණෙන මව් කිරි පයින්ට් එකක් ඩොලර් 50 සිට 78 දක්වා මිලට අලෙවි වන බවයි පැවසෙන්නේ.
නමුත් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණ මාලාවක ප්‍රතිපලයක් වශයෙන් වෛද්‍යවරුන් කියාසිටින්නේ දරුවන්ට ලැබෙන වාසි කිසිවක් මව් කිරි නිසා වැඩිහිටියන්ට ලබා ගත නොහැකි වන බවයි.
එමෙන්ම ඔවුන් තව දුරටත් කියා සිටින්නේ මේ මගින් HIV, හෙපටයිටිස් වැනි බෝ වන රෝග පහසුවෙන්ම ශරීරගත වීමේ හැකියාවක් ඇති බවයි.
මව් කිරි වෙළඳාමේ යෙදෙන මව් වරුන් තමා එවැනි බෝ වන රෝග සඳහා පරිෂා කරවාගෙන ඇති බව පවසනවා. දැනට සිදු කරනු ලබන පරීක්ෂණ වලින් රෝගය අනිවාර්යෙන් නැති බව තහවුරු කිරීම කල නොහැකි බවත් එක පරීක්ෂණයකින් පමණක් කිසි සේත්ම විශ්වාස සහගත ප්‍රතිපලයක් ලබාගත නොහැකි බවත් වෛද්‍ය වරුන් කියා සිටිනවා.
මේ නිසා ඔවුන් වැඩිහිටියන් සඳහා නම් මව් කිරි නිර්දේශ කරන්නෙම නැහැ.
Wmqgd .ekSu taIshka