Life
වැඩිපුර කිරි බිව්වොත් අස්ථි දුර්වල වෙන බව ඔබ දැන සිටියාද?
අස්ථි වල ශක්තිමත් කම පවත්වා ගැනීම ඇතුළු නිරෝගී ජීවිතයකට අවශ්‍ය වන කාරනා බොහොමයකට කිරි ආහාර වැදගත් වන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම විවිධ අස්ථි ආබාධ ගැන කියමින් ඒවායින් මිදීමට කිරි බොන්නට කියා කියන වෙලඳ දැන්වීම් පවා ඔබ දැක ඇති.ඇත්තටම කිරි වල අඩංගු විටමින් ෘ සහ කැල්සියම් වලින් අස්ථි පද්ධතියේ යහ පැවැත්ම තීරණය වන බව සැබෑවකි.
නමුත් ඔබ දන්නවාද වැඩි පුර කිරි බොන එකත් හොඳ දෙයක් නොවන වග. ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැහැ කියනවානේ. අන්න ඒ වගේ කිරි වුනත් වැඩිපුර බිව්වොත් අස්ථි බිඳී යාමේ අවධානම වැඩි වන බව අලුත්ම පර්යේෂණ වලින් තහවුරු වී තිඛෙනවා.
මේ පිළිබඳව පර්යේෂණ පවත්වන ස්වීඩනයේ සරසවි මහාචාර්ය වරයකු වන කාල් මිකෙල්සන් මහතා පවසන පරිදි දිනකට කිරි විදුරු තුනකට වඩා වැඩි ප්‍රමාණයක් පානය කිරීම මගින් අස්ථි දුර්වල වී බිඳී යාම සිදු වෙනවා.
මෙය දරුණු අස්ථි ආබාධ සහ හදිසි අස්ථි බිඳීම් වල සිට මාරාන්තික රෝග තත්ත්ව සඳහාත් හේතු විය හැකි බව කියවෙනවා.කිරි වල අඩංගු වන විටමින් ෘ සිරුරේ බහුලව තැන්පත් වීම නිසා මේ තත්වය ඇති වන බව ඔවුන් සොයා ගෙන තිඛෙනවා. පිරිමින්ට වඩා මේ අවධානම කාන්තාවන්ගේ වැඩි බවත් ඔප්පු වී තිඛෙනවා.වෛද්‍යවරුන්ගේ මතය අනුව ආතරයිටිස් වැනි රෝග සඳහාත් වැඩිපුර කිරි බිම හේතුවක්.
එමෙන්ම ඔවුන්ගේ නිර්දේශය වන්නේ දිනකට යොදය සහිත කිරි විදුරු ප්‍රමාණය තුනකට අඩු විය යුතු බවයි. කිරි වෙනුවට යෝගට් හෝ චීස් භාවිතයත් ඔවුන් අනුමත කරනවා.ඉතින් ඔබත් වැඩි හොඳට කියලා වැඩිපුර කිරි බිලා ලෙඩ වැඩි කරගන්න එපා.
Wmqgd .ekSu u