Life
වැඩි වැඩ වැඩි ලෙඩ කාන්තාවනි බලාගෙනයි!
අද කාලේ පවතින ආර්ථික අපහසුතා පිළිබඳ සිතන විට නිවෙසේ සැමියා මෙන්ම බිරියත් රැකියාවක යෙදීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය හැකියි. ඒත් අප නොසිතන පැති කීපයක් මේ රැකියාවල නියැළීම නිසා ඇතිවන බවත් රහසක් නොවේ. ඉන් බොහෝ දෙනා දන්නා එක් කරුණක් වන්නේ මවත්, පියාත් ළඟ නොසිටීම නිසා දරුවන්ට ලැබිය යුතු ආදරය, රැකවරණය වගේම අවධානය සීමා වීමයි. ඊටත් වඩා වැඩි බලපෑමක් පවුලට ඇතිවන කරුණක් කාන්තාවන් වැඩි කාලයක් රැකියාවල නිරත වීම නිසා ඇති වන බව ඔහියෝ විශ්වවිද්‍යාලය දැන් හෙළිදරව් කරගෙන තිබෙනවා.
මෙය රැකියාවේ යෙදෙන පිරිමි සහ කාන්තා පිරිස් 12000ක් පමණ යොදාගෙන 1979 සිට මේ දක්වා වසර 32ක් පමණ පුරා කළ පර්යේෂණයක්. ඒ පිළිබඳ විස්තර කියන්න පෙර අප සිතිය යුතු කරුණක් ගැනත් බිඳක් මතක් කර ගනිමු.
අප රැකියාවකට යන්නේ ඇයි? හොඳ වැටුපක් ලබාගෙන, හොඳින් ගෙයක් දොරක් තනාගෙන, දරුමල්ලන් පෝෂණය කර උගන්වා යහපත් දිවියක් සතුටින් ගෙවන්න කියා මම කීවොත් ඔබ එකඟ වෙනවා ඇති. ඒත් රැකියාවට යොමු වූ පසු අපට සිදුවන්නේ ඒ අරමුණු පසෙක තබා රැකියාවේ වගකීම් කෙරෙහි වැඩි අවධානයක්, කාලයක් යොදවන්නයි. ඒ කැපවීම වෘත්තීයමය වශයෙන් හොඳ වුවත් රැකියාවක් කිරීමෙන් ඔබ ළඟා කරගැනීමට බලාපොරොත්තු වූ පවුලේ අරමුණු එයින් ඉටුවනවාද? ඊට අමතරව අප කියන්නට යන පර්යේෂණයේ කරුණු කියවූ පසු ඔබ ඔබේ ජීවිතය වඩාත් සමබරව ගෙන යෑමටත්, ඔබේ සේවය සහ ඔබේ පවුලේ සතුට එක ලෙස තබා ගැනීමටත් ධනාත්මක අයුරින් මේ කරුණු යොදා ගනියි කියා සිතනවා.
දිනකට අප සාමාන්‍යයෙන් වැඩ කරන්නේ පැය 8ක කාලයක්. ඒත් ඒ ආකාරයෙන් සතියට පැය 40 බැගින් වුණත් එකදිගට දශක තුනක් වැඩ කළොත් කාන්තාවන්ගේ ආයු කාලය ඉක්මනින්ම හමාර වෙන බව තමයි පර්යේෂකයන් කියනනේ. පැය 60ට අධික කාලයක් මෙසේ වැඩ කළ හොත් පිළිකා, හෘදයාබාධ, ආතරයිටීස් සහ දියවැඩියාව ඇති වීමේ අවදානම තුන් ගුණයකටත් වඩා වැඩි වෙන්න ඉඩ තිබෙනවාලු. මේ පර්යේෂණ ප්‍රතිඵල අනුව එයට සහභාගී වූ පිරිසෙන් සියයට 72කට වඩා පැය 40ට සීමා නොවූ අතිකාල සේවයේ යෙදෙන්නන් වූ නිසා විශාල වශයෙන් සෞඛ්‍ය ප්‍රශ්නවලට ගොදුරු වූ බවත් පර්යේෂණයේ ප්‍රධානී මහාචාර්ය ඇලර්ඩ් ඩෙම්බෙ කියා තිබෙනවා. ඔහු එය 'ජර්නල් ඔෆ් ඔකියුපේෂනල් ඇන්ඩ් එන්වයමන්ටල් මෙඩිසීන්' නම් සඟරාව මඟින් මහජනයා වෙත දැනුම් දෙන්නත් කටයුතු යොදා තිබුණා.
ඔහුගේ වචනයෙන්ම එය සඳහන් කළොත් මෙසේයි
Wmqgd .ekSu is