Life
වයසට ගියාමත් හොඳට ඇස් පේන්න මිදි කන්න
ලෝකය පුරා වැවෙන වැවෙන හැමෝම කැමති පළතුරක් තමයි මිදි. මිදි නැවුම් පළතුරක්
ලෙස වගේම වයින් සහ වෙනත් බීම වර්ග නිෂ්පාදනයටත් යොදා ගන්නවා.
මිදි
වර්ග අතුරින් තද පැහැයෙන් යුත් මිදි ගුණයෙන් වැඩි බව විද්‍යාඥයින් පවසනවා.
රතු මිදි යුෂ පානයෙන් ඇස් පෙනීම දියුණු වෙන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය
මිලන් පාන්ඩේ විසින් සිදුකල පර්යේෂණයකින් තහවුරු වුනා.
මිදි ගෙඩි
වල පොත්තේ ඇති සංඝටක නිසා වයසට යාමේදී දුර්වල වන ඇස හා සම්භන්ධ කුඩා පේශි
වලට අමතර පෝෂණයක් ලබා දෙමින් ඒවා නැවත පණ ගන්වන බව ඔප්පුවී තිබෙනවා.
මිදි
යුෂ හා මිදි ගෙඩියේ අඩංගු පොලිපිනෝල් නම් රසායනික සංඝටකය මෙසේ පේෂි
වියපත්වීම වැළැක්වීමට වගේම ඇසේ රුධිර නාළ වල යහ පැවැත්මටත් වැදගත් වෙනවා.
එමෙන්ම
රතු මිදි යුෂ පානය කිරීම මගින් සිරුරේ මේද දහනය සිදුවන බව ඔරිගන්
ප්‍රාන්තයේ විද්‍යාඥයින් පිරිසක් සොයා ගත්තා. සමේ පැහැපත් භාවය වැඩිකර
ගැනීමටත් පිළිකා වලට ප්‍රතිරෝධක සංඝටක ශරීරයට ලබාදීමටත් මිදි වලට ඇති
හැකියාව කිසිම පළතුරකට දෙවනි වන්නේ නැහැ.
කෙසේ නමුත් මිදි කියන්නේ
දියවැඩියා රෝගීන්ට නම් ආහාරයට ගැනීමට සුදුසු පළතුරු වර්ගයක් නොවේ.
සාමාන්‍යයෙන් පළතුරු වල අඩංගු වන්නේ ෆ්රක්ටෝස් උනත් මිදි වල තිබෙන්නේ
සුක්රෝස්.
මේ නිසා දියවැඩියා රෝගීන්ගේ ලේ වල සීනි ප්‍රමාණය
ක්ෂණිකව ඉහළ දැමීමට මිදි වලට පුළුවන්. එවැනි අසනීපයක් නැතිනම් මිදි ආහාරයට
ගැනීම ඉතාමත් යෝග්‍යයි.
Wmqgd .ekSu taIshka