Health
වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් ව්‍යායාම් සදහා අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ ඇයි
වයස අවුරුදු 30 ඉක්මවා වූ කාන්තාවන් දිනපතා ව්‍යායාම් සදහා යොමු නොවන්නේ නම් ඔවුන්ට හෘද්‍යාබාධ වැළදීමේ වැඩි අවදානමක් ඇත
ඔබේ ජීවිතය ඉහල තලයකට නැංවීම සදහා කල යුතු සරල ක්‍රියාකාරකම් ඇතග එය ව්යායාමයයිග බොහෝ අයට තරුණ බවේ අගය දැනෙන්නේ වයසට ගිය විටයග ව්‍යායාම් නොකිරීමෙන් වයස අවුරුදු 40 වන විට ඖෂධ මත යැපෙන්නට සිදු වන බව අද වන විට සොයා ගෙන ඇතග එම නිසා සෑම දිනකම සුළු හෝ වෙලාවක් තුල ව්‍යායාම් වල යෙදීම වැදගත් වේග වයස අවුරුදු 30 පසු කරන තරුණ තරුණියන් විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ බැලු විට කායික යෝග්යයතාවයෙන් 10්‍රක් අඩු වන බව තහවුරු කර ගෙන ඇතග
ඉහල විධායකයන්ල ලෝක නායකයන් සහ අනෙකුත් විශිෂ්ඨ ජයග්‍රාහකයින් සියලු දෙනාටම පොදු ලක්ෂණයක් ඇතග දිනපතා ව්‍යායාම් කිරීමෙන් තමා සතු අපුර්ව බලය වර්ධනය කර ගත හැකි බව ඔවුන් විස්වාස කරයිග ඔබ කොතරම් කාර්ය බහුල වුවත් ව්‍යායාම් කිරීමට කාලයක් වෙන් කර ගන්නග
යම් දෙයක් තමන්ට අවශ්‍ය කරනවා නම් එය ලබා ගැනීමට කාලය කළමනාකරණය කර ගැනීම තමයි බුද්ධිමත් මිනිසාගේ වගකීමග ඒ අනුව තමන් උත්සහා කරන ඉලක්කය වෙත ලගා වෙන්න පුළුවන්ග යම් අයෙක් බොහෝ කාලයක් ව්‍යායාම් කොට කාලයක් ගොස් එය අත්හැර දමන්නේ නම් එය ව්‍යායාම් නොකළ පුද්ගලයාට වඩා අවධානම් වේග එයට හේතුව වන්නේ කාලයක් පුරා ව්‍යායාම් සිදු කොට එය තම සිරුරට හුරුකොට තිබීමයිග ව්‍යායාම් කල අයෙකුගේ සිරුර කැලරි දහනයට හොදින් හැඩ ගැසී තිබෙනවාග නමුත් ඔවුන් එම ක්‍රියාවලි වලින් ඉවත් විමේ දී හැඩ ගැසී තිබුන සිරුර ගැටලුවකට මුහුණ දෙනවාග එවිට සිදු වන්නේ ලබා ගන්න කැලරි දහන නොවී අහිතකර මේදය ලෙස තැන්පත් වීමයිග
කිසිදු ව්‍යායාමයක නොයෙදෙන පිරිසගේ තරුණ බව වේගයෙන් පිරිහීමකට ලක් වී තිබෙනවාග වයස අවුරුදු 30 ඉක්මවා වූ කාන්තාවන් දිනපතා ව්‍යායාම් සදහා යොමු නොවන්නේ නම් ඔවුන්ට හෘද්‍යාබාධ වැළදීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවාග මෙය පවුල් සංස්ථාවට ද ප්‍රබල බලපෑමක් එල්ල කරන්නේයග එයට හොදින් මුහුණ දෙන්නට නම් තම සිරුර ක්‍රියාශීලී කල යුතුයිග එකවර තම දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට නොහැකියග එවිට ව්‍යායාම් වෙනුවෙන් කැප කල යුතු කාලය ඊලග දිනයේදී ක්‍රමයෙන් වැඩි කර ගත හැකියග දිනපතා ව්‍යායාම් වලින් ඔබට ලැබෙන වාසි කිහිපයක් සදහන් කරනවානම්ල
01 දුෂ්කරතා විද දරා ගැනීමට ඇති ශක්තිය සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වීමග
02 සාමාන්‍යයෙන් තරුණ බව හා බර වර්ධනය වේග
03 මාංශ පේශි ශක්තිමත්ව වර්ධනය වේග සිත් ඇද ගන්නා සුළු සිරුරක් ඇති කර ගත හැකියග
04 ලිහිල්ල ශාන්ත මානසික භාවයක් පිටතට ප්‍රදර්ශනය වේග
05 ලෙඩ රෝග අඩු සහ උසස් ඵලදායිතාවයක් අත් කර ගැනීමග
06 පිඩනයට සහ සංකාවට දක්වන විශිෂ්ට ප්රතිරෝධයග
07 වඩා වැඩිපුර උද්යෝගය සහ විශ්වාසය ඇති වේග
අනෙක් සියලුම මුලධර්මයන් ක්‍රියාත්මක කරනවාට වඩා නිරෝගී කයක් නිර්මාණය කර ගැනීමල සජීවී ප්‍රබෝධමත් ජීවිතයකට අත්‍යවශ්‍යයග ඒ සදහා මිලක් නොයයිග ඒ පිලිබදව නිවැරදි ආකල්පයක් ඔබ තුල ගොඩ නැගුනොත් එය පුදුමාකාර විනෝදජනක කාර්යයක් වනු ඇත
curtesy :
womanly.lk