Life
වතුර අඩුවීමෙන් ඇතිවෙන ප්‍රශ්න 13ක්
වතුර කියන්නේ ජීවිතයේ අමෘතය කිව්වොත් හරියටම හරි. එහෙම කියන්න ප්‍රධාන හේතුව වෙන්නේ වතුරවලින් බොහෝමයක් ප්‍රයෝජන තියෙන නිසා වගේම කිසිම අතුරු ප්‍රතිඵලයක් නොතිබීම නිසයි. වතුර වීදුරුවක් පානය කිරීම තුළින් ශරීරයේ රෝග රැසක් සුවවෙනවා. අත්‍යවශ්‍ය ප්‍රමාණයට වතුර පානය නොකිරීම තුළින් ශරීරයේ සිදුවන සිදුවීම් 13 මෙලෙස පෙන්වා දීමට පුළුවන්.
01. නිතරම මුඛය වියළිම විජලනයේ ප්‍රධාන සංකේතයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සඳහා තියෙන හොඳම විසඳුම තමයි වතුර බෝතලයක් ළඟතබා ගෙන පිපාසය ඇති වූ විට පානය කිරීම. ඒ වගේම මතක තියාගන්නම ඕන දෙයක් තමයි සමහර ඔෟෂධයන් නිස මුඛය වියළීමට ලක්වෙනවා. උගුරේ තිබෙන ශ්ලේෂ්මල තුනී හම තෙත ගතියකින් තැබීමට ජලය ස්නේහයක් ලෙසත් කටයුතු කරනවා.
02. විජලනයේ තවත් එක් සංකේතයක් ලෙස දැක්වීමට වියළි සම දක්වන්න පුළුවන්. මෙම නිසා අඩුවශයෙන් දහදිය දැමීම යන විශාල ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙනවා. වැඩිපුර ජලය පානය කිරීමට නිරතුරුව යොමු වුවහොත් එමඟින් සම සුමුදු කර ගන්න පුළුවන්.
03. හිසරදය සමඟ ඇතිවන වේදනාවන් විජලනයට අතවනනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අපේ ශරීරයේ ජලය අඩු නිසයි. වැඩි වශයෙන් වතුර පානය කළොත් ඔබට හිසරදයෙන් පවා මිදෙන්නට පුළුවන් වෙනවා.
04. ඔබගේ මුත්‍රා තද පැහැයකින් යුක්ත වෙනවා නම් ඔබ විජලනයෙන් පෙළෙනවා. ඔබ මුත්රාවල පැහැය පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා නම් එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මැන ගැනීමට රුකුලක් වෙයි. වැඩිපුර වතුර පානය කිරීමෙන් මුත්රාවල පැහැය ලා පැහැ වෙනවා.
05. ඔබගේ ඇස් ලේ පිරුණු ස්වභාවයකින් දිස්වේ නම් එයද විජලනයේ සංඥාවක් වෙනවා. මෙමඟින් ඇස්වලට හානි වීමක් සිදුවෙනවා. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා නිතරම වතුර පානය කිරීම සුදුසු වෙනවා.
06. නිතරම බඩගිනි දැනීම බඩගින්නම වෙන්නේ නෑ. ඒ තුළ පිපාසයත් ඇතුළත් වෙලා තියෙනවා. නිතර නිතර බඩගිනි දැනීමත් විජලනයේ එක් රෝග ලක්ෂණයක් වෙනවා. ඔබ කිසියම් සුළු ආහාරයක් ලබා ගන්නා විට ඊට පෙර වතුර වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වෙයි.
07. වතුර අඩුවෙන් පානය කිරීම තුළින් අලස බව හා අධික නිදිමත හටගැනීම සිදුවෙනවා. මෙමඟින් ජලය ශක්තිය බවට පරිවර්තනය කිරීම සෙමින් සිදු වෙනවා. ඔබගේ ශරීරය නිවැරැදි ලෙස සමබරව තබා ගැනීමට නම් වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදු කරන්න වෙනවා.
08. නිතර නිතර හද ගැස්ම වැඩවීමත් ශරීරයට අවශ්‍ය ජලය නොමැති වීම නිසා ඇතිවෙන තත්ත්වයක් ලෙස පෙන්වා දෙනවා. අවම වශයෙන් දිනකට වතුර වීදුරු 8ක් පමණ පානය කිරීමට පුරුදු වීම වැදගත් කරුණක් වෙනවා.
09. අවශ්‍ය තරමට ජලය ශරීරයේ නොමැති වීමෙන් අප නිතරම පිපාසයෙන් පෙළෙනවා. මේ සඳහා තිබෙන පහසුම විසඳුම තමයි නිතරම වැඩි වශයෙන් වතුර පානය කිරීම.
10. ඔබගේ මාංසපේෂීන් තුළ වැඩි වශයෙන්ම වතුර අඩංගු වෙනවා. ඔබ වතුර අඩුවෙන් පානය කිරීම නිසා ඔබගේ මාංස පේෂීන් අඩුවීමට ලක්වෙනවා. කිසියම් කාර්යයන් සිදුකිරීමට පෙර, සිදුකරන අතරතුර හා සිදු කිරීමෙන් පසුව ජලය පානය කිරීම නිසා දහදිය දැමීම මෙන්ම මාංස පේෂීන් තුවාල වීමත් වැළකෙනවා.
11. අපේ ශරීරයේ තියෙන විස දේවල් වගේම අවයව අක්‍රිය වීම නැතිකරලා දාන්න වතුරවලට පුළුවන් වෙනවා. ශරීරයේ ක්‍රියාකාරිත්වය මනා ලෙස පවත්වා ගන්න වතුර ඉන්ධනයක් ලෙස භාවිත කිරීම සිදුවෙනවා. එමනිසා ඔබට වැළඳෙන රෝගය සහ අනෙකුත් විවිධ ගැටලු සමඟ සටන් කිරීමට ජලයට හැකියාව තිබෙනවා.
12. ඉක්මනින් වයසට යෑමට මුල පුරන එක් කාරණයක් විදියට ශරීරයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නොමැති වීම දක්වන්න පුළුවන්. ඔබට වයසට යෑම මඟහරවා ගැනීමට නම් සිදුකළ යුතු වන්නේ වැඩිපුර ජලය පානය කිරීම පමණයි.
13. වතුර ප්‍රමාණවත් පරිදි පානය නොකිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමත් වී මල බද්ධය ඇති වෙනවා. නිතරම වතුර බොන්න පුළුවන් නම් මේ තත්ත්වය මඟහරවා ගැනීමට එය කදිම විසඳුමක් වෙනවා.
Wmqgd .ekSu u